සියල්ල කරකවා අතහැරියා වැන්න. ලක්මව දැන් ඉන්නේ පැරදිලා ය. ලක්මව දිනවන්න නම් ඔබ චන්දය දිය යුත්තේ දිනේෂ්ට ය. රටට එකක්වත් දෙන්නට කවුරුවත් නැත. උන් තමන්ගේම මඩිය තර කර ගැනීමට බලනවා විනා එකක්වත් දෙන්නට කැමති නැත. ඔබ එසේ නොකර රටට එකක් දෙනවා නම් එය දිය යුත්තේ විමල්ට ය. දූෂණය වැහිවැහැලා ය. එය පිටු දකින්නට නම් දිය […]
March 30, 2010
Comments Off on බුදු බණ
ඊයේ පෝය දා ය. සැදැහැත් උපාසකයෙක් ලෙස කාලෙකට පසු සිල් සමාදන් වූ මට අගනා බණක් අසන්නට එයින් අවස්ථාවක් ද ලැබිණි. පුංචි වුවත් නොසළකා හැරිය යුතු නැති සතරක් ගැන බුදු බණේ සදහන් වන බව මා දැනගත්තේ එහිදී ය. පළමුවැන්න ගින්දර ය. පුංචි වුවත් නොසළකා හැරියොත් එයින් නගරයක්ම දවා අලු බවට පත් වන්නට වැඩි වෙලාවක් ගත නොවේ. […]
March 29, 2010
පංචායුද සාමාන්‍යයෙන් එල්ලන්නේ කුඩා ළමුන්ගේ ගෙලේ ය. අපේ මව්බිම ද තාමත් ඒ හැටි පරිණත වී නැති කුඩා ළමයෙක් බදු නිසා එවැනි පංචා යුදයක් එල්ලා ආරක්ෂාවක් ලබා ගැනීම හොද ය. ළමෝ නොතේරුම් කමට බොහෝ පව් කරති. පංචායුදයෙන් අපේක්ෂා කරන්නේ එසේ කරන පව් කම් නිසා තමන්ට සිදුවන කිසියම් අතුරු ආබාධයකින් බේරීමට ළමයාට ශක්තියක් ලබා දීමට ය. අපේ […]
March 28, 2010
Comments Off on හරකුන් හා මිනිසුන්
සරත් ෆොන්සේකාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් සරත් නන්ද සිල්වාට විරුද්ධව නොගෙන සිටීම තේරුම් රහිත වැඩකි. ඒ සරත් ෆොන්සේකා තරමට නැතත් ආණ්ඩුව අන්නවන්නට සරත් නන්දටත් වූවමනා නිසා ය. ප්‍රතිවාදීන්ට හොදට රිදෙන්නට ගහන්නට පුලුවන් නම් අලුත් ප්‍රතිවාදීන් මතුවන්නේ නැත. ඇත්තටම දඩුවම් කිරීමෙන් වඩාත්ම දිනාගන්නට බලාපොරොත්තුවන්නේ ඉස්සරහට සිදුවෙන නැගිටීම්ය. නැත්නම් මෙ මොහොතේ කිසිවෙක් නැගිටිතැයි සිතිය නොහැකි තරමට […]
March 27, 2010
Comments Off on දෙවියන්ගේ කැමැත්ත හා අපේ කැමැත්ත
සියල්ල සිදුවිය යුත්තේ දෙවියන් වහන්සේගේ කැමැත්තට පරිදි ය. දෙවියන්ට වැඩ අධික නිසා තමන් වෙනුවෙන් ඒ කාර්යය කිරීමට දේශය පාලනය කරන මහරජාණන්ටත් දෙව ගැතියන්ටත් පවරා තිබුනේ ය. ඒ යුගයේ උන් පෙනී සිටියේ තමන් දෙවියන්ගේ නිත්‍ය නියෝජිතයින් ලෙස ය. මෙ දෙකොට්ඨාෂය තනි තනිවමත් එකතුවීත් දෙවියන්ගේ කැමැත්ත ක්‍රියාත්මක කළහ. එතකොට අපට සිදුව තිබුනේ ඒ කැමැත්තට යටත්වීමට පමණකි. දෙවියෝ පසු […]
March 26, 2010
මියන්මාරයේ අගනුවරට ලයිට් ඇත්තේ පැය 8 කාලයකට ය. ඒ නිසා එහි මිනිසුන්ට ශීතකරණ භාවිතා කිරීමට නොහැකි ය. ඒ අතින් අප වාසනාවන්ත ය. අපට ශීතකරණයේ තබන්නට එහෙමකට යමක් නැතත් අඩුවශයෙන් ශීතකරණවත් තිබෙන බැවිනි. දැන් මියන්මාර පාලකයෝ වසර 20 කට පසු පැවැත්වෙන මැතිවරණයකට සූදානම් වෙමින් සිටිති. ඒ අවුන්සාන්සූකිගේ නිවාස අඩස්සිය තවත් මාස 18 කින් දීර්ඝ කිරීමෙන් පසු […]
March 25, 2010
ආණ්ඩුවට මෙ දිනවල මුදල් නැත. රජයේ සේවකයින්ගේ උත්සව අත්තිකාරම් නොව පඩි පවා ගෙවන්නේ ද අමාරුවෙනි. අනියම් සේවකයින් සඳහා වැටුප් 20 දා දින දක්වා පමණක් සකස් කරන ලෙස ආණ්ඩුවෙ ඇතැම් ආයතනවලට උපදෙස් ලැබී ඇත්තේ එහෙයිනි. කොහොම හරි 08 දා තෙක් සියල්ල වහගෙන ඉන්නට ලැබුනොත් නම් හරි ය. එතකොට තුනෙන් දෙක කොහොම වෙතත් බලය ලබා ගන්නට පුලුවන. […]
March 24, 2010
සිරසට ගල් ගසා ඇත්තේ ඇකොන් නිසා ය. ඔහු ගායකයෙකි. ඔහුගේ ගීයක පසුබිමට ඔහුගෙන ඇත්තේ බුදු පිළිමයකි. ඒ අභියස ඔහුගේ ගී තාලයට නළගනන් කීප දෙනෙක් රගති. එහෙව් එකෙක් ලංකාවට ගෙන්වීමට මාධ්‍ය අනුග්‍රහය සපයන්නේ සිරස ය. සිරසට ගල් ගසන්නේ ඒ නිසා ය. ඇත්තටම රාවය කර්තෘ වික්ටර් අයිවන්ට අනුව වැඩෙ හරි ය. මාධ්‍ය මීට වඩා වගකීමකින් යුතු ව […]
March 23, 2010
නීතිපති මොහාන් පීරිස් මහතා රට හැර ගිය ජනමාධ්‍යවේදීන්ට නැවත එන ලෙස ආරාධනා කළ බව ඇත්ත ය. එසේ පැමිණෙන අයට ආරක්ෂාව සළසන බව පොරොන්දුවූ එක ද බොරු නොවේ. එහෙත් එතුමා කුමන අවස්ථාවකදී වත් එසේ ගිය අයට ඇවිත් සිරස මාධ්‍ය ජාලයට සම්බන්ධ වෙන්නැයි කීවේ නැත. ඒ නිසා සිරසට ඊයේ ගැසූ ගල් මුල් ප්‍රහාරය ගැන නීතිපති මතය නැවත […]
March 31, 2010
3