රෝහල්වල බෙහෙත් නැතැයි ද පාසල්වල උපකරණ හිගයක් ඇතැයි ද විපක්ෂය හා ජනතාව චෝදනා කරන විට ආණ්ඩුව කියන්නේ මෙය තුන්වෙනි ලෝකයේ රටක් බැවින් හැම දෙයක්ම දියුණු ලෝකයේ මෙන් තිබිය නොහැකි බව ය.
එහෙත් අතිවිශාල කැබිනට් මණ්ඩල තනද්දීත් උන්ට පරිවාර සෙනග යාන වාහන ගෙවල් දොරවල් ඇතුළු සකළ විධ සම්පත් සපයද්දීත් අප තුන්වෙනි ලෝකයේ රටක් බව එහෙම කියන උන් විසින්ම අමතක කරනු ලැබේ.
ඩෙංගු මර්ධනයට බීටීඅයි ගෙන ඒමට සල්ලි නැතැයි ආණ්ඩුව කියයි. ඒ නිසා ඩෙංගු මර්දන සති පවත්වමින් තමන් මොකක් හෝ කරමින් සිටිනා බව පෙන්වන්නට කටයුතු කරනවා විනා මදුරු වසංගතය නැති කිරීමට එය කටයුතු නොකරයි.
මිනිසුන් වල පල්ලට යද්දී මෙසේ තුන්වෙනි ලෝකයේ රටක් ලෙස බැරිවාදමම ගයන ආණ්ඩුවම තමන්ගේ ලොක්කා සහපිරිවරින් ලෝක සංචාරයන්හි යෙදෙමින් ඉහලම පෙලේ හෝටල්වල බිල් ගෙවමින් ජීවත්වීම ඉදිරියේ මුව වසාගෙන සිටියි.
ඒක පුද්ගල ආදායම වැඩිවී ඇතැයි ද ආර්ථිකය දියුණුවී ඇතැයි ද ආණ්ඩුව කියයි. ඒ වුනාට ආදායම අඩුවෙන් තිබුනු කාලයේවත් මෙතරම් අහේනියක් නොතිබුනේ යයි ජනතාව කියන විට ඒ ගැන කට උත්තරත් නැත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වට කර එහි නිලධාරීන් ප්‍රාණ ඇපයට ගැනීම සම්බන්ධයෙන් යමක් කිරීමට ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවකට නොහැකි යයි විමල්ගේ මාරාන්තික උපවාස සමයේ ආණ්ඩුව මහත් ආඩම්බරයෙන් කියා සිටියේ විමල්ගේ වැඩේට උඩ ගෙඩි දෙමින් ය. ඒ කටවලින්ම අද බ්‍රිතාන්‍ය පට්ට ගහන්නේ ඒ ප්රජාතන්ත්රවාදය බ්‍රිතාන්‍යයේ පුරවැසියන් විසින් භාවිතයට ගැනීම සම්බන්ධයෙන් කිසිවක් කිරීමට එරට ආණ්ඩුව අපොහොසත් වූ බව කියමින් ය.
වට්ටෝරුව නම් ගොඩක් දිග ය. ඒත් ඉතින් මේවා කාට නම් කියන්න ද?
සමහර විට මේ දිව දෙකේ කතා කියන්නට මුන් ඉගෙන ගන්නට ඇත්තේ ද සුද්දාගෙන් විය හැකි ය. උන් ද ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් මරණ ගමන් මෙහේ යුද අපරාධ ගැන හොයන හොරු පිරිසකි. පුදුමය නම් උන්ගේ කුපාඩිකම් පෙන්නන ගමන් තමන් ද හරි හරියට එයම කිරීම ය. බලාගෙන ගියහම දේශප්‍රේමීන් වඩාත් වලිකන්නේ සුද්දාගේ නරකම දෙයින් ඉගෙන ගන්න ය. ඒ සුද්දාට තියෙන තම භය පක්ෂපාතිත්වයත් වෛරයත් එකවර දිගහරින ගමන් ය.
rana
December 11, 2010
//ඩෙංගු මර්ධනයට බීටීඅයි ගෙන ඒමට සල්ලි නැතැයි ආණ්ඩුව කියයි. ඒ නිසා ඩෙංගු මර්දන සති පවත්වමින් තමන් මොකක් හෝ කරමින් සිටිනා බව පෙන්වන්නට කටයුතු කරනවා විනා මදුරු වසංගතය නැති කිරීමට එය කටයුතු නොකරයි
pissuda ban. elections kaleta maduru coil company munta kochchara salli denawada? itin maduru wasangathaya nathi karaida mun
අහිංසක
December 11, 2010
රටේ මිනිස්සුන්ට ගැලපෙන නායකයෝ තමයි අපිට ලැබිලා ඉන්නේ.
ආණ්ඩුවේ පුන්නක්කුවාහිනීවලින් කාපුව වමාරනවා මිසක් තමන්ගේ ඔලුව පාවිච්චි කරලා හරි වැරැද්ද තේරුම් ගන්න බැරි මීහරක් රැලක්…
Kandula
December 11, 2010
බලාගෙන ගියහම දේශප්‍රේමීන් වඩාත් වලිකන්නේ සුද්දාගේ නරකම දෙයින් ඉගෙන ගන්න ය. ඒ සුද්දාට තියෙන තම භය පක්ෂපාතිත්වයත් වෛරයත් එකවර දිගහරින ගමන් ය.
============================================================
All hail the local Nazi’s
ranga
December 12, 2010
අපි විතරයි තුන්වෙන ලෝකේ ඉන්නේ එත් අපේ ලෝක්කෝ නම් ඉන්නෙ දියුණු රටවල් ගොඩේ
SL
December 12, 2010
Tell me about is………
The first comment gives it all!
https://beyondframe.wordpress.com/2010/10/12/10oct12/