ගෑස්මිල වැඩි කිරීමට සමාගම්වලට වුවමනා වුවත්තමන් ඊට ඉඩ දෙන්නේ නැතැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා කියා තිබිනි. එතුමා නොහිටින්නට අප ඉවර ය. අප දැන් රහ කරකර බිත්තර රු 12 ට කන්නේ එතුමාට පින්සිද්ද වෙන්න ය. පොල් ගෙඩිය තිහට ගන්නේ එතුමාට ස්තුතිවන්ත වෙන්නට ය. කුකුල්මස් නොකෑවත් කටු සූප්පු කරන්නේ එතුමාගේ ඥානවන්ත භාවයට කෘතඥ වෙන්නට ය. ඒ පිටට රජතුමා […]
December 30, 2010
දෙවියන් ඔබ සමග කතා කරතැයි ඔබ කියන විට ඔබට මානසික රෝගියෙකු යැයි කියන මිනිසුන්ම ඔබ දෙවියන්ට කතා කරන විට ඔබ යාඥා කරතියි කියති. ඒ ගැන පුදුමය පළ කරන්නේ තෝමස් ත්සාස් ය. මෙයින් කියවන්නේ අප දෙවියන් හමුවේ කියෙවුව ද දෙවියන් අප හා කියවන්නේ නැති බව ය. ඒ ගැන අප පුදුම වන විට දේවගැතියන් අපට කියන්නේ දෙවියන් […]
December 29, 2010
මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපේ අලුත් ක්‍රීඩා ඇමති ය. එතුමා කොහොමටත් සෙල්ලක්කාරයා ය. එතුමා කළ එක සෙල්ලමක් කොච්චර දුර දිග ගියේ ද යත් හැම දෙයක්ම මුවින් නොබැන ඉවසූ මැතිවරණ කොමසාරිස්ටත් ඒ හුරතලයට ප්‍රතිචාර නොදක්වා සිටිය නොහැකි වූ නිසා නාවලපිටිය මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ද කල් ගියේ ය. සෙල්ලමට එතරම් ලොල් කෙනෙක් ක්‍රීඩා ඇමති ලෙස පත්කිරීම සම්බන්ධයෙන් […]
December 28, 2010
ඔබ වෙනුවෙන් විවෘතව තිබූ බොහෝ මාධ්‍ය ඔබට පිටුපස හරවා ඇති එසේ නොවුනු මාධ්‍ය පවා අහක බලන මේ මොහොතේ අප ඔබ අමතන්නට තීරණය කළේ ඔබේ හදිසි වෙනස්වීම ජනතාවට කිසියම් ආශ්වාදයක් සපයන නිසා පමණක් නොවේ. ඔබ පිළිබදව නැවත කියවීමක් කරන ලෙස ජනතාවට එය බල කරන නිසාත් ය. ලංකාඊනිව්ස් වෙබ් අඩවියේ පළකර තිබූ ඒ ප්‍රවෘත්තියට අනුව ඔබ ජාතික […]
December 27, 2010
බතික් කමිසයක් ඇදගෙන කැබිනට් රැස්වීමකට පැමිණිම මිනිසෙකු ගස් බදිනවාට වඩා භයානක ය. ගැහැණියකගේ පිට දැලි පිහියකින් කපනවාට ද වඩා භයානක ය. තනපටක් පැළද බිල් බෝඩ් එකක පෙනී සිටීම ප්‍රසිද්දියේ ගැහැණියකගෙන් උක්කු බොන්නට ආස යැයි කියනවාට ද වඩා අසික්කිත ය. රූපවාහිනියේ අරක්කු විදුරුවක සේයාවක් දැකීම රජගෙදර දී ඉස්මුරුත්තාව හැදෙන තෙක් බොනවාට වඩා අශිෂ්ඨ ය. මේ අනුව […]
December 26, 2010
මහජන කටයුතු කැබිනට් පදවිය තරමක් බාරදූර එකක් නිසා ඒ කටයුත්තේ නියැලෙන්නට නිකම් බැරි ය. තනතුරට සරිලන ගාම්බීර වාහනයක් අවශ්‍ය ය. ඒ නිසාදෝ ජගුවර් එක්ස් ජේ වර්ගයේ රථයක් ලක්ෂ 112 ක වටිනාකමකට ඇමතිතුමාට ලබා දී ඇත. මේ තොරතුරු අප ලබාගත්තේ ගොසිප්9 බ්ලොග් අඩවියෙනි. මෙහි බදු සමග වටිනාකම ලක්ෂ 184ක් බව ද එහි කියැවේ. ඒ කියන්නේ සැප […]
December 25, 2010
බලය තියෙන අය නැති අයට එරෙහිව සිය බලය භාවිතා කිරීම අපි නිතර අත් දකිමු. බලය තියෙන අය සිතන්නේ එයින් තමන්ගේ වාසිය සැළසෙනවා පමණක් නොව බලය නැති තැනැත්තාට ද ඉන් අනියමින් යහපතක් වෙන බව ය. සමාජයටම එයින් සුගතියක් වෙන බව ය. ඒ නිසා බලය ඇති ගුරුවරයා බලය නැති ශිෂ්‍යාට තලන්නේ ය. බලය ඇති ස්වාමිපුරුෂයා බලය නැති […]
December 24, 2010
දෙහිවල හරියෙන් ගාලුපාර තුන්වෙනි වරටත් බැහැලා ය. මේ තත්වය යටතේ තමන් තවදුරටත් මහාමාර්ග ඇමති හැටියට සිටීම යුක්ති යුක්ත නොවන බැවින් ශ්‍රී ලංකා රජයේ මහාමාර්ග අමාත්‍යවරයා ඉල්ලා අස්වී ඇත. (කැබිනට් මණ්ඩලය කටපාඩම් කර ගෙන අවසන් නැති නිසා ඒ ඇමතිතුමා කවරෙක්දැයි හරිහැටි කියන්නට අප දන්නේ නැත). ඒ කණගාටුදායක සිද්දිය වුනේ දුම්රිය ඇමතිවරයා සිය අස්වීමේ ලිපිය බාර දී […]
December 23, 2010
ලබන අවුරුද්දේ විදුලි බිල වැඩි වන්නේ ය. ආණ්ඩුවට බැණ බැණ හිටියාට විදුලිබිල නිසා විදින්නට වන කරුමය අහෝසි වන්නේ නැත. ඒ නිසා මේ ප්‍රශ්නයට පිළියමක් අපි කල්පනා කළෙමු. ගෙදරක වඩාත් වැඩියෙන් විදුලිය වැය වන්නේ ශීත කරණයට හා අධි ශීතකරණයට ය. එය ඒකක 110 ඉක්මවයි. ඒකක අනුවක් තුළ විදුලිබිල රදවා ගැනීම සදහා පහසුම මාර්ගය මෙය විසන්ධි කර […]
December 22, 2010
මුල්වරට එය සිදුවූයේ පසුගිය අගෝස්තු මාසයේ ය. ඒ මගේ මිතුරන් දෙදෙනෙකු නිවාඩුව මා සමග ගත කිරීම සදහා මීගමුව පැමිණ සිටියදී ය. ඒ අප නවාතැනට කඩා වැදුනු හොරෙකු මගේ මාස 4 ක පර්යේෂණ ප්‍රතිඵල ගබඩා කර තිබූ ලැප්ටොප් පරිගණකය ද මිතුරෙකුගේ මුදල් ද තවත් උපකරණ කීපයක් ද රැගෙන යාමෙනි. පසු දා උදෑසන මා පොලිස් ස්ථානයට ගියේ […]
December 31, 2010
8