මේ උපදෙස් නොදෙන්නට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තෝරාගන්නේ වෙනත් පිලකි. හොද වෙලාවට ජනාධිපති උපදෙස් දුන්නා යැයි අපට සිතෙන්නේ ඒ නිසා ය.
ක්රිකට් ආයතනය නුසුදුස්සන්ගෙන් පිරී ඇති නිසා මෙහෙම පුංචි කාරණාත් කියා දීමට ජනාධිපතිට සිදුව තිබේ.
ඒ ගැන වගකිව යුත්තේ කවුද?
ජනාධිපතිට කප්පරක් වැඩ තිබියදී තේරීම් කමිටුව රජගෙදරට කැන්දා මෙහෙම උපදෙස් දීමට සිදුව තිබීමෙන් පෙනෙන්නේ අප කලින් හයිකාරයෙක් යැයි හිතුවාට ක්රීඩා ඇමති අතිශයින් දුර්වල පුද්ගලයෙක් බව ය. අලුත්ගමගේ හැටි දන්නා නිසා ජනාධිපති මෙසේ තෙමේම උපදෙස් දෙන්නට සිතුවා වෙන්නට බැරි ද?
කැබිනට් එකක් හරියට පත් කරගන්නට නොහැකිව විදින අමාරුව දන්නා නිසා ක්රිකට් කණ්ඩායමවත් නිවැරදිව පත් කරගත යුතු යැයි ජනාධිපතිතුමා හිතුවා වෙන්නට බැරි ද?
වැරදි කැබිනට් මණ්ඩලයක් පත් කිරීම නිසා රට බල්ලට ගියත් වර්ලඩ් කප් එකේ දී නෝන්ඩි වුවහොත් ඒවගේ නොවේ යැයි සිතීම එක අතකින් හරි ය. අපට ක්රිකට් ජීවිතය වගේ ය. ලෝක පරිමාණයෙන් වැඩක් පෙන්නන්නට ඉඩ ලැබුණු ප්රධාන ක්ෂේත්රයක් එය වූ නිසා ය.
එහෙම බැලුවහම ජනාධිපතිතුමාගේ අවසන් මොහොතේ හෝ කළ මේ මැදිහත් වීම වැදගත් ය. කවුරුන් හෝ එය ක්රිකට්වලට කළ දේශපාලන මැදිහත්වීමකැයි කියනවා නම් ඒ කවුරු වුවත් ක්රිකට්වලට ලංකාවේ හිමිතැන නොදන්නා උන් ය.
ලංකාව සෙල්ලක්කාර ජාතියක් යැයි නොදන්නා එකා ලංකවේ ඉන්නට සුදුසු නැති එකෙකි. ඒ මොනවා වුනත් එක දෙයක් කිව යුතු ය.
දැන් නම් අපට වර්ලඩ් කප් එක ලැබෙන එක වළක්වන්නට සක්කරයාටවත් බැරි ය.
නරිබෑනා
January 6, 2011
ඒ උනාට ඔය දුන්න උපදේසේ පොඩි කොස්සක් තියෙනවනේ.
ජනාධිපතිතුමා කිව්වෙ ‘එක එක්කෙනාට ඕනෙ විදිහට කවුරුවත් අයිං කරන්ඩ එපා’ කියලනේ…
දැං ඔය ‘එක එක්කෙනා’ කියන්නෙ කවුද කියන එකයි.. ‘කවුරුවත්’ කිව්වෙ කාටද කියන එකයි තෝරගන්නෙ කොහොමද අප්පා?
beyondframe
January 6, 2011
ඒකේ අදහස විරුද්ධ පක්ෂෙට ඕනැ විදිහට තීන්දු ගන්න එපා කියන එක නොවැ. කවුරුවත් කිව්වෙ ආණ්ඩු පක්ෂෙට සම්බන්ධ අය වෙන්න ඕන. බෑනෝ ප්රශ්නෙට උත්තර අනුමාන කරා මිසක් හරිහමන් තොරතුරක් දැනගෙන නම් නෙමෙයි කිව්වෙ. රටේ ලෝකේ වැඩ වෙන හැටියට බැහැ ගන්න පුලුවන් නිගමනේ තමයි ඕක!
සිත් මණ්ඩිය
January 6, 2011
චින්තනයට අනුකූලව ක්රීඩා කරලා ඔන්න ඔය කප්එක ඉස්සුවොත් කාටද අප්පා ආඩම්බර?
beyondframe
January 7, 2011
පැරදුනොත් ඒකෙ බ්ලේම් එක යන්න ඕන ක්රිකට් පරිපාලනයට තේරීම් කමිටුවට නායකයාට ක්රීඩකයින්ට අම්පයර්ලාට හා පිටිය සකස් කරන්නන්ට. දින්නොත් නම් ඉතින් චින්තනේට තමයි! ඒකට නම් මේ මැදිහත් වීමම මදැයි!
earhba
January 9, 2011
me parath kela wenawa…….. chinthaya hindama………neththam ape un oya cup eka genawaaaaaa