බූරු කුට්ටමෙ ඇත්තේ කාඩ් 52 කි. ඒ බූරුවන් හා ජෝකරයන් ද සහිතව ය. කොහොම ඇනුවත් ඉන්නා ටික එහාට මෙහාට වෙනවා විනා අලුතින් ඊට එකතු වන්නේ නැත. අලුත් කැබිනට් මණ්ඩලයත් ඒ වගේ ය. ඉන්නේ පරන ජොකියන් ටිකම ය. උන් එහා මෙහා මාරුවී ඇති බව සැබෑ ය. එහෙත් ඒ ඇනීම තුළ අලුත් යමක් නැත. දොස්තරලාට ටික නිමල්ගෙන් […]
April 29, 2010
කැබිනට් තනතුරු පිළිබදව මා විසින් කලින් ලියන ලද සුදුස්සාට සුදුසු තැන බ්ලොග් සටහන කියවූ මගේ මිතුරන් මට කීවෙ මා විසින් මාතෘකාවට නිසි යුක්තිය ඉටු කොට නොමැති බව ය. එක් හේතුවක් නම් බන්දුල ගුණවර්ධන නම් ටියුෂන් මාස්ටර්ට අධ්‍යාපනය බාර දීමෙන් ද අතිශය වංසක්කාර නිවසක් තැනීම සම්බන්ධයෙන් මාධ්‍ය පුරා ජනප්‍රිය වූ විමල්ට නිවාස අමාත්‍යංශය පිරිනැමීමෙන් ද රජතුමන් […]
April 28, 2010
අද පෝය දිනයයි. බෞද්ධයින් තමන්ගේ සිත සන්සුන් කර ගෙන ධර්මය දෙස යොමුවන්නාවූ දවසයි. ඒ ධර්මය විමසමින් තමන්ගේ ඇතුළාන්තයන් පිරිසිදු කර ගන්නා දවසයි. තමන්ගේ ඔලු තුළ ඇති මිත්‍යාවන් ද අකුසල චිත්තයන් ද ඉවත් කරගන්නා දවසයි. සන්සුන් කර ගත් සිතින් යමක් මෙනෙහි කිරීම කලබල සිතකින් යමක් විමසීමට වඩා යහපත් ය. විපස්සනා භාවනාවට පෙර සමථ වඩන ලෙස බුදුන් […]
April 27, 2010
වාසුට නාමයෝජනා ලැබුනේ ය. ඇත්තටම ඊට සුවිශේෂ හේතුවක් තිබිණි. වාසු පුද්ගලයෙක් හැටියට ඇහැලියගොඩ ජනප්‍රිය ය. තමන්ට තිබෙන සොච්චම් බලයක් වුව භාවිතාකර පුංචි මිනිහෙකුට යමක් කර දීමට ඔහු නොපැකිළෙන්නේ ය. ඒ කාරණය ආණ්ඩුව එපා වී ගෙදර ඉන්නට තීරණය කරන වමෙ මිනිහෙක් චන්ද පොළට කැන්දන්නට සමත් ය. ආණ්ඩුව එයින් ප්‍රයෝජන ගත්තේ ය. වාසුට ඒ නිසාම මන්ත්‍රී පදවියක් […]
April 26, 2010
රාජපක්ෂ මහරජතුමා ගැන බොහෝ දෙනා දැන ගන්නා විට ඒ උදවියට විය යුතු හරිය වෙලා ඉවර ය. රාජපක්ෂ රජතුමාගේ සෙවනැල්ල යටතේ හිටිය හැක්කේ ආත්මය පාවා දීමට කැමති නිවටයින්ට පමණකි. තමන් එසේ නොවේ යැයි සිතා සිටි බොහෝ උදවිය උත්සවශ්‍රීයෙන් තම සෙවනැල්ලට යටට කැන්දන රජතුමා ඉන්පසු උනට පිල පෙන්වන සිරිතක් දැන් බොහෝ කලක සිට ගෙන යන්නේ ය. එයාට […]
