Browsing All Posts published on »May, 2010«

බාගෙට බාගයක් තරුණයෝ රට පනින්න බලා ඉඳිති

May 31, 2010

11

මැයි 24 දින ආණ්ඩුවෙ ඩෙලිනිව්ස් පුවත්පතේ පළවූ ප‍්‍රවෘත්තියකට අනුව මෙ රටෙ තරුණයින්ගෙන් සියයට පනහක් රටින් සංක‍්‍රමණය වීමෙ අභිලාශයෙන් සිටියි. ඒ බව අනාවරණය වන්නේ කොළඹ සරසවියේ සමාජ විද්‍යා පීඨයෙන් කරන්නට යෙදුණු සමීක්ෂණයක දීය. තරුණ කැරලි තුනක් ඇතිවූ රටක මෙය අරුමයක් නොවෙතත් රට ගැන ආඩම්බර වන උදවියට නම් මෙය හිතන්නට දෙයක් ලබා දෙයි (තරුණ ජනගහනයෙන් බාගයක් රටින් පනින්නට […]

ඔලුබක්කන් නැටවීම

May 30, 2010

1

මෙ ඔලු බක්කන් නටවන කාලයයි. ඔලුදෙකේ බක්කන්ද මෙ බක්කන් අතර සිටිති. නටවන එකා දමා ගන්නේ එක ඔලුවකි. අනිත් ඔලුව හිස් ය. දමාගෙන ඇත්තේ මොන ඔලුව දැයි කිව හැක්කේ හොඳින් බලා සිටින අයට ය. හැබෑ ඔලුව ඔය දෙකටම අයිති නැති වෙනමම එකකි. ඒක දැක ගැනීමට ඔලු බක්කු නටා අවසන් වෙන කම් සිටිය යුතු ය. මෙ සියල්ල […]

කුඩා දරුවන් මහණ කිරීම – කියන්නේ කාට ද?

May 29, 2010

37

අවුරුදු දෙක තුනක් වයසැති කුඩා ළමුන් දෙදෙනෙකු මහණ කර තිබෙනවා පුවත්පතක කියැවීමි. ඒ දෙහිමියන් කුඩා කාර් දෙකක් සමග සෙල්ලම් කරන ඡයාරූපයක් දිනපතා පුවත්පතක පළවී තිබුනේ යැයි ඒ ලිපිය ලියූ තැනැත්තා කියා තිබුනි. ඒ ඡයාරූපය නොදුටු නමුත් ඒබව සඳහන් ලිපිය නම් පළවී තිබුනේ මා කියවූ මැයි 24 දින ඩේලිනිව්ස් පුවත්පතේ ය. එම සති අන්තයේම ඉරිදා ටයිම්ස් […]

වසර 75 ට පෙර වෙසක් උත්සවය ගැන සදහන් ලක්මිණි පහන කතුවැකිය

May 28, 2010

9

අදින් වසර 75ට පෙර ලක්මිණිපහන පුවත්පතේ වෙසක් දින කතුවැකිය හුදී ජන පහන් සංවේගය සදහා බහා ලන්නට සිතුවෙමු. “සකල ලෝකයට ප්‍රීතිමත් දිනයෙකි. ඍතුව වසන්තයයි. මාසය වෛශාඛය යි. පක්ෂය පුර යි. තිථිය පසළොස්වක යි. සකල ලෝකයෙහි සකල මහා බලයෝ එක් වැ සකල සත්ත්වයනට මැ ප්‍රීති දායක වනු සදහා මේ දිනය තෝරා ගත්තු ද? කෙසේ හෝ වේවා යම් […]

බලන්න කැත – අහන්න අජූව – මර්වින්ගේ කිරිබත්ගොඩ වෙසක්

May 27, 2010

13

මර්වින් ගැන කතා කිරීමත් මර්වින් රකින ආණ්ඩුව ගැන කතා කිරීමත් දැන් තිත්ත ය. එහෙත් තව අවුරුදු හයක්වත් අවම වශයෙන් ඒ සදහා හිත හදා ගත යුතු ය. මේ සටහන ලියන්නේ විමන්සා නම් සහෝදර බ්ලොග්අඩවියේ දුටු ප්‍රවෘත්තියක් නිසා ය. එය ද අද වැනි වෙසක් දවසක වෙසක් දිනයටත් අගෞරව අත් කර දෙමින් කරන ලද එම වසල ක්‍රියාව නිසා […]

