Browsing All Posts published on »December, 2010«

යුද අපරාධ ගැන බියොන්ඩ් ෆ්රේම් මතය

December 21, 2010

6

යුද අපරාධ ගැන අපේ මතය කුමක්දැයි සගයෙක් අපෙන් ඇසී ය. ඇත්තටම එය මාතෘකාවක් කොට නොගත්තේ කුමන හේතුවක් නිසා දැයි අපට ද දෙවරක් සිතීමට ඒ ප්‍රශ්නය බල කළේ ය. සමහර විට සවිඥානකව නොවුවත් අවිඥානකව අපම ස්වයං වාරණයක් දාගත්තා විය හැකි ය. ඒත් ඒ විමසුම තවදුරටත් මගහැරිය නොහැකි ය. ඒ නිසා යුද අපරාධ සම්බන්ධයෙන් අපේ ස්ථාවරය මෙසේ […]

ජාතික ගීය දෙමළාගෙන් බේරා ගැනීම

December 20, 2010

32

රට දෙමළාගෙන් බේරාගත්තාට පසු අප ලැබූ ලොකුම ජයග්‍රහණය සේ සැළකිය හැක්කේ ජාතික ගීය දෙමළාගෙන් බේරා ගැනීම ය. පහුගිය දවස්වල පත්තර ‍බ්ලොග් බලන විට දැනුනේ එසේ ය. ලංකාවේ භාෂා හැට හුටහමාරක් නැත. ඇත්තේ දෙකකි. ඒ නිසාදෝ ඒ දෙකම රාජ්‍ය භාෂා ය. මුලදී එසේ නොවී වැඩේ කොහුවුනාට පසු දෙකම රාජ්‍ය භාෂා වූ බව ඉතිහාසය කියවා නැති අය […]

විසිඑක් වෙනි සියවසේ හොදම දේශපාලන සොයා ගැනීම

December 19, 2010

4

විමල් වීරවංශ ඇමතිතුමා නැවතත් කණ්ණාඩිය ඉදිරියට ගියේ සියල්ල හරි දැයි හගිස්සවා දැන ගැනීමට ය. ඔහු නැවතත් කෝට් බෑය සැකසුවේ ය. ටයි පොල්ල බෙල්ලට තද කළේ ය. ජෙල් ගා පීරු කොණ්ඩය අතින් නැවත පිරි මැද්දේ ය. සියල්ල හරි යයි සෑහීමකට පත්වූ පසු කාමරයෙන් එලියට බැස්සේ කෝ කට්ටිය ලෑස්ති ද කියා අසමිනි. බස් ලෝඩ් එකක සෙනග ඇමති […]

පව් අප්පා! හෙට අනිද්දා කැබිනට් සගයෙකුට දැලිපිහි සංග්‍රහයක් ලැබීමට නියමිත ය!

December 18, 2010

5

කටට එන එකක් ඔහේ කියන්නට පුරුදු වී සිටින ආචාර්ය මර්වින් සිල්වා ගරු ඇමතිතුමා මහජන කටයුතු අමාත්‍යංශය බාර ගෙන තිබෙන්නේ ද තමන්ගේ ඒ පුරුද්ද තවමත් පවතින බව මහජනතාවට කියා පාමින් ය. බතික් කමිසයක් ඇදගෙන පැමිණිම නිසා කැබිනට් මණ්ඩලයෙන් එලියට ඇද දැමු මේ කොල්ලා එසේ එලියට ඇද දැමූ ප්‍රින්සිපල් සමග තරහ නොවී ඒ බව ගම පුරා ප්‍රචාරය […]

අපේ ඉරණම අප උත්පත්තියෙන් ගෙන එන්නෙමු ද?

December 17, 2010

15

කේන්දරය විශ්වාස නොකරන අය පවා අප උත්පත්තියෙන් අපේ ඉරණම ගෙන එනවා යැයි විශ්වාස කරති. ඊට විද්‍යානුකූල පදනමක් ද සපයති. ඔවුන්ට අනුව ඉරණම ඇත්තේ ග්‍රහචාරයේ නොවෙතත් එය අප විසින් උරුම කරගන්නා ජානවල කොටා තිබේ. ඉතින් අප බුද්ධිමත් වෙන්නේ ඒ අනුව ය. අප‍ගේ වටිනාකම් සාරධර්ම හැදෙන්නේ ඒ අනුව ය. අපේ අනාගතය ලියැවී ඇත්තේ කේන්දරේ නොවේ නම් ජානවල […]

