හැමදාමත් අපට තිබුන ප‍්‍රශ්නය නැවතත් මතු වී තිබේ. අප කොපමණ දිය යුතු ද කොපමණ තියා ගත යුතු ද? අවතැන්වූවන් නැවත පදිංචි කිරීම කොපමණ ඉක්මණින් කළ යුතු ද කොපමණ ප‍්‍රවේශමෙන් කළ යුතු ද? යුද්ධය කාලේ දමා ගත් බාධක පොලූ කොපමණ තබා ගත යුතු ද? කොපමණ ඉවත් කළ යුතු ද? යුද්ධය කාලේ පැන වූ තහංචිවලින් කවර ඒවා […]
June 29, 2009
අප වෙත නිරන්තරයෙන් එල්ල කරන චෝදනාවක් ඇත. ඒ අප ඍණාත්මක බව ය. ධනාත්මක නොවන බව ය. අඩුපාඩු පමණක් දකින බව ය. වැරදි පමණක් පෙනෙන බව ය. පළමුව කිව යුත්තේ මේ බ්ලොග් අඩවියේ අරමුණම අපට අප ගැන සිනහසීමට අවස්ථාවක් දීම බව ය. ඒ නිසාම අප විසින් අපේ මුග්ධ ක‍්‍රියා හෙලිදරව් කළ යුතුව තිබෙන බව ය. එය […]
June 28, 2009
නැති බැරි කම අපේ සමාජයේ අනුකම්පාව ලැබීමට සුදුසු කමෙකි. එය අපේ අවාසනාව ය. ඇති හැකි අය පවා ඒ නිසා කැමැත්තක් දක්වන්නේ තමන්ට නැතැයි කීමට ය. ඇති හැකි දේ සගවා ගෙන මුළු වැදීමට ය. එක් විදිහකට නැත්නම් තවත් විදිහකට සමාජ අනුකම්පාව දිනා ගැනීමට ය. සල්ලි සම්බන්ධයෙන් නොව තමන්ගේ හැකියාවන්ගෙන් ද එළිපහලියට නොපැමිණ මුළු වැදී සිටීම නිසා […]
June 27, 2009
සරසවි ප‍්‍රවේශය සඳහා විභාග ලකුණුවලට අමතරව විශය බාහිර ක‍්‍රියාකාරකම් සඳහා ද ලකුණු දෙන ක‍්‍රමයක් ඇති කිරීමට යෝජිත ය. එය හොඳ යෝජනාවකි. පොතේ ගුරන් විතරක් තනන අධ්‍යාපන ක‍්‍රමයක් වෙනුවට සම්පූර්ණ මිනිසුන් බිහිකරන අධ්‍යාපන ක‍්‍රමයක් ගොඩ නැගීමට කරන උත්සහය කොහොමටත් හොඳ ය. එහෙත් ප‍්‍රධාන ප‍්‍රශ්නය තවදුරටත් ඉතිරි වනු ඇත. දරුවන්ගේ ආතතිය තවදුරටත් වැඩි දියුණුවනු ඇත. දැන් පොත්පත්වලට […]
June 26, 2009
පාසල්වල නීති තිබේ. මේවා තිබෙන්නේ කුමකට ද? කියන්නේ නම් ලමුන් තුළ විනය ඇති කිරීමට බව ය. එහෙත් භාවිතයේ දී පෙනෙන්නේ ඒවා පවත්වා ගැනීමේ යටි අරමුණ පාසලේ බලය ඇත්තේ කාටදැයි පෙන්වීමට බව ය. කොණ්ඩය බොහෝ සෙයින් වවා ගෙන පාසලට පැමිණිම යහපත් නැත. එහෙත් කොණ්ඩය පිළිබඳ නීති රීති පවත්වාගෙන යන උදවිය කොණ්ඩය තරමක් වැවී ඇති (වවා නොව […]
June 25, 2009
