October 30, 2010
අයින්ස්ටයින් ඊනියා දේශප්‍රේමය ශිෂ්ඨාචාරය විනාශ කරන්නට ආ වසංගතයක් ලෙස බැහැර කළේ මෙසේ කියමිනි. This topic brings me to that worst outcrop of herd life, the military system, which I abhor… This plague-spot of civilization ought to be abolished with all possible speed. Heroism on command, senseless violence, and all the loathsome nonsense that goes by […]
October 29, 2010
රස්සාවක් ලැබුනනම් පඩියකුත් ලැබුනනම් කෑව නම් බිව්ව නම් හොද ළමයි වගේ ගෙදර ගිහින් නිදා ගන්න. නිකම් ගෝරි බෝරි දාගන්නෙ නැතිව. හොදින් එනව නම් එහෙමයි. නිකම් කචල් එකෙන් ආවොත් නන්දිකඩාල් පාරක් දාන එක අපට සිම්පල්. ඔය ළමයින්ගේ අම්මල තාත්තලා කලුබෝවිල පැත්තෙ කැරකුනොත් කොදු කඩාගෙන තමයි ගෙදර යන්න වෙන්නෙ. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඒ නිසා දග නොකර […]
October 28, 2010
සරත් ෆොන්සේකාට නඩු පිට නඩු වැටි ඇත. ඉතිහාසයේ කවර සමයක වුව මුලු හමුදාවටම මෙහෙම අලුගේත්තුරුවෙකුට ඉද ඇත්තේ සරත් ෆොන්සේකා පමණ ය. නඩු වැටෙන විදිහට මුලු ලෝකයේ කිසිම හමුදාවක මෙහෙම අසම්මජාතියෙක් හිටියා නොවෙන්නට ද ඉඩ තිබේ. එයාට විරුද්ධව නීතිමය පියවර මෙසේ දිගින් දිගටම ගනිමින් තිබෙන්නේ ඒ නිසා ය. ඉවරයක් නැතිව නඩු දමන්නේ ඒ නිසා ය. ඒ […]
October 27, 2010
ලංකාවේ පශ්චාත් නිදහස් යුගය තුළ යුද රහිත පසුබිමක් තිබුනේ මුල් කාලයේ පමණකි. ඉන්පසු කැරලි හා යුද්ධ ද හදිසිනීතිය ද සාමාන්‍ය ජන ජීවිතය හා බැදුනේ නැවත ගලවා ගන්නට බැරි ලෙස ය. ඉතින් යුද්ධ රහිත වාතාවරණයක් පවත්වා ගැනීමේ අපහසුවක් අපට තිබේ. සරසවියේ කැකෑරෙමින් ද කකාරවමින් ද එලියට එන්නට හා එලියට ගන්නට දගලන්නේ ඒ රටට අත්‍යවශ්‍ය කැරැලිකාරිත්වය නොවේ […]
October 26, 2010
යුධ අපරාධ සම්බන්ධයෙන් මහජනයාගෙන් පැමිණිලි ලැබෙන්නේ නම් ඒවා පිළිගන්නට සූදානම් බවත් එහෙත් අසතුටට පත්ව සිටින ජාත්‍යන්තර හා උන්ගේ දේශීය ඒජන්තවරුන් ගෙනෙනා චෝදනා පිළිගන්නට තමන් සූදානම් නැති බවත් කෙහෙළිය රඹුක්වැල්ල කියයි. http://www.dailymirror.lk/index.php/news/7273-govt-ready-to-acknowledge.html ශ්‍රේෂ්ඨ අදහසක් බවට බැලූ බැල්මට පෙනෙන මේ ගොන් ප්‍රකාශය තුළ ඇති සැගවුනු අරුතක් තිබේ. ඒ මෙසේ ය. අප පිළිගන්නට ලෑස්ති ඒවාත් නැති ඒවාත් තිබේ. […]
October 25, 2010
අනුන්ගේ මගුල් හා දාන ගෙවල්වලදී තමන්ගේ අයට හිතේ හැටියට බෙදනා පුරුද්දක් ලංකාවේ බොහෝ දෙනෙකුට තිබේ. කෙසේ වුව ද මගුල් හෝ දාන ගෙවල්වල ගෙහිමියන්ගේ තීන්දුවලට පටහැනිව ගිහින් ඒවාට මායිම් නොකර බලහාත්කාරයෙන් බෙදන්නට ඉදිරිපත් වන්නන් ඒතරමටම නැත. එහෙත් ඉදිරියේදී තත්වය වෙනස් විය හැකිය. මගුල්ගෙදර මනමාලිට හා මනමාලයාට වෙන්කරන ලද දේ පමණක් නොව දානෙ ගෙදර සංඝික කරන ලද […]
October 24, 2010
පෝය දින උදේ පාන්දර 3 සිට ගෙවල්වල වැසියන් කූද්දමින් පානදුරේ සිට ගල්කිස්ස දක්වා කරන්නට යෙදුනු පොලිස් පරීක්ෂාව ගැන සමහරු නිස්කාරණේ මැසිවිලි නගති. රට දියුණු කරන්නට පොලීසියත් ආණ්ඩුව සමග එක්ව නිදිමරාගෙන මහන්සිවන අල්ල පනල්ලේ මහ රෑ තමන්ගේ නින්ද කැඩීම නිසා උරණව මේ දෙපාර්ශවයට දොස්කීම වැරදි ය. සමහරු දොස් කියන්නේ මෙසේ පාන්දර ගෙවල්වලට පොලීසිය පැමිණීමෙන් දෙන සම්ප්රදාය […]
October 23, 2010
ෆොන්සේකා හිරේ ගියේ යූ ඇන් පීයේ හා ජේවීපෙයේ වරදින් ය. ඒ සදහා ආණ්ඩුවවත් ෆොන්සේකාවත් වගකිව යුතු නැත. මෙහෙම නොකියනා කෙනෙක් ආණ්ඩු පාක්ෂිකයින් අතර නැත. පොලීසිය මාධ්‍යවේදීන්ට නෙළුවේ සරසවි ශිෂ්‍යයින්ගේ වරදින් ය. ඒ නැතිව පොලීසියේවත් පොලීසිය බාර ආණ්ඩුවේවත් වරදින් නොවේ ය. ඇත්තටම මෙය කෙතරම් ඇත්ත ද යත් සරසවි සිසුන් දිගින් දිගට මෙහෙම නාඩගම් නැටුවොත් ඉදිරියටත් මාධ්‍යවේදීන් […]
October 22, 2010
පාන්පිටි ත්රස්තවාදයට එරෙහිව හාල් පිටි මෙහෙයුමක් දියත් කරමින් විදේශ බලවේග පරාජය කරමින් දේශීය ආර්ථිකයක් ගොඩ නගා ගැනීම සදහා ආණ්ඩුව දක්වන උත්සහයට අපත් යමක් කළයුතු යැයි අපට සිතුනේ ය. ඒ විදින දුක ගැන හටගත් අනුකම්පාවත් අරමුණ ගැන ඇති වූ ශ්රද්ධාවත් නිසා ය. පාන් අධිරාජ්‍යවාදී වන තරමටත් වඩා ක්‍රිකට් අධිරාජ්‍යවාදී ය. පාන් අත්අරින්නට අමාරු නිසා 10% ක් […]
October 31, 2010
3