සජිත් නායකත්වය පතන්නෙකි. සමහර විට ඔහුට එය හිමිවන්නට ද ඉඩ තිබේ. එහෙම කෙනෙක් කියන ඒවා නැවත විමසිය යුතු ය. ඒ ඒවා පසු කාලෙක හෝ සමාජයේ මූලික ප්‍රවාහය තුළ මුල් බැස ගත හැකි නිසා ය.
සජිත්ට අවශ්‍යව ඇත්තේ රනිල් මෙන් නොව තමන් ජනතාවගේ නායකයෙක් බව කියන්න ය. එහෙම අවස්ථාවක කළ හැකි හොදම දෙය ජනතාවගේ තත්වයට පසු බැසීම ය.
ජනතාව ඉහළ තලයකට ගෙන ඒමට වඩා උන් සිටිනා තැනට යාම පහසු ය. නායකත්වයට කෙටිම පාර වැටී ඇත්තේ ඒ හරහා ය. ඒ නායකත්ව තනතුර හෙබවීමට මිස නායකත්වය දැරීමට නම් නොවේ.
බලය බෙදීම ජනතාවට දැන් වහකදුරු කොට හමාර ය. බෙදනවා යයි කියන කොට මිනිසුන් හිතන්නේ තමන් ලග තියෙන එකක් දෙන්න වෙනවා කියා ය. එහෙත් සවිබල ගන්වනවා යයි කිව්වහම බෙදා ගන්නේ නැති ලබා දීමකි. එතකොට තම ගොඩ අඩුවන්නේ නැති නිසාම ෂේප් ය.
මධ්‍යයට කේන්ද්‍රවී ඇති බලය පරිධියට නොබෙදා පරිධිය සවිගැන්විය හැකි යයි කියන්නෝ සැබෑ ලෙස ජනතාව රවටන්නෝ ය.
ඒ නිසාම එජාප නායකයා වීමට පමණක් නොව රටේ නායකයා වුව වීමට සජිත් සුදුසුකම් සපුරා ඇති බවක් පෙනෙන්නට තිබේ. මේ රජමාලිගයට ඇති කෙටිම පාර ය.
එහෙත් සජිත් ළමයෝ පුංචි පරහක් ඇත්තේ ඔය කියනා සවිබල ගැන්වීම මහින්ද මහරජතුමා විසින් අගේටම කරගෙන යන එකක් වීම ය. ඔය ළමයාට ඒකට අලගු තියන්නටවත් පුලුවන් වේදැ යි අපට නම් සැක ය.
අප පහුගිය දොහක විකල්පයක් වෙනුවට ආදේශකයක් සොයන විපක්ෂය යන මැයෙන් මේ ගැන සටහනක් ලීවේ සජිත් මේ නායකත්ව පොරයට එක්වන්නට පෙර ය. බොරුව ශ්‍රීලනීපයෙන් වෙනුවට එජාපයෙන් සිදු වන්නේ නම් අලුතින් එජාපයක් ඒ සදහා අපට අවශ්‍ය නැත්තේ ය.
අපේ රටේ අනාගතය යහපත් වන දවස නම් බොහෝ ඈත බව මේ සියල්ලෙන් පෙනී යන්නේ ය.
මෙ මං ආයිබෝං
January 2, 2011
අනේ මංදා එහෙනං රනිල්ටම කියමු රට ගොඩ ගන්ට කියලා..එතකොට පෙනෙයි අනාගතය යහපත් වෙන හැටි.
හැබැයි වෙන කාගේදෝ…
beyondframe
January 2, 2011
ඇයි ඉන්න බූරු කුට්ටමෙන්ම අපි අනන්න ඕන ය කියල නියමයක් එහෙම තියෙනවද?
ගුස්ති ලාල්
January 2, 2011
සෑර්ලට පයිත්තියන් ද? වෙන කවුරුවත් මොකට ද? අපේ මහරජානන් ඉන්නෙ. වාහනයක නැග්ගත් මුලු වාහනේම පිරෙනවා. වාසනාව උතුරනවා. ඇල්ලුවත් සනීපයි. මත වුනත් ඒ අතින් දුන්නහම තිත්ත නෑ පව්ත් නෑ. මරාන්තික උපවාසයක් වුනත් වතුර උගුරක් දෑතින් දුන්නහම සනීප වෙනවා. වෙනව මොනව ද සෑර් ඕන රාජ්‍ය නායකයෙකුට!
Anonymous
January 2, 2011
Ape ‘padda’ malayata kade gihin hathi watilada natnam, athuru antharawakwath welada, kalekin dakke na undawa
කඩප්පුලියා
January 2, 2011
මහින්දට රට මේ ආකාරයට පාලනය කරන්න පුළුවන්නම් සජිත්ටත් එය කල හැකි.සජිත්ට පමණක් නොවෙයි දුමින්ද සිල්වාටත් මේ රට මේ විදියට කල හැකි.අවශ්‍යව ඇත්තේ මේ පන්නයේ පාලනයක් නම් සජිත් එයට හොඳටම ප්‍රමාණවත්.නමුත් ප්‍රශ්ණය අපට අවශ්‍ය මේ පවතින ආකාරයේ පාලනයක්ද යන්නයි.
Nuwan
January 3, 2011
විකල්පයක් වෙනුවට ආදේශකයක් සොයන විපක්ෂය
https://beyondframe.wordpress.com/2010/08/30/10aug30/