ජන මාධ්‍ය පිළිබද කැබිනට් නොවන ඇමතිගෙන් පොලිස්පතිට නියෝග

Posted on August 27, 2009



කැබිනට් නොවන ජන මාධ්‍ය ආමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පොලීසිය තුළ සිදුවන අකටයුතුකම් හා නොපනත්කම් ගැන පොලිස් කොමිසමට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පතිට උපදෙස් දී තිබේ.

මෙයින් පෙනී යන්නේ 

  • හොර රහසේම අමාත්‍ය ධුරවල ‍විශාල වෙනසක් සිදු කර ඇති බව ය.
  • පොලිස් දෙපාර්තමේන්තුව ජන මාධ්‍ය තුළ ඇතිකරන අති විශාල බලපෑම හේතුකොට ගෙන එම දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුයුක්ත කර ඇති බව ය.
  • තම‍න්ගේ අමාත්‍යංශය කුමක්දැයි ජනමාධ්‍ය ඇමතිට අමතකව ගොස් ඇති බව ය.
  • පොලිස්පතිට නිසි බලධාරියෙක්ගේ හරි උපදෙසක් නොලැබෙන නිසාත් ජනමාධ්‍යවේදීන් ඒ ගැන ප්‍රශ්න කරන්නේ තමන්ගෙන් නිසාත් ඒ කටයුත්ත අවසරයක් නැතිවම තමන්ට පවරා ගන්නට එතුමා තීරණය කර ඇති බව ය.
  • වැඩේ වෙනවා නම් කවුරු කරහම මොකදැයි එතුමාට සිතුන බව ය.
  • ජනමාධ්‍ය සමග සම්බන්ධ වූවිට ඕනෑම වැඩක් ආතල් පිට කළ හැකි නිසා පොලීසිය ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පැවතිය යුතු යැයි ලොක්කා තීරණය කර ඇති බව ය.
  • ඇත්තටම වුනේ මොකක් වුනත් සිද්ධ “විය යුතු” ආකාරයට යම් යම් දේ වාර්ථා කිරීමේ ජනමාධ්‍ය සතු කුසලතාව පොලීසිය සම්බන්ධ‍ මේ අර්බුදයේද භාවිතයට ගත හැකි නිසා එසේ කළ බව ය.
  • ජනමාධ්‍යවලට කතා කිරිමට මාතෘකා සැපයීමේ වගකීම ජනමාධ්‍ය ඇමති හැටියට එතුමා සතු බව එතුමා තේරුම් ගෙන ඇති බව ය.
  • පොලීසියේ ප්‍රශ්න තිබුනත් ඒවා ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ නොවන තාක් ඒවා ප්‍රශ්න නොවන නිසා පොලීසිය “නිවැරදි” කළ හැක්කේ ‍”නිවැරදි” ජනමාධ්‍ය භාවිතය තුළින් බව ලොක්කා පසක් කර ඇති බව ය.
  • මේ සියල්ල වන්නේ අපේ අහේතුව නිසා බව ය.
Posted in: Uncategorized