දෙවියන් ඔබ සමග කතා කරතැයි ඔබ කියන විට ඔබට මානසික රෝගියෙකු යැයි කියන මිනිසුන්ම ඔබ දෙවියන්ට කතා කරන විට ඔබ යාඥා කරතියි කියති. ඒ ගැන පුදුමය පළ කරන්නේ තෝමස් ත්සාස් ය.
මෙයින් කියවන්නේ අප දෙවියන් හමුවේ කියෙවුව ද දෙවියන් අප හා කියවන්නේ නැති බව ය. ඒ ගැන අප පුදුම වන විට දේවගැතියන් අපට කියන්නේ දෙවියන් අප හා කතා කරනු වෙනුවට කරන්නේ ප්‍රතිචාර වශයෙන් යමක් කිරීම යයි කියා ය.
සමහර විට ඔවුන් නිවැරදි වෙන්නට පුලුවන. දෙවියන් ගොලු නම් කෙසේ කතා කරන්න ද?
දෙවියන් ගොලුවුනත් බිහිරි නොවේ නම් හොද ය. නැත්නම් සිදුවන්නේ අපේ යාඥාද නොඇසී යාම ය. බිහිරි නොවී ගොලුවන්නට පුලුවන් ද?
අපට බැරි වුනාට දෙවියන්ට පුලුවන් වන්නට පුලුවන. දෙවියන්ට දෙවියන් යැයි කියන්නේ නිකම් ද?
එක පනුවෙක්වත් තමන් විසින් හදා ගත නොහැකි මෝඩ මිනිසුන්විසින් දෙවියන් නම් අඩුපාඩුවක් නැතිව කෝටි ගණනින් හදන බව කීවේ මයිකල්ද මොන්ටිග්නේ ය.
සියලු දේ දන්නා සියලු දෙයින් සම්පූර්ණ දෙවියන් අසම්පූර්ණ මිනිසෙකු මවා එහි වරද ද මිනිසා පිටම පැටවූයේ ඇයි දැයි තමාට තවමත් නොතේරෙන බව කීවේ ජීන් රොඩන් බෙරි ය.
නිට්ෂේට ප්‍රශ්නයක් වුනේ මිනිසා දෙවියන්ගේ මෝඩකම ඔප්පු කරන්නක් ද නැතිනම් දෙවියන් මිනිසාගේ මෝඩකම ඔප්පු කරන්නක් ද යන්න ය.
තමන්ගේ දේවාලයේ කොත නැතිවුනහම ඒක සොයා ගන්නට බැරිව කපුරාල පොලීසියට එවන දෙවිවරු අනුන්ගේ නැතිවුනු ඕනෑම මගුලක් හොයා දෙන්නේ කෙසේ දැයි තමන්ට නොතේරෙන බව කිව්වේ පොලීසියේ පැමිණිලි ලියා ගන්නා රාළහාමි ය.
දෙවියන් කියන්නේ අපෙන් පින් බලාපොරොත්තුවෙන් ඉන්නා හිගන්නන් රැලකැයි කීවේ පන්සලේ හාමුදුරුවන් ය. ඒත් ඒ හිගන්නන්ට මිනිසුන් පන්සල් භූමියේදීම දන ගසා වදිනවා දැක උන්වහන්සේ මුකුත් නොකියන්නේ ඇයි දැයි ඇහුවේ මගේ පුංචි පුතා ය.
දෙවියන් ගැන කියවෙන කතන්දර නම් බොහෝ ය. මිනිසුන් ගැන කතා කරලා ඇතිවුන නිසා දෙවියන් ගැන පොඩ්ඩක් කතා කළ යුතු යැයි සිතුවෙමි. එහෙත් ප්රශ්නය නම් මිනිසුන් ගැන කතා නොකර දෙවියන් ගැන කතා කළ නොහැකි වීම ය. මිනිසුන්ගෙන් පරිබාහිරව ස්වාධීනව දෙවියන් නොපවතින නිසා ය.
ඒ නිසාම තහනම් වචනය කතා නොකර මාතෘකාව ගැන කතා කිරීමේ තරගයෙන් මම පැරදුනෙමි.
ඒ මොනවා වුනත් ඔබටත් මටත් තිස්තුන් දෙවි දෙවතාවුන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබෙන්නේ අප බුදුන්ගේ දේශයේ උපන් නිසා ය. ඒ මහා වංශයට අනුව ය. මොකකට අනුව හරි එහෙම එකක් ලැබෙනවා නම් බාර නොගෙන ඉදීමේ තේරුමක් නැත.
තාගෝර්ට අනුව දෙවියන් හා එක්විය හැක්කේ පොළොව කොටන පාර හදන මිනිසුන්ට ය. ඒ ඔවුන් ඉන්නා අපායේ දී ය.
එක අතකට දෙවියන් ඇත්තේත් නැත. නැත්තේත් නැත. හරියට අපේ රටේ ප්රජාතන්ත්රවාදය වගේ ය. එහෙමත් නැතිනම් රටේ අධිකරණ ක්‍රියාවලියේ සුජාතභාවය වගේ ය. එසේත් නැතිනම් දේශප්‍රේමීන්ගේ අධිරාජ්‍ය විරෝධය වගේ ය. ඇත්තේත් නැත. නැත්තේත් නැත.
