Browsing All Posts published on »February, 2010«

අන්තිමේ දී මියන්මාරයට පැමිණියෙමු

February 27, 2010

7

මියන්මාරය දැන් නම් පෙනෙන දුරක ය. වෙරළට පැමිණෙන්නටත් පෙර වෙරළ ආරක්ෂක භටයින් විසින් අ‍පගේ බොට්ටුව අත් අඩංගුවට ගන්නා ලද්දේ ය. කුණු හරුප වරුසාවක් එල්ලකොට අපව යටත් කර ගන්නා ලද්දේ ය. කුණුහරුප කියන ලද්දේ මියන්මාර බසින් නිසා අපි අපහසුතාවයෙන් ගැලවුන ද මවු මතක් කරමින් බැන්න බව කීවේ අපගේ සංක්‍රමණයේ වගකීම බාරගත් එවෙලේ භාෂා පරිවර්ථකයා වූ තෝල්කයා […]

මාධ්‍යවෙදීන්ට පමණක් නොව ස්වාමීන්වහන්සේලාට ද අපලය!

February 26, 2010

1

ආණ්ඩුව හාමුදුරුවන් පස්සේ පන්නන්නේ ඇයි? මුලින් දඹර අමිල හිමි ය. ඊලගට ඌවතැන්නේ සුමන හිමිය. ඊටත් පසුව මල්වතු නාහිමි ය. අලුතෙන්ම පසුපසින් පන්නන්නේ නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති තිනියාවල පාලිත හිමි ය. එක් හිමිනමක් පිටරට රස්සා දෙනවා කියා වංචා කිරීම සම්බන්ධයෙනි. දෙවැනි හිමිනම තුවක්කු හා බෝම්බ තබා ගැනීම ගැන ය. මල්වතු නාහිමියන් හිරයට නොගත්තත් එහිමියන්ට ලොකු දොස්මුරයක් එල්ල […]

නඩුව මිලිටරි උසාවියක නොව සාමාන්‍ය උසාවියක ය! ඇඩිය යුතු ද සිනාසිය යුතු ද?

February 25, 2010

11

ඇඩිය යුතු ද සිනාසිය යුතු ද යන්න නොදැන තව වතාවක් අතරමං වීමි. ඒ ජෙනරාල් සරත් ෆොන්සේකාට විරුද්ධව ඇති නඩුව මිලිටරි උසාවියක නොව රටෙ සාමාන්‍ය නීතිය යටතේ සාමාන්‍ය උසාවියක විභාග කරනු ඇතැයි ආණ්ඩුව විසින් කරන ල ද ප‍්‍රකාශය නිසා ය. ඇඩිය යුත්තේ ඇමරිකාවට තමන්ගේ වැඩක් බලාගන්නැයි කීවාට ඇත්තටම එසේ කිරීමට ආණ්ඩුවට නොහැකි බව දැන ගැනීම නිසා […]

අපට හමු නොවූ දේශපේ‍්‍රමී බෝට්ටුව

February 24, 2010

2

මියන්මාරයට නොව දේශපේ‍්‍රමය කරා යන්නට බොහෝ පිරිසක් බෝට්ටුවට නැග ගත්හ. ටික දුරක් යන විට මංගල හා ශ‍්‍රීපති දෙපළ බෝට්ටුවෙන් පිටතට විසිවුනේ ය. ඒ සමග ම උන් දේශදෙ‍්‍රාහීන් වූහ. ඒකේ පාඩුව මකන්නට දේශදෙ‍්‍රාහීන් 17 දෙනෛකු සෝදා පිරිසිදු කර දේශපේ‍්‍රමි පැනින් නහවා බෝට්ටුවට ගන්නා ලද්දේ ය. ඊළගට සිදුවුනේ ජවිපෙ බෝට්ටුවෙන් එලියට තල්ලුවීම ය. එහි පාඩුව කරුණාගෙන් හා […]

මව් බිම ලෙඩ වෙලා ය. බෙහෙත් වට්‍‍ටෝරුවේ ඇති මේ බෙහෙත් සොයා දෙන්න!

February 23, 2010

6

මව් බිම ලෙඩ විය. ඒ මව් බිමේ පංචායුදය කවුදෝ නොසංඩා‍ලයෙකු හොරකම් කළ බවට සැළවීමෙන් අනතුරුව ය. ලෙඩා පරීක්ෂා කර වෙදමහතා කීවේ පහත සදහන් බෙහෙත් සොයා සපයන ලෙස ය. වට්ටෝරුවේ ලියා තිබු දේ මෙසේ ය. පුං‍චි හෝ හොරකමක් කළ දේශප්‍රේමීයෙක් කිසිදු හොරකමක් නොකළේ යැයි සහතික ලත් දේශද්‍රෝහීයෙක් හෝ හිටපු දේශප්‍රේමියෙක් ඇමතිවරයෙක් නොවන සිය ආරක්ෂාව ඉවත් කර […]

පාත්තයෙක් ගෙනා සංදේශය

February 22, 2010

4

එකමත් එක රටෙක ගම රාළ කෙනෙකු විසුවේ ය. දිනක් රා බීමට සිතැත්තේ මදින ලද හොද කිතුලක් දැක ඊට බඩ ගෑවේ ය. කිතුල් රාවලින් සප්පායම් වී බිමට බහින ගමයා දුටු අයිතිකරු ගස මුලට පැමිණ ගමයාගෙන් ඇසුවේ ගහ උඩ කුමක් කරන්නේ ද යන්න ය. හරිහමන් උත්තරයක් ගැට ගසා ගැනීමට අසමත්වූ ගමයා කීවේ තණ කොළ කපන්නට ආ බව […]

බෑණාට සැළකීම හා තම බිරිදට සැළකීම අතර ඇති මහා වෙනස

February 21, 2010

6

රෝහණ දිසානායක කැබිනට් නොවන ඇමතිවරයෙකි. ඔහුගේ බිරිද ඉංග්‍රිසි ගුරුවරියකි. එහෙත් ඇය දුප්පත් ය (රට කෙතරම් ආගාධයට ගොස් ඇති ද යන්න එයින් අදහස් වෙතැයි කිසිවෙකුත් සිතිය යුතු නැත). ඒ නිසා ඇය බත්තරමුල්ලෙන් පර්චස් 15 ක් ඉල්ලා සිටියා ය. අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ හදවත් ඉක්මණින් උණුවන සුළු ය. ඒ නිසා ම නාගරික සංව‍ර්ධන අධිකාරියේ කාර්යක්ෂම නිලධාරීන් විසින් […]