අනන්‍යතාවය හා ජාතික අභිමානය

Posted on August 27, 2010



පුද්ගලයෙකු සතු අනන්‍යාතාවය ස්වඅභිමානයට හේතුවක් වෙයි. ජාතියක් සතුව ද එවන් අනන්‍යතාවයක් හා ඒ මත ඇතිවුනු ජාතික අභිමානයක් තිබීම අවශ්‍ය ය.

සමහරු සිය අභිමානය සාදා ගන්නේ අල්ලපු වැටෙ ඉන්නා මිනිහාට ගහලා ය. නැත්නම් ගැහැණියට අවමන් කරලා ය. නැත්නම් කෙල්ලව සවුත්තු කරලා ය.

ජාතියකට ද වුවමනා නම් වටෙට ම නෙළමින් එවන් අභිමානයක් ගොඩ නගා ගත හැකි ය.

සමහර චණ්ඩි විරුද්ධ වාදීන් නැති තැන වචනයෙන් උන් කම්බස් කරමින් වීරකම් පාති.  විරුද්ධ වාදීයා ඈත එනු දකින විට හිමින් දිරාමාරු වෙති.

ජාතියකටත් තමන්ගේ භාෂාවෙන් සුද්දන්ට පලු යන්න බණිමින් එන විට මගහරින්නට පුලුවන. ඒ මගින් බොරු අභිමානයක් තනා ගන්නට පුලුවන.

බලය තියෙන උදවිය ඉස්සරහ ද බහුතරය ඉදිරියේ ද නිවට වී සුළුතරයේ කටයුතු මහහයියෙන් විවේචනය කරමින් මුදුනන් වන්නට පුලුවන.

අන් අය ගැරහීම සදහා ශබ්දකෝෂයේ ඇති තාක් විශේෂණ යොදාගන්නට පුලුවන. කඩප්පුලි කතා ද කුණුහරුප ද කියන්නට පුලුවන.

එහෙත් ඒ හැම එකකින්ම තැනෙන්නේ අභිමානයක් නොවේ. ඒවා නිර්මාණය කරන්නේ තමන්ගේ නිවට බව පිළිබද අගනා සහතික පමණි.

අනන්‍යතාවයක් අවශ්‍ය වුව ඒ මත අභිමානයක් ගොඩ නැගිය යුතු වුව එය කළ යුත්තේ අපගේ අභ්‍යන්තර ගුණාත්මක හරයන් හා දක්ෂතා ඔප් නංවා ගැනීමෙන් මිසක කලින් සදහන් කළ ආකාරයේ සැබෑ හා බොරු වීරකම් වලින් නොවෙ.

දුර්වලයින්ට හැබැහින්ම පුප්පා බලපුලුවන්කාරයින් නැති තැන බොරු වීරකම් පා ලබාගන්නා  අභිමානයෙන් වැඩක් නැත.

අනෙකාට හිස් වචනයෙන් පරිභව කර ලබන ජයෙන්ද ඇති කරන ස්වඅභිමානයක් නැත.

ගුණ නැණ දෙකින් යුත් ජාතියක් තනමු. අනන්‍ය තාවයක් ගොඩ නගමු. ඒ හරහා ජාතික අභිමානයක් නිර්මාණය කරමු.

Posted in: Uncategorized