අඩනා අඩහැරය

Posted on May 7, 2009



ඉර පැනීමෙන් ලැබිය හැකි දේ ගැන වැටහීමක් තවම නැති සසික තම අඩ හැරය ඔස්සේ අඩන්නට පටන්ගෙන ඇත. ඔහුගේ අවබෝධය සඳහා මෙය ලියන්නට සිතිණි.

පොලිස් හා ඉඩම් බලතල පමණක් නොව වෙනම රාජ්‍යයක් ද ඉල්ලා සිටියාවූද ඒ සඳහා යුද වැද සිටි පාර්ශවයේ නැගෙනහිර ප‍්‍රාදේශීය නායකයාවූ ද දළදා මාලිගාවට පහර දීම ඇතුළු තව බොහෝ දකුණේ ප‍්‍රහාරයන් පෞද්ගලිකව මෙහෙයවූ ද කරුණා, ඉර පැන්නාට පසු, ආණ්ඩුපක්ෂයේ පත් කළ මන්ත‍්‍රීවරයෙක් වී ඉන්පසු ඇමති කෙනෙක් වී ඉන්පසු ශ‍්‍රීලනිපයේ උප සභාපති වූයේ ය. ඉර පැනීමෙන් ලද හැකි දේ එබඳු ය.

මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීම උදෙසා ශ‍්‍රීලනිපය තුළ වඩාත් දරදිය ඇඳි පුද්ගලයෙක්වූ ශ‍්‍රීපති සූරියආරච්චි මහතා, ඉර වැරදි පැත්තට පැණීමෙන් පසු, ආණ්ඩුවේ නිල වාහන අනිසි ලෙස භාවිතා කළ ප‍්‍රථම හිටපු ඇමතිවරයා ලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ය. ඉර වැරදි පැත්තට පැනීමෙන් ලද හැකි අවාසි එබඳු ය.

හරියට ඉර පැනීමෙන් දේශද්‍රෝහියෙකුට දේශපේ‍්‍රමියෙකු වීමටත් අතීතය සොදා පවිත‍්‍රකර ගැනීමටත් ලැබෙන අතර වැරදියට ඉර පැනීමෙන් නැති අතීතයකට පවා උරුම කිරීමටත් ඉඩ ලැබෙන්නේ ය.

රාජිත සේනාරත්න, රෝහිත බෝගොල්ලාගම, මහින්ද යාපා අබේවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, තිලංග සුමතිපාල, ආර් දුමින්ද සිල්වා  ඉර පැන එසේ සෝදා පවිත‍්‍රවූ අයයි.

ඉතින් මේ ඉර පැන Beyondframeට මේ සෝදා ගැනීම කරන්නට බැරි යයි සසික හිතන්නේ ඇයි? අපට ඇති පැනය එයයි.

එසේ වූ දාට සසිකට ද අපට යටත් වන්නට සිදු නොවී තිබේවී ද?

කෙතරම් දේශපේ‍්‍රමින්, දැන් කරුණා පවනට බඳුවේගයෙන් යන විට තම යාන වාහන නවතා ගෙන ඒ පෝලිමට ඉඩ දී පැත්තකට වෙනවා ද? ඒ ගොඬේ සසික හිට ගෙනවත් ඉඳ නැත් ද?

හෙට අනිද්දා ඉර පැන Beyondframe  ඇමතිවරයෙක් වුනහම සසිකට කාණුවට බැස  යනකම් ඉන්න වෙන්නේ නැත් ද?

එතකොට සසික වැටෙන්නේ මොන කොලයට ද?

Posted in: Uncategorized