April 25, 2010
කැළණියේ පුරවැසියන් සිය රජතුමා මුණ ගැසී තම පැමිණිල්ල ඉදිරිපත් කළහ. රජතුමා විසින් පනවන ලද අණඥාව නිසා තමන්ගේ ආදායම් මාර්ගයන් ඇහිරී තම පවුල් පන්සල් දුකට වැටී ඇති බව උන් රජුට පෙන්වා දුන්හ. දස රාජ ධර්මයෙන් රාජ්‍ය හැදෑරූ සිය පැරණි පරම්පරාව අනුව යමින් මර්වින් ද සිල්වා රජාණන් විසින් තමන් පැනවූ අණඥාව අස් කර ගන්නා බව පුරවැසියන්ට දන්වන […]
April 25, 2010
දිමු අගමැති ය. දිමුගේ ප්‍රීතිමත් මුහුණ දකින අපට ද කිසියම් සතුටක් දැනෙයි. මියෙන්නට පෙර යම් තැනකට පත්වීම කාට නම් සතුටක් නොගෙනෙයි ද? අමාත්‍යංශයක් හැටියට ලැබුනේ බුද්ධ ශාසන වීම කණගාටුවට කරුණක් කරගත්තේ දිමු නොවේ. ඇත්තටම එවැනි ධනාත්මක චින්තනයක් සහිත කෙනෙක් අගමැති වීමම අප ල ද භාග්‍යයකි. ගිය සැරේ අගමැතිතනතුරට පත්වෙතැයි සිතිවිල්ලෙන් මසන ලද කෝට් බෑය මෙවර […]
April 24, 2010
මෙ විමලෙ, නිකම් පොර වෙන්න හදන්න එපා. ඇයි අපි කරපුව ඔය ඉක්මණට අමතක වුනා ද? ඇයි යකඩො, සරත් ෆොන්සේකා කරපුව අමතක කරපු අපට, උඹ කරපුවත් මහ වැඩ ද බං? එතකොට සරත් ෆොන්සේකා ආපු එක ගැන බයේ වෙව්ල වෙව්ල ඉන්න කාලෙ ඉස්සරහට පැනල බය නැතුව මං නටාපු නැටිල්ල ගැන උඹලට අගයක් නෑ? යකෝ නටන්න රගපාන්න ඔන […]
April 23, 2010
සුදුස්සාට සුදුසු තැන – මර්වින්ට ජන මාධ්‍ය අමාත්‍යාංශය! අප හිතුවේ මර්වින් අවුරුදු උදාවත් සමග වැඩඅල්ලපු විදිහට සදාචාරය පිළිබද අමාත්‍යංශය වත් ලැබේ ය කියා ය. (එහෙම දෙයක් රටේ නැතිවුනාට ඒ නමින් අමාත්‍යංශයක් ආරම්භ කිරීමට එය බාධාවක් නොවන බව කල්පනා කිරීමට තරම් කියවන්නා සතුව මොළයක් ඇතැයි මෙහිදී අපේක්ෂා කර ඇත) ඇත්තටම මර්වින්ට ඕනෑම අමාත්‍යාංශයක් දැරිය හැකි ය […]
April 23, 2010
තම කණ්ඩායම සමග බොහෝ දෙනා එක්වන බව ද ඒ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව ද ඒ එක් වෙන අය වෙන අය නොලබන සතුටක් වරප්‍රසා ද ලබන බව ද පෙන්වා සිටීම. ඉක්මණින් එක්වීමෙන් වඩාත් ඵල ලැබිය හැකි බවත් ඒ සඳහා ලහිලහියේ කටයුතු කළ යුතු බවත් කියා පෑම. එක්වන අය උසස් බව දේශපේ‍්‍රමී බව, ජනතාවාදී […]
April 30, 2010
2