Browsing All Posts published on »September, 2010«

සරත් ෆොන්සේකාට හොද වැඩේ! තව වටයක් කිරිබත් කමු ද?

September 30, 2010

43

තීන්දුව වසර තුනකට හිරේ ය. අපේ සංවේදී නායකයා විසින් එය දෙකහමාරකට අඩු නොකරන්නට සරත් ෆොන්සේකාට තුනක් ලැබෙන්නට ඉඩ තිබුනේ ය. සරත් ෆොන්සේකා වගෙ කල වැද්දන්ට ඔහොම වෙලා මදි ය. ඔය පඩි සන්දෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය පාප කර්මයයි. එය අහවල් කරුමයක් කළාට දැයි කියන්නට ඕනැ නැත්තේ හැමෝම ඒ මොකද්දැයි දන්නා නිසා ය. සමහරු කියන්නේ තමන් සමග […]

අම්පිටියේ නායක හාමුදුරුවන්ට වතුර පොවන්නට ඉදිරිපත් වන්නේ කවුද? – අනේ කාලේ වනේ වාසේ!

September 30, 2010

8

බැසිල් රාජපක්ෂ ඇමතිතුමා තමන්ගෙන් සමාව ගන්නා තුරු මඩකලපුවේ ශ්‍රී මංගලාරාමයේ නායක අම්පිටියේ සුමනරත්න හිමියන් මාරාන්තික උපවාසයක යෙදී සිටින බව ලංකාඊනිව්ස් වෙබ් අඩවිය හෙලිකරයි. ඒ ඇමතිතුමා බැහැ දකින්නට ගිය වෙලේ එහිමියන්ට බැණ වැදී පන්නා ගත් නිසා යැයි කියවේ. බැණ වැදුනේ කුමක් නිසා දැයි හරිහැටි දැන ගන්නට නැත. කුමක් නිසා හෝ හාමුදුරුවන්ට බැණ වැදීම වැරදි යැයි හාමුදුරුවන් […]

රාත්‍රී සමාජශාලාවලටත් තිතක් තියමු ද?

September 29, 2010

5

පිස්සු කෙළිය හැක්කේ දේශපාලනඥයින්ට පමණක් නොවේ. බලයෙන් මත්ව ජවුසං නැටිය හැක්කේ දේශපාලනඥයින්ට පමණක් නොවේ. එවැනි දෑ නඩු කාරයින්ට ද කළ හැකි බව තිස්සමහරාම මහේස්ත්‍රාත්තුමා කොල්ලු පිටියේ දී ඔප්පු කර ඇත. ඒ රාත්‍රී සමාජශාලාවකදී කීප දෙනෙකුට නෙලා ය. රජයේ මන්ත්‍රිවරයෙක් රථවාහන අංශයේ සාජන් කෙනෙකුට පහර දුන්නේ තමන්ගේ සහෝදරයෙකු හෙල්මට් නැතිව බයිසිකල් පදවා නීතියේ රැහැනට හසු කර […]

පොලිස් දෙපාර්තමේන්තුවේ අලුත් ඇබෑර්තු

September 28, 2010

5

පොලිස් දෙපාර්තමේන්තුව අතීතයේ පුරුදු ව සිටියේ සුද්දාගේ විදිහට හොරු අල්ලන්න ය. පස්සෙ කාලයේදී  ඒ අමාරු ක්‍රම අමතක කොට කීප දෙනෙක් අල්ලාගෙන අම්බානකට නෙලා උන්ගේ පාපෝච්චාරණ ඔස්සේ හොරු අල්ලන්නට පොලීසිය කටයුතු කළේ ය. දැන් ඒ දෙකම වෙනුවට අපට ආවේණික වූ දේශීය ක්‍රමයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. ඒ අප රටේ පැරණි ශාස්ත්‍රයන් අනුගමනය කර හොරු අල්ලන්නට […]

පොලිස් අත්අඩංගුවේ සිටියදී අපරාධකරුවන් මිය යාම

September 27, 2010

2

පොලිස් අත්අඩංගුවේ සිටියදී අපරාධකරුවන් මිය යාම අදක ඊයේක සිදුවීමක් නොව දුරාතීතයේ සිට එන එකක් බව ඇත්ත ය. එහෙත් මෑතක සිට මෙහි ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. ඒ කෙළවරක් නැති අතුරුදහන් වීම්වලට අමතර වශයෙනි. මිය යන්නේ පාතාලයට අයිති අය යැයි ද මත්කුඩු ජාවාරම් කාරයින් යයි ද කියනු ලැබේ. ඒ නිසාම සමාජයේ අනුකම්පාව උන්ට හිමි නොවන අතර පොලීසිය […]

