ආණ්ඩුවේ ස්පිරිතාලවල පවතින බෙහෙත් හිගයට හේතු මොනවාදැයි තේරෙන කෙනෙක් වෙත් නම් පහදා දෙත්වා. පසු ගිය කාලයේ කළුතර නාගොඩ රෝහලට ලෙඩුන්ට දීමට පැරසිටමෝල් පෙතිවත් නොතිබූ බව වාර්ථා විය. හදිසි අනතුරු අංශයේ වාට්ටුවල කොන්ඩිස් වතුර පවා නොතිබුනු බව අප මීට ඉහත වාර්ථා කළෙමු. මේ එකක්වත් අධික මුදල් යන බෙහෙත් වර්ග නොවේ. ආණ්ඩුවට මුදල් නැති නිසා මේවා ගෙන්වා […]
November 29, 2010
“ඇමති මණ්ඩලේ සයිස් ගැන සටහන් ලියන වෙලාවෙ නරක ද ලොකු එකාට රස්සාවක් හොයා ගන්න විදිහක් බැලුවොත්?“ මායියා අදත් හරහට ය. ලොකු එකාට රස්සාවක් නැති බව ඇත්ත ය. ඌ ආණ්ඩුවේ රස්සාවක් මිසක් වෙන එකක් කරන්නට කැමති නැත. ඒකට මං මොනවා කරන්න ද? එහෙම කියල ගෑණිගෙන් ගැලවෙන්නට බැරි ය. “ඒක නෙවෙයි නරක ද අලුතෙන් පත් වෙල ඉන්න […]
November 28, 2010
මෙගාස්ටාර් තරගය ඉවරවී දෙපෝයක් ගෙවෙන්නට ආසන්න ය. එහෙත් ස්වර්ණවාහිනීය අතෝරක් නැතිව මෙගා ස්ටාර් අජිත් වීරසිංහ බව අපට කියන එක නවත්වා නැත. ඒක දාන හැම වෙලාවකම අපට නම් හිතෙන්නේ ස්වර්ණවාහිනියටවත් ඒ ගැන විශ්වාසයක් නැති බව ය. දැන්නම් අහල අහලාම ඒක ඇත්ත වෙන්න පුලුවන් යයි තව මොහොතකින් අපටම හිතෙන්නේ ය. පොඩි පරහකට ඇත්තේ අජිත්ට ෆයිට් එකක් දෙන්නට […]
November 27, 2010
වාකරේ පොලිස් ස්ථානාධිපතිට හමුදාවේ ලොක්කකු විසින් පුටුවකින් පහර දී ඇතැයි යන පට්ටපල් කෙබරය තිබුනේ ලංකාඊනිව්ස්වල ය. ඒ ප්‍රවෘත්තියෙන් කියන්නට හදන්නේ ලියාපදිංචි නොකළ රියැදුරු පුහුණු කරන ආයතනයක් පවත්වාගෙන ගිය කෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූලව පියවර ගැනීමට සූදානම් වූ බවත් ඔහු නිදහස් කරගැනීමට හමුදා නිලධාරියා ගත් උත්සහය ව්‍යාර්ථ වූ තැන ඉන් උරණව මෙසේ පහර දුන් බවත් […]
November 26, 2010
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ උතුරේ කාර්යාලය වසා දැමීමට ආණ්ඩුව ගත් තීරණය එන්ජීඕ ත්‍රස්තවාදය කම්මුතු කිරීමට ගත් නිර්භීත පියවරක් බව දේශප්‍රේමී විචාරකයෝ පවසති. තමන්ට කැමති අයට ට්‍රැක්ටර් බෙදා හරින්නට උත්සහ ගත් රතු කුරුස සංවිධානයේ වෑයම අපේ දේශප්‍රේමී ඇමතිතුමකු විසින් ව්‍යාර්ථ නොකරන්නට ඒ ට්‍රැක්ටර් ලැබෙන්නේ කොටි හිතවාදීන්ට ය. එය ඉවසා ගත නොහැකිව රතු කුරුස සංවිධානයේ ප්රාධානී පැත්තකට […]