මාතෘකාවෙන් පිට පනින්නට හදන බවක් පෙනෙන නිසා සමුගැනීම හොද ය. ඒ සමහර දේවල් නම් දෙයියන්ට කිව්වත් වැඩක් වෙන්නේ නැති නිසා ය.
```Outsider```
December 30, 2010
ඇයි දෙයියනේ පේන්නෙ නැද්ද තිස් තුන් කෝටියක් නොවුණත් මිනිස් වෙසින් දෙවිවරු පහළ වෙලා අපිව දෙව් සම්පතින් පුරවන්න දුක් විඳින හැටි. ආශාවට අපිට දුකක් වේදනාවක් දැනෙන්න දෙන්නෙ නැතිව උන්නාන්සෙල කරන හරිය ගැන ලියන්නෙ නැත්තෙ ඇයි?
beyondframe
December 30, 2010
හෙට බ්ලොග් සටහන ඒ උත්තමයින් ගැන තමයි.
Krishnamurthi
December 30, 2010
People always live with fear. When man lived as savage, he was fearing wild animals and other tribes. Now we are fearing that we cannot achieve our numerous requirements or inability to overcome miserable situations created by forces beyond our control.
As a result man is looking for a just and powerful source to get his problems solved. For this purpose we have to read, listen and imagine and create a god using part of the mind. Other part of the mind is beliveing the god created and strengrethen it. Praying and asking for various solutions. No outside force is involved. Everything happens in the mind itself.
Observer
December 30, 2010
“තාගෝර්ට අනුව දෙවියන් හා එක්විය හැක්කේ පොළොව කොටන පාර හදන මිනිසුන්ට ය”
ටී.එම්.ජයරත්නගෙ සිංදුවක් මතක් වුනා,දෙවියන් වැඩ ඉන්න තැන් කියවෙන.
sujeewa
December 30, 2010
Einstein has [said to have] stated “God does not play dice”
I fondly state that; “God does not play dice, it is the dice that plays for God”
Buddhika Thambugala
December 30, 2010
oh comon, do you think god is silly enough to get involved in poor man’s trivial games?? Let’s put it this way ”’God does not play Casino, but it is the Casino that plays for good”
Ritigala Jayasena
December 30, 2010
“God does not play Casino, but it is the Casino that plays for God”
‘good’ is a typo… correct Buddhika? I guess this derived from “God does not play dice” by Albert Eisenstein?
Ritigala Jayasena
December 30, 2010
Ah Silly me! I replied without reading the other comments 🙂 but only seeing Buddhika’s one on e-mail. I think I get it now after reading the other comments.
sujeewa
December 31, 2010
Buddhika;
“Dice” in Einstein statement does not refer to casino or the physical dice at all. In his remark he refers to the random and vivid nature of universe by “Dice”. So do I.
If it is hard to understand my statement last part shud be read as “… it is the randomness that plays for God”.
Cheers.
Ritigala Jayasena
December 31, 2010
@Buddhika, Sujeewa,
More information than perhaps we need, but I guess this statement was Einstein’s first reaction to Copenhagen interpretation of quantum mechanics and the Hindenburg uncertainty principle?
http://en.wikipedia.org/wiki/Uncertainty_principle
Ritigala Jayasena
December 31, 2010
/*“God does not play dice, it is the dice that plays for God”*/
new that I understand the wit behind; very clever statement Sanjeewa! I have not seen this elsewhere, and wondering if this is your own creation. I so this should definitely go down in history. Randomness sure plays for God, and so many other things
නොදන්නා දෙයට කුමක් හෝ පිලිතුරක් සැපයීම සඳහා ආගම් වලට අමතරව තව නොයෙකුත් ඇදහිලි සහ ගුප්ත විද්‍යාවන් බිහිවී ඇත. ජ්‍යෝතිෂය මෙයට හොඳ උදාහරණයකි. අහඹුවෙන් සිදුවන (හේතුවක් දිය නොහැකි ) සිදුවීම් වලට කුමක් හෝ හේතුවක් පැටලවීමට අප බොහෝ කැමතිය.
sujeewa
December 31, 2010
RJ;
Line is my own. To my knowledge that was never said elsewhere, so I hope there is no copy right issue unknowing to me just yet.
My inspiration is the micro scale randomness experienced in universe, and the debate of macro scale cause-effect concept.
One good example is life. One argument of life is that pure randomness of mutation undergoes the convergence of evolution creating complex beings w/o any “cause”.
Ritigala Jayasena
December 31, 2010
@Sujeewa
When the I answer “I don’t know” does not work in those big questions about life. I take the same stance. Life is an emergent phenomena of random mutation of complex chemical compounds.
When the pure randomness in nature is not enough to explain the natural selection process, may be we need models like the new kind of science that claims there is a inherent pattern in nature where complex chemicals have predisposition to evolve in to “life” that we see around us today when those conditions are satisfied. Well, that is better than “I don’t know”, but still we are not there to a say anything for sure.
Your line /*“God does not play dice, it is the dice that plays for God”*/ may be quoted by me in my rants with due reference to you 🙂
sujeewa
December 31, 2010
RJ; feel free. hopefully i will try an article here.
amaris
December 30, 2010
මේ නිකමට අහන්නේ. නත්තලට ඇයි දැන් බට්ටො දාන්නේ.. ජේසු පන්නන්නද?
beyondframe
December 31, 2010
දැන් නම් සන්තෝසයි නෙ?