අපරදිග ලෝකයම කැසකවන්නේ අපට කෙළවන්නම ය. අලුත් මිතුරන් සොයා ලෝකය පීරමු.

Posted on September 8, 2009



කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කර ඇතත් ශ්‍රී ලංකාවට එන නැව් හා ගුවන් යානාවලට පනවා ඇති රක්ෂණ අවදානම දැන්ම ඉවත් කළ නොහැකි යයි ලන්ඩනයේ ලොයිඩ්ස් රක්ෂණ සමාගම කියයි. මෙම අධිභාරය ඉවත්කරන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එම සමාගම එසේ පවසයි (මේ බව පළ කළේ ලංකාදීප වෙබ් අඩවිය යි.)

මෙයින් පෙනී යන්නේ

  • තවමත් කොටි අවදානම පහව නැතැයි රජය විසින්ම පවසන නිසා ඔවුන් බියව ඇති බව ය
  • තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාධ්‍ය වේදීන් වසර 20 ක කාලයකට හිරේ දැමීමට තරම් දරුණු තත්වයක් පවතින නිසා අවදානම ඉවත්කිරීමට තවම කල් මදි යැයි ඔවුන් කල්පනා කරන බව ය
  • අවතැන් කදවුරුවල මහත් ඕනෑකමින් රකින ඊලග කැරැල්ලේ බිත්තර කොයි මොහොතේ හෝ පුපුරා පැටවුන් එලියට එන්නට ඉඩ ඇතැයි අපට හිතුන කාරණයම ඔවුන්ට ද හිතෙන්නට ඇති බව ය
  • සුද්දන් අප රට නැති කිරීමට කළ හැකි හැම දෙයක්ම කරමින් සිටින බව ය
  • රක්ෂණය සදහා ඉන්දියානු හෝ චීන සමාගමක් නැතිනම් ලිබියන් හෝ ජෝර්දාන් සමාගමක් සොයා ගත යුතු බව ය
  • පිටරටින් බඩු ගෙන්වා නොගෙන ජීවත්වීමට කාලය එළඹෙමින් ඇති බව ය
  • පිටරටට බඩු විකුණා ජීවත්වීමේ දීන ජිවන ක්‍රමය අප විසින් අත්හළ යුතු බව ය
  • නැව්තොට පමණක් නොව ද ගුවන් තොටුපොළ ද වසා දමා අල්පේච්ඡ ජිවිතයක් ගත කිරීමට හිත හදා ගත යුතු බව ය
  • සුද්දාට දෙකක් කතාකොට පොඩි තගක් දමා ගාන බස්සා ගත යුතු බව ය

 

Posted in: Uncategorized