Browsing All Posts published on »August, 2010«

විභාග කොමසාරිස්ගේ ජනතා හිතේෂීත්වය

August 31, 2010

9

අපේ දේශපාලනඥයින් බොහෝම දෙනෙක් වගේම විභාග කොමසාරිසුත් ජනතාවට ආදරේ ය. ඇත්තටම ඔහු බොහෝවිට ප්‍රදර්ශනය කර ඇත්තේ නිලධාරියෙකුගේ චරිතයට වඩා දේශපාලනඥයෙකුගේ චරිතය යි. ආණ්ඩුවේ ප්‍රශ්නපත්‍ර පුද්ගලික අංශය විසින් පොත් ලෙස පල කොට මුදල් හොයන්නාවූ ද එමගින් ජනතාවගේ මුදල් ගසා ගන්නා වූද වැඩපිළිවෙලක් ගැන ඔහුගේ අවධානය යොමු වී තිබිණි. මින් ඉදිරියට කවුරු හරි ප්‍රශ්න පත්තර එහෙම මුද්‍රණය […]

විකල්පයක් වෙනුවට ආදේශකයක් සොයන විපක්ෂයේ ඛේදවාචකය!

August 30, 2010

30

දවල් 1 ට ආරම්භ වන්නේ ගුවන් විදුලි සේවාවල ආදර කතා විකාශනය යි. මෙය එක් ගුවන් විදුලියකින් ආරම්භ කරන ලදුව දැන්වන විට සියලු ‍ගුවන්විදුලි සේවාවන්ට බෝවී ඇති මෝස්තරයකි. ටෙලිනාට්‍යය ද එබදු ය. එක් නාලිකාවක ටෙලි නාට්‍ය නම් සියලු නාලිකාවලම ඒ වෙලාවට ටෙලි නාට්‍ය ය. එකක මෙගා ටෙලි නාට්‍ය නම් සියල්ලේම මෙගා ය. අපට විකල්පයක් නැත. වැඩි […]

සත්ව ඝාතනය, බුද්ධාගම, ශිෂ්ඨත්වය හා අපේ ලංකාව

August 29, 2010

60

ගොවියා මැසිතෙල් ගසා ගොයමට වගාවට විණ කරන අස්වැන්න පාලු කරන කුඩමැක්කන් කොළ හකුළුවන දළඹුවන් ඈ මෙකී නොකී සත්ත්වයන් මරා දමයි. ගැහැණිය මී කතුර තියා එසේත් නැතිනම් බෙහෙත් දමා ගෙදර බව භෝග රැක ගැනීමට මීයන් මරයි. ගෙහිමියා වේයන් කුහුඹුවන් කැරපොත්තන් ගේ රැක ගැනීමට මරයි. ‍සිය දරුවන්ගේ ආරක්ෂාව පතා දෙමාපියන් විසකුරු සර්පයන් ද දැන් කාලේ නම් මදුරුවන් […]

සිංහල බ්ලොග් අවකාශයේ සැරිසැරීමි.

August 28, 2010

12

සිංහල බ්ලොග් අවකාශයට පිවිසුනෙමි. එක් අයෙක් විභාගයට පාඩම් කරනවා වැනි දෙයක් කරමින් සිටියේ ය. “මයන්න… ඩයන්න…වයන්න…ලයන්න …වදමල” මට වැරදුනාවත් ද නැවතත් සවන් දුනිමි. එක පාරක් නොව මන්තරයක් මෙන් මතුරන මෙය මට ඇහෙන්නේ නම් එහෙම ය. “මලයො පොඩ්ඩක් වැරදිලා නේ ද?” මිනිසා මගේ පාදාන්‍තයේ සිට කේසාන්තයට මා දවා අළු කරන සුළු බැල්මක් හෙලුවේය. “නෑ මට කියවුනේ […]

අනන්‍යතාවය හා ජාතික අභිමානය

August 27, 2010

2

පුද්ගලයෙකු සතු අනන්‍යාතාවය ස්වඅභිමානයට හේතුවක් වෙයි. ජාතියක් සතුව ද එවන් අනන්‍යතාවයක් හා ඒ මත ඇතිවුනු ජාතික අභිමානයක් තිබීම අවශ්‍ය ය. සමහරු සිය අභිමානය සාදා ගන්නේ අල්ලපු වැටෙ ඉන්නා මිනිහාට ගහලා ය. නැත්නම් ගැහැණියට අවමන් කරලා ය. නැත්නම් කෙල්ලව සවුත්තු කරලා ය. ජාතියකට ද වුවමනා නම් වටෙට ම නෙළමින් එවන් අභිමානයක් ගොඩ නගා ගත හැකි ය. […]

අපේ වැරදි හා උන්ගේ වැරදි

August 26, 2010

13

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් කරන ලද අක්‍රීඩක වැඩක් අපි පෙන්වා සිටියෙමු. ඒ වැරැද්ද පිළිගෙන ඒ ගැන සමාව අයැදීම ගැන අපි අපගේ ක්‍රිකට් පරිපාලනය අගැයීමු. (එයිනුත් නොනැවති ඒ ක්‍රියාව කළ අයට දඩුවම් දීමට ද පරිපාලනය ඉදිරිපත් වීම ගැන අපි අපේ ගෞරවය ද අද පළකරමු.) අපගේ එම සටහනට හැරෙන තැපෑලෙන් උත්තර ආවේ ය. ඒ යූ ටියුබ් […]

කාලි අම්මාන් සත්ත්ව ඝාතනයට එරෙහි වීමේ බෞද්ධකම?

August 25, 2010

118

මුන්නේස්වරම් කාලි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂිකව පවත්වන බිලි පූජාව නවත්වන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක යෙදුනු භික්ෂූන්වහන්සේලා පොලිසියේ මැදිහත්වීමෙන් නවත්වා තිබේ. ඒ ගැන අපි පොලීසියට ද ආණ්ඩුවට ද අපේ ස්තුතිය පුද කරමු. සිදුවෙන්නට ගිය මහා විනාශයක් පොලීසියේ මැදිහත්වීමෙන් නවත්වන්නට හැකි වූ අවස්ථාවක් ලෙස මෙය ඉතිහාස ගත වනු ඇත්තේ ය. හින්දු ආගමේ ඉගැන්වීමක් බුද්ධාගමේ ඉගැන්විමකට අනුකූල නොවන නිසා […]