ගෑස්මිල වැඩි කිරීමට සමාගම්වලට වුවමනා වුවත්තමන් ඊට ඉඩ දෙන්නේ නැතැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා කියා තිබිනි. එතුමා නොහිටින්නට අප ඉවර ය.
අප දැන් රහ කරකර බිත්තර රු 12 ට කන්නේ එතුමාට පින්සිද්ද වෙන්න ය. පොල් ගෙඩිය තිහට ගන්නේ එතුමාට ස්තුතිවන්ත වෙන්නට ය. කුකුල්මස් නොකෑවත් කටු සූප්පු කරන්නේ එතුමාගේ ඥානවන්ත භාවයට කෘතඥ වෙන්නට ය.
ඒ පිටට රජතුමා ද අපේ පිහිටට ඇවිත් තිබේ. විදුලි බිල වැඩි කරන්නට තිබුනු ඒකක 90 මට්ටම 120 දක්වා ඉහළ දැමීමට වහාම නියෝග කිරීම හරහා ය.
එතුමන් නම් කොහොමටත් පහළ වුනේ අපේ පිනට ය.
දැන් බැලුවහම අප ජීවත්වන්නේ මේ පින්කටයුතු උත්තමයන් නිසා ය. උදේ හවස දෙවියන් බුදුන් වදින විට අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්නැයි අපි පැතිය යුත්තේ ඒ නිසා ය.
බඩු මිල වැඩිවන්නේ එතුමන් කරන වැඩ නිසා නොවේ. ලෝක වෙළද පොළ නිසා ය. එතුමන්ලා නොහිටින්නට ලෝක වෙළද පොල අපිව මරාගෙන කනවා ය.
අපේ ආරස්සාවට තිස්තුන් දෙවිදෙවතාවුන් අප දෙස බලා අපේ නායකයින් අපට ලබා නොදෙන්නට අපි වැඩි හරියක් ලෝක වෙළද පොළේ බඩ ඇතුලේ දැනටමත් දිරලා ගිහිල්ලා ය.
යුද්ධයක් ඇති වුනේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසා ය. නැතිව මේ රටේ එක දේශපාලනඥයෙක් වත් ඇතිවූ යුද්ධයට අනියමින්වත් වග කියන්නට ඕනෑ නැත. ඒත් යුද්ධය පැරදුවේ එතුමන් ය. තනිකරම එතුමන්ගේ උත්සහයට පින්සිදු වන්නට ය. යුද හමුදාපතිවත් ඒ ගැන එතරම් දෙයක් නොකරද්දී මෙතුමන්ගේම උත්සහයට ය. ඇත්තටම දැන් බෝම්බයක් වත් පිපිරෙන්නේ නැතිව ඉන්නේ ද එතුමන්ලා නිසා ය.
එහෙම බැලුවහම ජීවිතයක් ලබා දී ජීවිතය ජීවත් කරන්නට කන්න බොන්න උයන්න පිහන්න දේ ලබා දෙන්නේත් එතුමන් ය. ඇත්තටම ඩියුටි ෆ්‍රී වාහන කීයක් එතුමන්ලාට දුන්නත් එතුමන්ලා කරන මේ රාජකාරියට අලගු තියන්නටවත් ඒවාට බැරි ය. එතුමන්ලා දීපංකරේ කොතෙක් රවුං ගැසුවාත් ඒවාට ගෙවා අප එතුමන්ට තියෙන ණයෙන් නිදහස් වන්නට අපට බැරි ය. අප ඒ තරම් එතුමන්ට ණය ය.
එච්චර ණයවෙමින් සිටියත් අපෙන් ගෙවන්නැයි ඉල්ලා සිටින්නේ එතුමන් නම් නොවේ. කලාතුරකින් අප දෙන චන්දයක් මිසක් වෙන කිසිවක් අපෙන් නොපතන එතුමන් සැබෑ පින්කටයුතු උතුමන් ය.
එතුමන්ගේ වැඩ නිසා අප පින් කළ බව දැනෙන්නේ ය. අපට ඉතින් අමතරෙන් කිව හැක්කේ මෙච්චර ය. එතුමන්ලාට චිරං ජයතු!
Ruwan
December 31, 2010
මෙච්චර කල් කාපු ගොඩේ කුකුලන්ට හරි හමන් බද්දක් ගහලා තිබුනෙ නැති හින්දා රටින් ගේන කුකුළන්ට ගහලා තියෙන බද්දෙන් හරි උන්නාන්සේලාට තියෙන අපේ ණය ටික ටික ගෙවා ගන්න ලැබීම මේ බලුගැත්තන්ගෙ පෙර පිනක්….
250 ට දෙනවා කියපු කුකුළා 350 වුනා කියලා ඇඟෙන් කෑල්ලක් යනවැයි?
Charmi
December 31, 2010
සුබ අලුත් අවුරුද්දක් කියා පතන්නවුන්ට පෙරළා සුබපතන්නට හදන හැම වතාවකම පාහේ, ලබන අවුරුද්දෙත් ඉන්නේ එතුමන්ලාම බව සිහිවේ. ඉතින් අමුතුවෙන් පතන්නේ මොටද කියා නිකං ඉදිමි.
ගුස්ති ලාල්
December 31, 2010
අපි වවමු. රට හදමු. පිට රටින් ගෙන්වමු. ඒ රටවලුත් හදමු. ලෝකෙම හදමු. ලෝකෙටම ආශ්චර්යයක්ම වෙමු.
beyondframe
December 31, 2010
මොකද්ද ඕයි විකල්පය? කියනව තමුසෙ පුලුවන් නම් බලන්න.
sinhalamag
December 31, 2010
එතුමන් නම් කොහොමටත් පහළ වුනේ අපේ පිනට ය.
චිරං ජයතු….!!
ආතා
December 31, 2010
ඇබොල සිහලමැග් කොලුවො. උඹනේද අර බ්ලොග් කොපි කරන්ඩ කප් ගහලා ඉදලා චාටර් උන එකා..
sinhalamag
January 1, 2011
කව්ද ආතේ කොපි කොරේ? මගේ එකේ කොපි කරපුව එකක් වත් නැ.කලින් එකා වෙන්න ඇති.
හොද රෑන්ක් එකක් තියෙන නිසා 3000 ට ගත්ත. අනේ ආතේ මගේ කාඩ් එක කුඩු කොරන්නේ නැතිව බ්ලොග් එක කියවල ගිය නම්.
කඩප්පුලියා
January 1, 2011
Jonny and eggs-A days work for a chicken,A life time commitment for a pig.