යුගයේ දැවෙන ප‍්‍රශ්න

Posted on May 7, 2009



ශ‍්‍රී ලංකාවේ යුද මුක්ත කලාපය පිහිටියේ කොහේ ද

තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන් මේ දවස්වල වැඩ වාසය කරන්නේ කොහේ ද

ප‍්‍රභා ඉන්නේ කොහේ ද

ශී‍්‍ර ලංකාවේ සිංහයන් සිටින්නේ කුමන ප‍්‍රදේශයක ද

සුද්දා දැන් පාඩම් ඉගෙනීම සඳහා පෝලිමේ යන රට කුමක් ද

වෛරයෙන් පමණක් වෛරය සංසිඳෙන බව ප‍්‍රකාෂ කළ ආගමික ශාස්තෘ වරයා කවුද

සිවිල් ජනතාවගේ එක් අයෙකු හෝ මිය ගියොත් එයින් තම හදවතට දරා ගත නොහැකි කම්පාවක් දැනෙනු ඇතැයි කිවූ ත‍්‍රස්තවාදයට එරෙහිව යුද්ධයක් මෙහෙයවන එකම සේනාධිනායකයා කවුද

සුද්දන්ට නින්ද නොයන්නේ කුමන ජාතිය ලොව පවතින තුරු ද

සෑම පෝයකටම බණ අසන එකම රාජ්‍ය නායකයා කවරෙක්ද

මිනීමැරුමක් සම්බන්ධයෙන් මිනීමරුවා නිදහස් කොට භාවිතා කළ තුවක්කු හා කැබ්රථ අත්අඩංගුවට පත්වන රට කුමක් ද

උසාවියෙන් සොයන සැකකරුවෙකුට අත්අඩංගුවට පත්වීමෙන් තොරව රටේ පාලකයා මුනගැසීමට යාමට නිදහස ඇති එකම රට කුමක් ද

බුදුන්වහන්සේට සින්නක්කර ඔප්පුවකින් ලියා දී ඇති රට කුමක් ද

සක් දෙවිඳුන්ගේ පඩුපුල් අසුනට කුමක් වී ද

කර්තෘ කෙනෙකු නැතිව ක‍්‍රියාවන් සිදුවන ඒ නිසා කර්ම කාරකය විතරක් භාවිතාවේ යෙදෙන රට කුමක් ද

ප්ල්ග් එකක් හරහා නැතිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා සම්බන්ධ විය හැක්කේ කෙසේ ද

රජයේ නිල වාහන අයථා ලෙස භාවිතය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ එකම, ප‍්‍රථම හා අවසාන ඇමතිවරයා වූයේ කවුද

බ‍්‍රිතාන්‍යයේ පදිංචිවන්නට හොරෙන් ගොස් අසුවී සිර දඩුවමක් විඳ වීරයෙක් වීම නිසා නැවත ලංකාවට ගෙන්නා ගනු ලදුව ඇමතිකමකින් පුදන ලද එකම ලාංකිකයා කවුද

ආණ්ඩු පක්ෂයේත් විරුද්ධපක්ෂයේත් එක්වර මන්ත‍්‍රීවරුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ සහිත එකම රාජ්‍යය කුමක් ද

අල්ලස හා දුෂණයෙන් දෙවැනි තැන ලැබීම ගැන ආඩම්බර වන දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් සිටින ලොව එකම රට කුමක් ද

ලොකෙන්ම උතුම් රට පිහිටියේ කොහේද

Posted in: Uncategorized