සිංහල අප රකින හා නොරකින සාරධර්ම

Posted on September 9, 2009



අප සාරධර්ම රකින ජාතියක් යැයි සමහරු කියති. මෙය ඇත්තක් ද?  මෙය සැබැවින් විමසා බැලිය යුතු ප‍්‍රශ්නයකි.

අවංක කම අප ආඩම්බරයෙන් සදහන් කරන සාරධර්මයන්ට අයිති යැයි අපි මොහොතකට සිතමු. අප අවංක යයි කෙනෙක් කියන විට මතුවන පැනයක් ඇත. ඒ අප අවංක කාට ද යන්න ය.

අපට අපගේ ජාතියට අවංක වෙමින් මිනිස් සංහතිය ඉදිරියේ වංචනිකයින් විය හැකි ය. එවන් පිරිසකට සාරධර්ම ඇතැයි කිව හැකි ද?

චැනල් හතර රූපවාහිනියේ ප‍්‍රචාරය වුනු වීඩියෝ පටය සැබෑ එකක් ද අටවා ගත් එකක් දැයි සැබෑ ලෙස දන්නේ දෙවියන් පමණකි. ඒ නිසාම එය සත්‍යයැයි ගෙන ඒ ගැන ප්‍රශ්න කරන්නට අපි ඉදිරිපත් නොවීමු. එහෙත් සමහරු එය කොටින්ගේ නිර්මාණයක් බව දිවුරා පවසති. ඒ පිළිබදව අපක්ෂපාත විමර්ශනයක් පැවැත්වීම අප රටට එරෙහිව කරන මහා අපරාධයක් ලෙස සළකති.

අපේම අය විසින් කරන ලද පරීක්ෂණයක් ඊ යේ අපේ අයගේ පරිභෝජනය සදහා රූපවාහිනි ගණනාවක ප්‍රදර්ශනය විය. අපක්ෂපාත විමර්ශනයකට ඉඩ සැළසීමෙන් අපට නැතිවන්නේ කුමක් ද? එවැන්නක් අවශ්‍ය නැතැයි බැහැර කරන්නන් කවුද?

එසේ පවසන මිනිසුනුත් සාර ධර්ම රකිනවා ද?

අප අපේ ජාතියට අවංක වී ලෝකයට වංචනික වුනොත් ඒත් අප සාරධර්ම රකින්නේ යයි අපට කිව හැකි ද?

BF ට කුණුහරුපෙන් සංග‍්‍රහ නොකර මෙම ප‍්‍රශ්නයට උත්තරයක් දිය හැකි දේශපේ‍්‍රමියෙක් වුවමනා කර තිබේ!

Posted in: Uncategorized