අපට කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ පිහිට ය!

Posted on May 18, 2010



සමරන්නට තිබුනේ අද ය. ඒත් වැස්ස වලාහක දෙවියන් ඊට හරස් වී තිබේ.

ඒ වුනාට මෙහෙම ජයක් නොසමරා බැරි ය.

ඒ නිසා ම අපට මෙහිදී කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් මතක් වීම නොවැළැක්විය හැකි ය. සෝමාවතිය අභියස එතුමන්ගේ සත්‍ය ක්‍රියාවෙන් වැස්ස නොවැටී බේරුණු බව අපි මෑතකදී ඇසුවෙමු. එතුමන් සතුව ඒ ආශිර්වාද ශක්තිය අදත් පවතිතැයි සැකයක් අපට නැත.

අලුත් නිදහස සමරන්නට බැරිවුනොත් විනාශ ය. අලුගුත්තේරු බ්ලොග් කාරයින් දෙවියන් පවා අපට එරෙහිව ගියේ යැයි පැදුරු ගනන් බ්ලොග් ලියන්නට පුලුවන. ඒ නිසා වදින්නම් හාන්දුරුවනේ, ඇවිත් මේ අසරණ ගැත්තහුහට පිහිට වෙන්න ය.

දේවෝ වස්සතු කාලේන
සබ්බ සම්පත්ති හේතුච
භීතෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ
Posted in: Uncategorized