සරසවිවල මින්මතු බාහිර අය සමග සම්බන්ධව පවත්වන උත්සව තහනම් කරමින් ද අභ්‍යන්තර උත්සවයක් පැවැත්වෙන්නේ නම් එවැන්නක් එක් දිනකට සීමා කරමින් ද පනවා ඇති නීතින් දෙකක් ප‍්‍රතිපාදන කොමිසම විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ. අපේ ඊනියා බුද්ධිමතුන්ගේ බුද්ධියේ වපසරිය පෙන්නුම් කිරීමට මෙය මනරම් අවස්ථාවකි. කැළණිය සරසවියේ බාහිර කලාකරුවන් ද සහභාගී කරගෙන උත්සවයක් පැවැත්විණි. එය දින කිහිපයක් තිස්සේ […]
June 24, 2009
සිංහල ජනගහණය වැඩි දියුණු කිරීමට කළ යෝජනාවේ විකාර සහගත භාවය ගැන අප ලියූ බ්ලොග් සටහනට අපට ලැබුණු එක් ප‍්‍රතිචාරයකින් කියවුනේ ඔය බණ සිංහලයන්ට කියන්නට කලින් වතුකරයේ දෙමළුන්ට ත් මුස්ලිමුන්ටත් කියන ලෙස ය. අප මේ පිළිබඳව කලින් ලියූ සටහනක සියයක් නිසරු පුතුන් ලබනවා ට වඩා ගුණ නැණ බෙලෙන් එක පුතකු ලැබීම වැදගත් බව සඳහන් කළෙමු. එවැනි […]
June 23, 2009
අප (සිංහල ජනතාව) වෙනස් නොවුනහොත් ඊළග දමිළ නැගිටීමට නායකත්වය දෙනු ඇත්තේ ප‍්‍රභාකරන් කෙනෙකු නොව තුවක්කුවෙන් පැරදවිය නොහැකි ගාන්ධි කෙනෙකැයි කෘතහස්ත ජනමාධ්‍යවේදියෙකු වන 87 හැවිරිදි එස් පියසේන මහතා සති අන්ත පුවත්පතකට ප‍්‍රකාශ කළැයි කියා තිබුනේ ලංකාඊනිවුස් වෙබ් අඩවිය යි. දැන් හොම්බෙන් යන්නට දී තිබෙන බැවින් ද නැවත එන නැගිටීමක් නියපොත්තෙන්ම කඩා දමන්නට සපථ කර ඇති බැවින් […]
June 22, 2009
පහත දැක්වෙන්නේ මේ දිනවල මහත් පරිශ්‍රමයෙන් ගොඩ නගන්න හදන රටේ ස්වභාවය, මතු කෙසේ විය හැකි දැයි යන්න දැන ගත හැකි දත්ත සමූහයකි. පිළිවෙල රට ජනගහණ වර්ධනවේගය ඇස්තමේන්තු වසර 1 Niger 7.75 2009 est. 2 Mali 7.29 2009 est. 3 Uganda 6.77 2009 est. 4 Afghanistan 6.53 2009 est. 5 Somalia 6.52 2009 est. 6 […]
June 21, 2009
ඉස්සර රජයේ පත්වීම් පිළිබද ලිපිය අප ලබා ගත්තේ තැපැල් පියුන් අතිනි. දැන් ඒ ලිපි අප අතට පත් වන්නේ එක්කෝ ඇමැත්තන්ගේ නැත්නම් ජනාධිපතිගේ ගෞරවනීය දෑතෙනි. ඒ කාලයේ පත්වීම් ලිපි ලබා ගත් අවස්ථාවේ දණ ගසා වදින්නට අපට සිදු වූයේ නැත. දැන් බොහෝවිට දණ ගසා වදිනු දක්නට ලැබේ. ඒ කාලයේ පත්වීමක් ලබා ගැනීමට අවශ්‍ය වුයේ සුදුසුකම් ය. දැන් […]
June 30, 2009
22