November 25, 2010
මේ දවස්වල අපේ වැඩේ සංගීත සන්දර්ශන හොයමින් දිවීම ය. පළමුවැන්න නිදහස් චතුරශ්‍රයේ ය. දෙවැන්න නුගේගොඩ ය. තෙවැන්න කොළොන්නාවේ ය. මේ සියල්ල අප මහා රජතුමාට පින්සිද්ද වෙන්න ය. එකක අනුග්‍රහය විමල් ගේ ය. අනික දුමින්ද ගේ ය. ඒ ඇත්තන්ට වැඩි වැඩියෙන් ලැබී කප් රුක්ම පහළ විය යුත්තේ ය. ඒ අප කෙරේ දක්වන මේ කරුණාවට හිලව් පිණිස […]
November 24, 2010
මල්වත්තේ නායක හාමුදුරුවන්ට ලුමොසීන් රථයක් පිරිනමන්නට තරම් අපේ රජතුමා ධාර්මික වීම සම්බන්ධයෙන් ඇතිවූ ශාසනාලම්බන ප්‍රීතියෙන් යුතුව මේ සටහන ලියන්නෙමු. ඉරිසියා කාරයින්ට ඇහේ කටු අන්නන මේ පුවත වනාහි සිංහල බෞද්ධ අපහට ප්‍රීතිය හා සතුට දෙගුණ කරන එකකි. පුංචි අටපිරිකරක් දී මග හරිනවා වෙනුවට වටිනා සුවපහසු මෝටර්රියක්ම දන් දීමෙන් අපේ රජතුමා කරගෙන ඇත්තේ ලොකුම ලොකු පිනකි. අපේ […]
November 23, 2010
ප්රශ්නය – ඔබතුමා මහජන සම්බන්ධතා හා මහජන කටයුතුවලට විශාල බරක් යොදන බව පැහැදිලි යි. රජතුමා – ඇත්තටම සංවේදී නායකයෙකුට එහෙම නොකර බෑ. මම ඇමතිවරයෙක් ඒ සදහා පත්කරන්නට තීරණය කළේ ඒ නිසා. ප්රශ්නය – ඇත්තටම අප ප්රශ්නය නැගුවෙත් ඒ නිසා. ඒ වුනත් මේ තනතුර සදහා සුදුසුම පුද්ගලයා ඔබ පත් කළ බවට ඔබට හොදට ම විශ්වාස ද? […]
November 22, 2010
පින්තූර බොහෝ දේ අපට කියන්නේ ය. සමහරු කියන්නට අකමැති දේ පවා පින්තූර නොසගවා අපට කියන්නේ ය. නිලධාරීන් ගැන ද රජවරු ගැන ද අනාගතේ රජවන්නට අපේක්ෂා කරන අය ගැන ද ඒ එකිනෙකා අතර සම්බන්ධයේ ස්වභාවය ගැන ද රට ගැන ද බොහෝ දේ මේ පින්තූර අපට කියන්නේ ය. වෙලාව දක්වන්නෝ කවුද යන්නත් වෙලාව බලන්නෝ කවුද යන්නත් එය […]
November 21, 2010
ඒත් ලංකාවේ පැවති එක් දුර්භාග්‍ය සම්පන්න අදුරු යුගයකි. ඒ ද මිනිසුන් බල්ලන් බළලුන් සේ මරා දමමින් තිබි යුගයකි. ප්‍රේමකීර්ති ද අල්විස් මරා දමනු ලැබුවේ ද ඒ සමයේ ය. ඒ මිනීමැරුම බැර වුනේ ආණ්ඩුවේ එකවුන්ට් එකට ය. සමහරු එය ජවිපෙ ගිණුමට ද දැමුහ. එහෙත් එක් බ්ලොග් අඩවියක් ප්‍රේමකීර්තිගේ බිරිදගේ ලියවිල්ලක් ගෙන හැර දක්වමින් කියන්නේ එයට වගකිව […]
November 30, 2010
8