බුදුබණ – Beyondframe විමසුමක්

May 27, 2010

10

බුදුන් වහන්සේගේ තෙමගුල  සිහිකරමින් අද පවත්වන වෙසක් උත්සවය තරම් උන්වහන්සේගේ ධර්මය ගැන කතා කරන්නට වෙනත් සුදුසු අවස්ථාවක් නැත්තේ ය. තමන් උත්පත්තිය ලත් ශාක්‍ය වංශය වෙනුවට තමන් අයිති බුද්ධ වංශයට යයි කියමින් එතුමෝ විශ්ව දහමක් දෙසූහ. වෙනත් ශාස්තෘන් වහන්සේලාත් වෙනත් ආගමුත් පරිහාසයට ලක්කිරීම එතුමෝ නොඉවසූහ. සියලු සත්ත්වයන් මෙත් වඩන්නටත් කිසිදෙයක නොඇලෙන්නටත් මම ය මාගේ ය අප […]

විල්පත්තු ආරක්ෂකයෝ අම්බානකට කති

May 26, 2010

13

විල්පත්තු ආරක්ෂකයෝ අම්බානකට කති. ඒ හැමදාමත් උන් කනවා යයි අප හිතන දඩමස් නොවෙ. ගුටි බැට ය. ඒ සිවිල් ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු සංචාරකයින් පිරිසකට අභය භූමිය ඇතුළත “මතට තිත” තියන්න ගිහිල්ලා ය. මතට තිත තියන්න ඔනෑ අහිංසක මිනිසුන් ටිකක් අල්ලා ගෙන ය. ජනාධිපති මන්දිරෙවත් නොතියන තිත කෑලේක තියන්න යනකොට ටිකක් පරිස්සම් වෙන්නට ඔනෑ ය. අම්බානකට […]

අධිකරණයට අත නොතබනු!

May 25, 2010

5

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් චම්පා ජනකී රත්නායකව මාරුකිරීමට තැත් කිරීමට එරෙහිව තුන්සියයක් පමණ නීතිඥවරු උද්ඝෝෂණයක යෙදුණු බවත් ඒ සම්බන්ධයෙන් තම විරෝධය අග‍්‍රවිනිශ්චකාරතුමන් හට සැළ කර සිටි බවත් ලංකාඊනිව්ස් වාර්ථා කර තිබිණි. සරත් ෆොන්සේකා සම්බන්ධ නඩු කීපයකදී දුන් තීන්දු සළකා බලා මෙම මාරුව කරන්නට ඇතැයි සැක කෙරෙ. ආණ්ඩුව අත නොපොවන තැනක් නැත. එහෙම වටපිටාවක මෙ ගැන වෙනම […]

සිංහල ජය ගීත නගන… සිංහල කොඩි වැල් ලෙල දෙන… සිංහල දෙරණයි…

May 24, 2010

25

සිංහල ජය ගීත නගන… සිංහල කොඩි වැල් ලෙල දෙන… සිංහල දෙරණයි… මෙ අද උදේ ගුවන්විදුලියේ ප‍්‍රචාරය වුනු ගීයකි. මෙම ගීය ප‍්‍රචාරය වන්නේ මහජාතිය හා සුළුජාතිය කියා බෙදයක් නැතැයි රජතුමා විසින් ප‍්‍රකාශ කරන ලද රටෙ ය. ජාතීන් අතර බෙද වපුලේ යැයි කියමින් දෙමළ ජනමාධ්‍යවෙදියෙකු වසර 20 ට හිරෙ ඇරිය රටෙ ය. එහෙම දඩුවමක් දෙන්නට තරම් නීති […]

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!

May 23, 2010

12

මැල්සිරිපුර පිහිටි අඹන්පොල  මුස්ලිම් පල්ලියට කඩා වැදුනු දෙසියයක පමණ පිරිසක් එහි යාඥාකරමින් සිටි බැතිමතුන්ට පහර දී ඔවුන් පලවා හැර පල්ලියට ද අලාභ හානි කර තිබේ. මෙම පල්ලිය වැඩි දියුණු කිරීමට විරෝධයක් එල්ලවී තිබුණු නමුත් බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් පරික්ෂා කිරීමෙන් පසු ඒ සදහා පල්ලියට අනුමැතිය ද ලැබී තිබිණි. මෙම පහර දීම හා එම අනුමැතිය අතර […]