Browsing All Posts published on »June, 2010«

මේධානන්ද හිමියන්ට දහම් පාසල් යන්න ලැබුනානම් මෙහෙම අලකලංචියක් වෙන්නේ නැත!

June 30, 2010

45

එල්ලාවල මේධානන්ද හිමියන්ට හෙළ උරුමයේ නායකත්වය අහිමි වෙලා ය. පුරා විද්‍යා චක්‍රවර්තීට ඉතිහාසයේ කුණු බාල්දියට නොවැටී සිටින්නට නම් හෙළ උරුමයට වඩා හයිය අත්තක් දැන් අල්ලා ගත යුතුව තිබේ. එහෙම අතු නැතුවා නොවේ. එතුමා අප කීවත් නැතත් එහෙම අත්තක දැන් එල්ලෙනු ඇත්තේ ය. තමන් වෙනත් පක්ෂයකට සම්බන්ධවීමට හෝ තමන්ගේම පක්ෂයක් ගොඩනැගීමට හෝ කටයුතු කරන්නට බලාපොරොත්තුවන බව […]

මතම සරණං ගච්ඡාමි. අයවැය පියවා ගන්නේ වෙන අහවල් රෙද්දකින් ද?

June 29, 2010

7

අප තිත තියන්නට හැදූ මතම සරණ යාමට අපට සිදුවීම එක් අතකින් ශෝචනීය ය. අනෙත් අතින් ප්‍රීති දායක ය. ශෝචනීය බව ගැන අටුවා ටිකා වුවමනා නැතත් ප්‍රීති දායක වන්නේ කෙසේ දැයි ලිවිය යුතුම ය. මේ මිල ඉහළ දැමීම අපේ ආදායම වැඩි කර ගැනීම සදහා කරන ලද උප්පරවැට්ටියක් වුව ද බොහෝ දෙනෙකු විසින් සිතනු ඇත්තේ එය මතට […]

පුක්කුසාතී වෙදැදුරු සොයාගත් අපේ ලෙඩේ නොහොත් ප්රී මැචුඅර් ඉජැකියුලේෂන්

June 28, 2010

14

පුක්කුසාතී අපේ බ්ලොග් අඩවියට නිතර ගොඩ වෙයි. එතුමා පහුගිය දොහක ගොඩ වැදුණු වෙලේ අප සතුව ඇතැයි ඔහු විසින් සැක කෙරෙන ‍රෝගයක් ද ගවේෂණය කර අපට දැන්වීමට තරම් කාරුණික වූ හ. එතුමාගේ ඒ කුසලතාවය මගින් පෙන්නුම් කරන්නේ එතුමා වෛද්‍ය පසුබිමකින් එන කෙනෙකු බව ය. එය අපට අදාළ නොවෙතත් අප සම්බන්ධයෙන් දැක්වූ කාරුණික අනුග්‍රහයය වඩාත් ඔප් නංවා […]

පල්ලි කඩා දැමීම

June 27, 2010

12

පල්ලියක් කැඩීම නරක ය. එය අවුරුදු විසිපහක කාලයක් ති‍ස්සේ පවත්වා ගෙන ගිය එකක් වුනහම එය කඩා දැමීම තවත් නරක ය. එය දකුණේ කිතුනු දෙමළ ප්‍රජාව වන්දනා කරන තැනක් වුනහම හොදටෝම නරක ය. එය සිංහල බෞද්ධාගම වෙනුවෙන් අමු අමුවේ පෙනී සිටින ආණ්ඩුවකින් වුනහම වඩාත් නරක ය. එය ජනතාවගේ විරෝධය මත සිදු කළහම විශේෂයෙන් අපුල දනවන්නේ ය. […]

සකල විධ මිත්‍ය විශ්වාසයන්ට එරෙහි වෙමු! මිනිසුන් මරු තුරුලට යැවීමෙන් වළකමු!

June 27, 2010

24

මිත්‍යා විශ්වාස නිසා පොදුවේ මිනිසුන් ලබන අලාභයන් අති මහත් ය. එය උන්ගේ කරුමය යයි කියමින් අපට අත පිසදා ගත හැකි ද? එහෙත් අරුමය නම් සමහර එවැනිම මිත්‍ය විශ්වාස නිසා වාසිත් මිනිසුන්හට ලැබීම ය. උදාහරණයක් ලෙස යමක් කළ විට ලෙඩක් හොද වෙනවා යැයි සිතීමම ඒ ලෙඩය හොද වීමට (සමහර ලෙඩ සම්බන්ධයෙන්) හේතු වන නිසා ය. වෛද්‍ය […]

හඳ වෙනදාට වඩා ලස්සන ය

June 26, 2010

20

“පටියෙ තව හිලක් හදා ගන්නව නැත්නම් වෙන රස්සාවක් හොයා ගන්නව” ඒ ගෑණිගෙ හඩ ය. ඒ ගමන මොකාටද මේ එන්න හදන්නෙ? “ඇයි මොකද්ද ප්‍රශ්නෙ” කියා ගෙන මම ඈ දෙස බැලීමි. “ප්‍රශ්නෙ? කිරිපිටි ගනන් අහසට ගිහිල්ල, පාන් පිටිත් වැඩිවෙලා, ඇයි සීනි, ඒකත් වැඩිවෙල. පොල් ගහටත් කුරුමිණියෙක් නැගල. හාල්මැස්සත් පියාඹනවා.” මේකිට පිස්සු හැදීගෙන වත් එනව ද? හරි මට […]

බෞද්ධයින්ගේ කුහක වෘත්තිය

June 25, 2010

21

ලංකාවට බුදුබණ ගෙනාවෙ අද වැනි පොසොන් පෝ දිනක ය. එසේ ගෙනෙන ලද බුදුබණ ලංකාව තුළ ඇති කළ වෙනස මහත් ය. එහෙත් කාලයත් සමග බුදු බණ තමන්ට අවශ්‍ය පරිදි නැවත සකස් කර ගැනීමට බලවත්තු සමත් වූහ. ඒ නිසාම අද ඇත්තේ පිරිසිදු බුදුදහම සිය ජීවිතය කරගත් දේශයක් නොවෙ. එය කොඩියක් කොට ලෙලවන දේශයකි. මෙ තත්වය ගැන කම්පා […]