සරසවි පරිපාල‍නයේ කෙළවරක් නැති අර්බුද දිග හැරෙයි

September 26, 2010

2

එක් උපකුලපතිවරයෙක් සරසවි ශිෂ්‍යයින්ට පෙම් කරන්නට තහනම් කළේ ය. අනෙකා උන්ට නාට්‍ය බලන්නට හා නාට්‍ය පෙන්වන්නට තිබෙන අයිතිය නැති කළේ ය. තොපි අපි කියන විදිහට හිටපියව්. නැත්නම් කරන දේ බලාගනිව්. යන මේ උද්ධච්ඡ අස්ථානය සරසවියක පරිපාලනයකට කෙසේ නම් ගැලපේද? සරසවියක උපකුලපතිවරු පත් ක‍රන්නේ රටේ ලොක්කා ය. 18 සංශෝධනය හරහා බලතල ගත්තේ තමන්ට වෙන කාටවත් වඩා […]

පෙනුම හා ඇතුළාන්තය

September 24, 2010

4

ඇතුළාන්තය කුමක් දැයි පිටින් බැලුවහම පෙනෙන අවස්ථාවන් මෙන්ම නොපෙනෙන අවස්ථාවන් ද තිබේ. බොහෝ දෙනෙක් ලිහා බලන්නේ නැතිව පිටින් පෙනෙන දේම ඇතුළේ ද ඇතැයි විශ්වාස කරති. පෙනුම ගාම්භීර බොහෝ දෙනෙකුගේ වැඩ පලේ පල් ය. ඒ වුනාට මිනිසුන් සරණ යන්නේ පිටට පෙනෙන ඒ පෙනුම ය. ඇතුළත හගිස්සවා දැන ගැනීමට මේ බොහෝ අයට හැකියාවක් නැත. සමහරුන්ට ඊට ඕනෑ […]

ජාති හිතෛෂී ව්‍යාපාරයක් මහනුවර දී වැඩ අල්ලයි!

September 23, 2010

18

මහනුවර නගර සීමාවේ වෙළද සැළකට කඩා වැදුණු ජාති හිතෛෂී ව්‍යාපාරයේ කියා ගන්නා පිරිසක් වෙළද සැළට දැඩි ප්‍රහාරයක් ද එල්ල කොට මත්කුඩු වික්කොත් මරණ දඩුවම යයි අනාගත දඩුවම් ද පනවා ගොස් තිබේ. “මෙය පළමුවැන්න ය. දෙවැන්න වඩා භයානක ය.” යනුවෙන් පුවරුවක් ද ඔවුන් විසින් එල්ලා තබා ඇත. මෙය සමහරුන්ට ආශික් ආරංචියක් විය හැකි ය. ඕකුන්ට ඔහොම […]

හිගා කෑම තහනම් කිරීම ද තුරන් කිරීම ද?

September 22, 2010

7

හිගා කෑම බොහෝ දෙනා කියන පරිදි රැකියාවකි. සමහරවිට ස්වයං රැකියාවකි. තවත් සමහරවිට ව්‍යාපාරයකි. මෙයින් අනියමින් කියන්නේ මේ නිසා එක්තරා පිරිසක් එදාවේල හොයා ගන්නා බවත් ඒ නිසා ජීවත්වෙන බවත් ය. ඇත්තටම මෙවැනි තවත් වෘත්තීන් තිබේ. පික් පොකට් ගැසීම ද හොරකම් කිරීම ද එවැනි දෑ ය. වෙනසකට ඇත්තේ උපාය මාර්ගයේය. නැතිනම් මේ සියල්ලෙන් කරන්නේ උපයා නොගෙන අනුන්ගේ […]

“සුදු” සරත් ෆොන්සේකා හිරිහැරයකි. “කලු” සරත් ෆොන්සේකා භෞතීස්ම කිරී‍මට ඇති බාධකයකි.

September 21, 2010

Comments Off on “සුදු” සරත් ෆොන්සේකා හිරිහැරයකි. “කලු” සරත් ෆොන්සේකා භෞතීස්ම කිරී‍මට ඇති බාධකයකි.

ඇත්තටම ජනතාවට ඕනෑ නැති දේ මතක් කරන සරත් ෆොන්සේකා හිරිහැරයකි. සරත් ෆොන්සේකා ඒ නිසාම බිම දිගේ ඇද ගෙන ගොස් හිරේ දමා හොර උසාවි හරහා වැරදි කාරයෙකු කොට දැන් කලුපාටින් සිත්තම් කිරීමට සියලු කටයුතු යොදා හමාරය. දැන් සරත් ෆොන්සේකා “කලු” ය. “සුදු” සරත් ෆොන්සේකා සහිත කටවුට් ඉවත් කර බොහෝ කල් ය. එහෙත් තවමත් ඔහු යුද හමුදාපති […]