රටේ මෙතෙක් පැවති ප්‍රධාන ප්‍රශ්න දෙකක්ම 2010 වසරේ විසදා ගැනීමට ලැබීම රටක් හැටියට අප ලැබූ අතිවිශාල ජයග්‍රහණයක් ලෙස සැළකිය හැකි ය. ඒ නිසාම නව වසර අලුත් බලාපොරොත්තු අපේක්ෂා ඇතිව ආරම්භ කළ හැකිව තිබේ.
එකක් නම් ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට ගත් තීන්දුව ය. අනෙක සිලෝන් යන නම වෙනුවට සියලු ආයතන ශ්‍රී ලංකා ලෙස නම් කිරීමට ගත් තීන්දුව ය.
ඉතාම දේශප්‍රේමී යැයි කිව හැකි ඒ තීන්දු දෙක නිසා මෙතෙක් අපට අහිමිව තිබූ උරුමය නැවත ලැබුනේ යැයි සතුටු සිතින් හා අතිමහත් ප්‍රීතියෙන් යුතුව නව වසර පිළිගැනීමට දැන් ලක ලෑස්ති විය හැකි ය.මෙච්චර ලේසියෙන් විසදගන්න පුලුවන් ප්‍රශ්න දෙකකට මෙච්චර කල් ගියේ අහවල් මගුලක් නිසා දැයි කාට හරි කොචොක් කළ හැකි ය. පහුවෙල හරි කළ එක මදි ද?
ඒ වුනාට පොඩි පරහකට ඇත්තේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයින් අප එසේ සමරනවාට අකමැති වීම ය. උන් අපේ සැමරුමට වළ කැපීමට ඉදිරිපත් ව තිබීම ය.
ඒ උතුරේ අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙකුගේ ඝාතනයක් මහා ලොකු කර දැක්වීමෙනි. උන් කියන්නේ ඒ අධ්‍යක්ෂකවරයා සිංහලෙන් ජාතික ගීය ගැයීමට එරෙහිව කතා කළ නිසා ඝාතනය කළ බවකි. අප අසා තිබුනේ පවුලේ ආරවුලකට ඝාතනය වූ බව ය. එහෙව් එකක් මේ ජාතික ගීය පිටින් යවන්නේ කොටි ඩයස්පෝරාවේ වුවමනාවට මිස වෙන කෙංගෙඩියකට ද?
(අනිත් එක යුද්ධකින් දින්නාට පස්සෙවත් අපට අපට වුවමනා බසකින් ජාතික ගීයක් ගයන්නට බැරි නම් යුද්ධය දින්නේ අහවල් එකකට ද? අනේ මෙහෙමත් මෝඩයින් ඉන්නවා ද? අපේ රජතුමා දෙමළෙන් කතා කරන එකම මදි ද? එහෙව් එකේ ගීයත් දෙමළෙන් ගයන්නට ඔය හැටි දත කවන්නේ අහවල් දෙයකට ද?)
ඔය වගේ අවර ගණයේ චෝදනා නම් අපේ දේශප්‍රේමී ආණ්ඩුවට කීයක් නම් තිබුනේ ද? ඒවායින් එහි මයිලකටවත් අනතුරක් ඇතිකරන්නට උන්ට පුලුවන් වූයේ ද?
උන්ට ඕනෑ නම් ලසන්ත වික්රමතුංගගේ ප්‍රතිමාවක් හැදුවා සේ කොචොක් එකට අධ්‍යාපන අධ්‍යක්ෂකගේ ප්‍රතිමාවක් ද ඔස්ලෝ නුවර ඉදිකළ හැකි ය. ඉතින් අපට මොකද?
ඔයිට වඩා උඩ පැන ගෙන කීවත් ඔය එකද චෝදනාවකින්වත් අපේ ආණ්ඩුවවත් අපේ රටවත් හොල්ලන්නට උන්ට ඉඩ ලැබෙන්නේ නැත. ඉන්දියාවටවත් ඇමරිකාවටවත් බැරිවුන එකක් ඩයස්පෝරාව කරන්නේ කෙසේ ද?
ලෝකයා ඉගෙන ගන්නේ අපෙනි. උන්ට බැරිවුන ත්‍රස්තවාදය අපි අවසන් කර දැම්මෙමු. ඉතිරි ටිකත් අපට කජ්ජක් නොවන බව උන්ට කියා සිටින්නට ලක්ෂ ගණනක් කටවල් තිබේ. එහෙව් එකේ අපි කුමට සැලෙන්නෙමු ද?
කමු. නටමු. ප්රීතිවෙමු. ගයමු (ජාතික ගීය). නව වසර සතුටින් පිළිගනිමු. ලෝකයේ ප්‍රීතිමත්ම ජාතිය අප බව ලොවටම කියා පාමු.
ඔබ සැමට සුභ නව වසරක් වේවා. උන් ඉරිසියාවේ පැලුනාවේ.
sinhalamag
January 1, 2011
කතාව ඇත්ත. අලුත් අවුරුද්දේ හොද හොද සෙල්ලම් බලා ගත්තහැකි
sujeewa
January 1, 2011
හැමදාමත් කියන දෙයට වඩා වෙනස් දෙයක් අද මගෙන්. ඔබේ උපහාසය තුල සීරියස් වෙනවාට සමා වන්න.
ජාතික ගිය සිංහල පමණක් කල එක තරම් බුරු වැඩක් මේ ආණ්ඩුව කර නැත. බුරු වැඩක් පමණක් නොව එය අමන අසමජ්ජාති වැඩකි.
අනික සීන් එක නම් වෙන්න තිබ්බේ ගොඩක් කලින්.
හැබැයි ඉතින් කිව්වත් වගේ මෙව්වද පට්ට සීන්. වෙන වැඩ නැතුවට