කෙළවෙනවා යයි සිතුවේ ඇමරිකාවට ය. කෙළවෙමින් තිබෙන්නේ අපට ද?

Posted on January 5, 2011



විකිලීක්ස් ලීක් කරන්නට පටන් ගත්තහම අපේ දේශප්‍රේමීන්ගේ සතුට ඉහවහා ගියේ ය. ඒ ඇමරිකාවට කෙළවෙනවා යයි සිතා ඇතිවූ සතුටට ය.

ඒත් දැන් නම් ලංකාව ගැන ඒක ලීක් කරන දේවල් බැලුවහම මේ විකිලීක්ස් නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් යයි සැක හිතෙන තරම් ය.

ඒ සමහර හෙලිදරව්වලින් කියන්නේ ඩග්ලස් දේවානන්දගේ කරුණාගේ හා පිල්ලෙයාන්ගේ මගෝඩි වැඩ ආණ්ඩුවේ හමුදාවල අනුග්‍රහය යටතේ උතුරේත් නැගෙනහිරත් ක්‍රියාත්මක වූ අකාරය ගැන ය.

ළමුන් හා ගැහැණුන් උස්සා ගෙන ගොස් වහල්කමට විකිණීමේ පටන් හමුදාභටයින්ගේ ආසාවන් මුදුන් පත් කරගන්නට උන්ව යෙදවීම දක්වා බොහෝ දේ ඒවායේ සදහන් ය. ඒ හරහා මුදල් ගරන ගණිකා සේවයක් පවත්වාගෙන යාම ද ඒ සදහා අහිංසකයන් බලාහාත්කාරයෙන් යොදා ගැනීමට කටයුතු කළ ආකාරය ද එහි සදහන් ය. ඒ ගණිකා හා වහල්සේවය ඉන්දියාව හා මැලේසියාව යන රටවල්වල ද ක්‍රියාත්මක කර තිබෙන බවක් ද එයින් කියවේ.

හමුදාව නීතිවිරෝධී මිනීමැරුම්වලට හවුල් නැතත් ඒවා කරන්නට මේ කණ්ඩායම්වලට ඉඩ දී අහක බලා සිටින බව ද ඒවායේ වැඩිදුරටත් සදහන් ය. එහෙම වුනහම වැරදි කරුවන් වන්නේ හමුදාව නොවේ. දේශපාලන අධිකාරියයි.

බලාගෙන ගියහම විකිලීක්ස් අලුතින් යුද අපරාධ ගැන සොයන්නට අවශ්‍ය ඔත්තු සපයමින් තිබේ. ඒවා තිබුනේ රාජ්‍ය රහස් හැටියට සැගවිලා ය. දැන් ඒවා කාටත් බලා ගන්නට එළියේ ය. කෙළවෙනවා යයි සිතුවේ ඇමරිකාවට ය. ඒත් හොදින් බලන විට වඩාත් කෙළවෙමින් තිබෙන්නේ අපට ය.

විකිලීක්ස් නවත්වන්නට ඇබයක්වත් ගසමුද? නැත්නම් ඒකටත් අධිරාජ්‍යවාදී ලේබලයක් අලවමු ද?

Advertisements
Posted in: Uncategorized