Beyondframe’s position on LTTE

Posted on January 28, 2009



tamilnet.tv බ්ලොග් අඩවියේ beyondframe නම යොදා එහි url එකද යොදා ප‍්‍රතිචාරයක් පළ කර තිබිනි. ඊට beyondframe ගේ සම්බන්ධයක් නැත. මෙයින් පෙනී යන්නේ beyondframe අපහාසයට පත් කරන්නට දිගින් දිගටම උත්සහයක් පවතින බව ය.

අප ගැන දන්නා උදවිය මේවා විශ්වාස නොකරන බව අපට සහතික ය. අප වැනි බ්ලොග් අඩවියකට කෙළින් ප‍්‍රතිඋත්තර දීමට අමාරු මෙවැනි අය ගැන අපට ඇත්තේ අනුකම්පාවකි.

අප පෙනී සිටින්නේ අනාගතය වෙනුවෙනි. හෙට අනිද්දා මියයාමට අපේක්ෂිත යුද උන්මාදය වෙනුවෙන් නොවේ.

අපට එල්ටීටිය සමග පෑහීමක් නැත. අප එල්ටීටිය දකින්නේ දකුණේ මුග්ධ භාවයට ප‍්‍රතිචාරයක් ලෙස පැන නැගුනු උතුරේ මුග්ධ භාවය ලෙසිනි.

එල්ටීටිය ඒ නිසාම දකුණේ නිශ්පාදනයකි.

අප සියලූ ආකාරයේ ත‍්‍රස්තවාදයන්ට විරුද්ධය. අප වඩාත්ම විරුද්ධ ත‍්‍රස්ත වාදය ඇතිවීමට තෝතැන්නක් බිහිකරන්නන්ට ය.

Posted in: Uncategorized