කුණු බ්ලොග් වලට හොට දැමීමේ කැත පුරුද්ද

Posted on November 28, 2008



අපගේ හිතවත් විවේචකයින් තමන් පිළිබඳවම කම්පාවට පත්ව ඇති එකම හේතුව මේ කැත පුරුද්දෙන් ගැලවීමට ඔවුන්ට නොහැකි වීම ය. මා ද පාපෝච්චාරණයක් කරන්නේ නම් ඒ කැත පුරුද්ද මට ද ඇති බව පිළිගන්නට සිදුවේ.

අප කඳවුරු දෙකක සිටිතත් අඩුවශයෙන් එක කාරණයක් සම්බන්ධයෙන් පොදු ලක්ෂණ පෙන්නුම් කරන බව එයින් පෙනේ.

මේ ගැන කලබල විය යුතු නැතැයි යන්න මගේ විශ්වාසයයි. බොහෝ දෙනෙකුට රටට වෙන්නේ කුමක් දැයි හැඟීමක් දැනීමක් නැත. ඔවුහු ඔවුන් වටා සිදුවෙමින් තිබෙන සියල්ලට අසංවේදී ය. ඒ අතින් මා පමණක් නොව ඔබ ද ලැබෙන දෙයකින් සප්පායම් වී හොඳට නිදාගෙන ඔහේ ලැබුණු දිවිය ගෙවන්නට සූදානම් නැති ගොඩට වැටේ. ඒ අර්ථයෙන් අප දෙපිරිසිටම ආඩම්බර විය හැකි පොදු යමක් තිබේ.

මගේ මතය වෙනුවෙන් පෙනී සිටින අතරතුරම මා ඔබේ මතයට ගරු කරන්නේ ද එය දැරීමට ඔබට ඇති අයිතියට ගරු කරන්නේ ද ඒ හේතුවෙනි.

ඒ නිසා කුණු බ්ලොග්වලට හොට දැමීමේ කැත පුරුද්ද මම අත නොහරිමි. ඔබට ද එය අත හැරීමට බැරි බව මම දනිමි.

කුණු බ්ලොග්වලට හොට දැමීමේ කැත පුරුද්ද අත් හරින්නට බැරි අයට ආරාධනයක් කිරීමට කැමැත්තෙමි. කලකට ඉහත මා පළ කළ ආගම යනු (1) හා ආගම යනු (2) බ්ලොග් සටහන්වලට ද හොට දමා බලන ලෙස ය. කුණු ගොඩට එකතු කරගැන්මට කුණු ගොඩක්ම එහි ඇති බැවිනි.

Posted in: Uncategorized