කෙළවෙනවා යයි සිතුවේ ඇමරිකාවට ය. කෙළවෙමින් තිබෙන්නේ අපට ද?

January 5, 2011

16

විකිලීක්ස් ලීක් කරන්නට පටන් ගත්තහම අපේ දේශප්‍රේමීන්ගේ සතුට ඉහවහා ගියේ ය. ඒ ඇමරිකාවට කෙළවෙනවා යයි සිතා ඇතිවූ සතුටට ය. ඒත් දැන් නම් ලංකාව ගැන ඒක ලීක් කරන දේවල් බැලුවහම මේ විකිලීක්ස් නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් යයි සැක හිතෙන තරම් ය. ඒ සමහර හෙලිදරව්වලින් කියන්නේ ඩග්ලස් දේවානන්දගේ කරුණාගේ හා පිල්ලෙයාන්ගේ මගෝඩි වැඩ ආණ්ඩුවේ හමුදාවල අනුග්‍රහය යටතේ උතුරේත් […]

Posted in: Uncategorized

Lanka Rise – ස්ටොක් මාර්කට් ඉහළට

January 4, 2011

13

ගිය වසරේ ආසියාවේ හොදම කොටස් වෙළද පොළ බවට ශ්‍රී ලංකා කොටස් වෙළද පොල පත්ව ඇති බවට ආරංචිය ගෙනාවේ  Rise of Lanka වෙබ් අඩවිය යි. ඒක කියවන කොට මගේ මතකයට ආවේ සංඛ්‍යායනය අපට උගැන්වූ ගුරුවරයා ය. ඔහු කීවේ වරක් ස්විස්ටර්ලන්තයේ විරැකියාව 300% න් ඉහළ ගිය බවත් එතරම් අනුපාතයකින් විරැකියාව ඉහළ ගිය රටක් තවත් නොවූ බව ය. […]

Posted in: Uncategorized

වෙන වැඩක් බලාගන්නවකො අයිසෙ විදේශ කටයුතුවලට විතරක් ඇගිලි ගහන්නෙ නැතිව!

January 3, 2011

3

බෑන් කී මූන්ගේ පැනල් එක දැමූ වෙලාවේ මෙහේ තිබුනේ ගෝරි ගොඩකි. එක්කෙනෙක් තව පොඩ්ඩෙන් මැරෙන්නත් යනවා ය. යම්තම් බේරා ගත්තේ රජතුමාගේ තිබුණු හයියට ය. එහෙව් එකේ මේ පැනලයට මෙහෙ එන්න කීවේ මොකාදැයි ප්‍රශ්නයක් ඇති විය. අන්තිමට එහෙම කිව්ව කෙනෙක් හොයා ගන්නට බැරි විය. ජානිපෙ එකෙන් නම් කිව්වේ විදේශ අමාත්‍යංශයට රිංගා සිටින කොටින්ගේ වැඩක් විය හැකි […]

Posted in: Uncategorized

බලය නොබෙදා ජනතාව සවිබලගැන්වීම නොහොත් එජාප අලුත් බලාපොරොත්තුවේ යථාව

January 2, 2011

6

සජිත් නායකත්වය පතන්නෙකි. සමහර විට ඔහුට එය හිමිවන්නට ද ඉඩ තිබේ. එහෙම කෙනෙක් කියන ඒවා නැවත විමසිය යුතු ය. ඒ ඒවා පසු කාලෙක හෝ සමාජයේ මූලික ප්‍රවාහය තුළ මුල් බැස ගත හැකි නිසා ය. සජිත්ට අවශ්‍යව ඇත්තේ රනිල් මෙන් නොව තමන් ජනතාවගේ නායකයෙක් බව කියන්න ය. එහෙම අවස්ථාවක කළ හැකි හොදම දෙය ජනතාවගේ තත්වයට පසු […]

Posted in: Uncategorized

නව වසර සුභදායක වන ලකුණු පහල වී ඇත්තේ ය.

January 1, 2011

2

රටේ මෙතෙක් පැවති ප්‍රධාන ප්‍රශ්න දෙකක්ම 2010 වසරේ විසදා ගැනීමට ලැබීම රටක් හැටියට අප ලැබූ අතිවිශාල ජයග්‍රහණයක් ලෙස සැළකිය හැකි ය. ඒ නිසාම නව වසර අලුත් බලාපොරොත්තු අපේක්ෂා ඇතිව ආරම්භ කළ හැකිව තිබේ. එකක් නම් ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට ගත් තීන්දුව ය. අනෙක සිලෝන් යන නම වෙනුවට සියලු ආයතන ශ්‍රී ලංකා ලෙස නම් කිරීමට […]

Posted in: Uncategorized

එතුමන් නිසා අප පින් කළ බව දැනේ!

December 31, 2010

8

ගෑස්මිල වැඩි කිරීමට සමාගම්වලට වුවමනා වුවත්තමන් ඊට ඉ‍ඩ දෙන්නේ නැතැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා කියා තිබිනි. එතුමා නොහිටින්නට අප ඉවර ය. අප දැන් රහ කරකර බිත්තර රු 12 ට කන්නේ එතුමාට පින්සිද්ද වෙන්න ය. පොල් ගෙඩිය තිහට ගන්නේ එතුමා‍ට ස්තුතිවන්ත වෙන්නට ය. කුකුල්මස් නොකෑවත් කටු සූප්පු කරන්නේ එතුමාගේ ඥානවන්ත භාවයට කෘතඥ වෙන්නට ය. ඒ පිටට රජතුමා […]

Posted in: Uncategorized

මාතෘකාව දෙවියන් – තහනම් වචනය මිනිසා

December 30, 2010

16

දෙවියන් ඔබ සමග කතා කරතැයි ඔබ කියන විට ඔබට මානසික ‍රෝගියෙකු යැයි කියන මිනිසුන්ම ඔබ දෙවියන්ට කතා කරන විට ඔබ යාඥා කරතියි කියති. ඒ ගැන පුදුමය පළ කරන්නේ තෝමස් ත්සාස් ය. මෙයින් කියවන්නේ අප දෙවියන් හමුවේ කියෙවුව ද දෙවියන් අප හා කියවන්නේ නැති බව ය. ඒ ගැන අප පුදුම වන විට දේවගැතියන් අපට කියන්නේ දෙවියන් […]

Posted in: Uncategorized