Browsing All Posts published on »January, 2010«

ඔබට සුභ අනාගතයක්!

January 26, 2010

93

අමාත්‍යංශයක ලේකම් පදවිය දේශපාලන නායකත්වය විසින් පත් කරන්නේ වුව ද එය දේශපාලන පත්වීමක් ලෙස සළකනු නොලැබෙ. එහෙත් පහුගිය කාලයේ ලේකම් වරු ද දේශපාලනය කළෝය. දේශපාලන රැස්වීම් ද ආමන්ත‍්‍රණය කළහ. එය ජනාධිපති සොහොයුරු ගෝඨාභය රාජපක්ෂට සීමා වූයේ නැත. ජනාධිපතිගේ කිට්ටු ඥාතිත්වයක් ඇති ජනාධිපති ලේකම්ට සීමා වූයේ ද නැත. හමුදාව තුළ දේශපාලනය තහනම් ය. එහෙත් නාවික හමුදාවෙ […]

දැන්නම් ඉතින් දින්නත් පැරදුනා හා සමාන ය

January 26, 2010

25

අන්තිම විනාඩි ගානෙත් සරත්ගෙ චන්ද අයිතියක් අරගෙන විමල්ගෙ කැඩිච්ච කටත් ඉස්සරහින් තියාගෙන දුන්නෙ නැත් ද වැඩක්? ඒකටම සෙට් වෙච්චි ජනාධිපති නීතිඥලා! අඩු ගානේ චන්ද නීතිපොතකින් වත් උපුටා දැක්වීමක්වත් කරන්නෙ නැතිව ලවක් දෙවක් නැතිව  ඹහේ දෙනවා (වෘත්තීමය ගරුත්වය බල්ලටම දාලා) ටෙක්නිකල් පොයින්ට් එකකින් හරි නොකවුට් කරන්න පුලුවන් නම් මොකද කියල. ලජ්ජාවක් කොහි ද මේ “දේශප්‍රේමී” තක්කඩියයන්ට? […]

මෙකලත් එකල මෙන් මුහුද ගොඩ ගලාවිද?

January 26, 2010

32

ඉතිහාසය බොහෝ දෙනා දන්නේ නැත. ඒ නිසා ජැක්සන් ඇන්තනීලා ද ඉතිහාස ඔස්තාර් ලා වී තිබේ. බොහෝ දෙනෙකුට මතක නැති ඒ ඉතිහාසය අවදි කරවීමට අප සිතුවේ සිදුවෙමින් පවතින දේ ගැන ඇතිව තිබෙන විස්සෝපය නිසා ය. මේ අප ගෙන හැර පාන ඉතිහාසය බොහෝ දෙනා දන්නා අදුනන කෙනෙක් ගැන ය. එය දුටු ගැමුණු රජුගේ මෑණියන් වූ විහාරමහාදේවිය හා […]

එක් පැත්තක රජතුමා ය! අනෙක් පැත්තේ සෙනෙවි තුමා ය!

January 26, 2010

17

එක් පැත්තකින් කටවුට් පිරිවරාගෙන වඩින මහරජතුමා ය. අනෙත් පැත්තේ පුංචි පෝස්ටරයක් පමණක් අතැතිව පක්ෂ කාර්යාලයක් අභියස කු‍ඩා කටවුට් එකක් අටවාගෙන සටනට බැස සිටින සෙනෙවිතුමා ය. එක් පසෙක ජීවත්වන කලාකරුවන් පමණක්‍ නොව මියගිය කලාකරුවන් ද තොරතෝංචියක් නැතිව දැන්වීම්වලට පෙනී සිටිමින් පුවත්පත් දැන්වීම් පළකරමින්  නැවත පත් කරන්නැයි යදින මහරජතුමා ය. අනෙත් පැත්තෙන් එවැනි චන්ද දැන්වීමක් දා ගැනීමටවත් […]

දැන් ඇසෙන්නේ කස කාරයාගේ හඩ ය. ඊලගට එන්නේ පෙරහැර ය.

January 25, 2010

23

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස හා පක්ෂ කාර්යාලය සෝදිසි කරන්නට වරෙන්තුවක් ඉල්ලා අධිකරණයට ගිය පොලීසියට හිස් අතින් ආපසු එන්නට සිදුවිය. එහෙත් උත්සහය උන් අත්හරී ද යන්න තවම ප්‍රශ්නයකි. ප්‍රධාන පෙලේ නායකයින් සිරකරන්නට සැළසුමක මේ සළකුණු විය හැකි ය. ඊයේ කරු ජයසූරිය මහතාගේ බිරිදගේ නිවසක් ද එසේ සෝදිසියට ලක්විය. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍ය වේදියා ආ ගිය අතක් නැත. […]

කුඩා බිජුවක් පහළ කොට ගම දෙවනත් වන්නට කෙකර ගෑම

January 25, 2010

66

එක් එක් රටවල මගී හා භාණ්ඩ ප්‍රවාහනයේ පහසුකම් අනුව එනම් වරාය ගුවන්තොට හා මහාමාර්ග දුම්රිය පද්ධතිවල ප්‍රමාණය හා කාර්යක්ෂමතාවය අනුව එම රටවල් අනුපිළිවෙලට සකස් කොට සාදන ලද වගුවකට අනුව ලංකාවට 2007 හිමිව තිබුනේ 92 ස්ථානයයි. මෙම දර්ශකය ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ Logistics Performance Index යන නාමයෙනි. 2009 කරන ලද සමීක්ෂණය අනුව ලංකාව වසර දෙකක් තුළ රටවල් 40 […]

පබාට රැකියාව අහිමි කරන්නේ අපට ඉඩි අමීන් පෙන්වන ස්වාධීන රූපවාහිනියකින් වීම ලොකුම විහිලුව ය.

January 24, 2010

20

බොහෝ දෙනෙකුට පබා ටෙලි නාට්‍යයේ පබා නමින් රගපාන නිලියට සිදුව ඇති දෙය රටේ අවසන් කළ යුද්ධය හා සසදන විට අලගු තබන්නට වත් වටින්නේ නැති පුංචි කතන්දරයකි. එසේ තිබියදී මේ දේශපාලන බ්ලොග් අඩවිය එවැනි තුට්ටුදෙකේ වැඩක් ඉදිරියට ගන්නේ ඇයි ද යන ප්‍රශ්නය බොහෝ දෙනෙකුගේ සිත් තුළ සාධාරණ සාංකාවක් ඇති කර තිබේ. ඒ නිසාම මේ ගැන විමසීම […]