කේන්දරේ නිසා මිනිසුන් විදින නොවටිනා දුක

December 16, 2010

43

බටහිර රටවල ‍බොහෝ මිනිසුන් කේන්දර බලන්නේ නැත. එහෙත් උන් අප තරම් උන්ගේ ජීවිත අනාගන්නේ ද නැත. අපි හැම මගුලටම ‍කේන්දර බලමු. ඒ වුනාට හරියන්නේ නැති මගුල් ගාන හරි යන ගානට වඩා වැඩි ය. දික්කසාද අඩු සමාජ තහංචි හා සමාජ ආකල්ප නිසා මිසක සාම්‍යය පවුල් සංස්ථාව තුළ රජයන නිසා නම් නොවේ. ඒබ්‍රහම් ටී කොවුර් එක් කලෙක […]

වේකන්සියක් තියෙනවා සැබෑ බුදු පුතෙකුට!

December 15, 2010

4

සියල්ල අත්හැර අබිනික්මන් කළ බුදුන් කැදවලා කනෙන් ඇද පහර දී බාර දුන්නා වැට කොටු ගැසු දේශයක් කිව්වාය ඊට මේ බුදුන්ගේ දේශය හිටෙව්වා හතර වටේට බුදු පිළිම වැට ඉණි වෙනුවට මායිම් ලෙසට ඉවසුවා බුදුන් මුවින් නොබැණම කාට කියන්නට හැකි අවනඩු ද මේ? කලියුගය ද කොහෙද කලින් ඇවිදින් වගෙ වැළලුවා මෙත් කරුණා සමගම මුදිතා ලෙළලුවා ෂඩ් වරුණ […]

එහෙම බැලුවහම ඔය කෝකත් හරි ය. හරිත් නැත.

December 13, 2010

6

ආණ්ඩුව හිටපු ගමන් නින්දෙන් නැගිට හාල්වලට පාලන මිලක් දාමින් රට පාලනය කරන බවක් පෙන්නුම් කරන්නේ ය. වෙළෙන්දන් ද පාලන මිලට ඇති හාල් කඩයේ පිටුපස තබමින් කීරි සම්බා ගෝනියක් එලියේ තබා තමන් පාලන මිලට එහා නම් හාල් විකුණන්නේ නැති බව කියා පාන්නේ ය. ඒ නිසාම කඩවල්වල හාල් පාලන මිලට ඇත්තේත් නැත. නැත්තේත් නැත. ‍පොල් අලෙවි මණ්ඩලය […]

ඇල්කෙමියාට වුවමනා වූ යහපත් මිනිසුන්ගේ කැබිනට් මණ්ඩලය

December 12, 2010

10

අප අඩවියට නිතර යනෙනවා යයි කියන ඇල්කෙමියාට අප තේරුම් ගැනීම අමාරු වී ඒ සදහා ගනු ලබන උත්සහයක් ලෙස අපෙන් අසා ඇත්තේ හොද පාලනයක් සදහා අප යෝජනා කරන ඇමති මණ්ඩලය කාගෙන් සමන්විත විය යුතු දැයි කියා ය. අප ගැන ඇතිකරගත් මහත් අනුකම්පාවෙන් යුතුව ඒ සහෘදයා පක්ෂ විපක්ෂ ඕනෑම තැනකින් ඒ සදහා සුදුස්සන් වෙයි නම් පත් කරන්නැයි […]

දිව දෙකේ කතා!

December 11, 2010

5

රෝහල්වල බෙහෙත් නැතැයි ද පාසල්වල උපකරණ හිගයක් ඇතැයි ද විපක්ෂය හා ජනතාව චෝදනා කරන විට ආණ්ඩුව කියන්නේ මෙය තුන්වෙනි ලෝකයේ රටක් බැවින් හැම දෙයක්ම දියුණු ලෝකයේ මෙන් තිබිය නොහැකි බව ය. එහෙත් අතිවිශාල කැබිනට් මණ්ඩල තනද්දීත් උන්ට පරිවාර සෙනග යාන වාහන ගෙවල් දොරවල් ඇතුළු සකළ විධ සම්පත් සපයද්දීත් අප තුන්වෙනි ලෝකයේ රටක් බව එහෙම කියන […]