එංගලන්තේ කියන්නේ ලොකු රටකි. ලන්ඩන් කියන්නේ එහි ද අගනුවර ය. ඔක්ස්ෆර්ඩ් කියන්නේ එහි ඇති ලොකුම විශ්වවිද්‍යාලයකට ය.
එහෙම බැලුවහම පුංචි කොදෙව්වක ඉන්නා පැරණි යටත්විජිතයක නායකයෙකුට වුනත් ඒ වගේ තැනක විවාද සංගමයක වුව කතාවක් පැවැත්වීමට ආරාධනා ලැබීමම නම්බුකාර වැඩකි. එක පාරක් නොව දෙපාරක්ම ලැබුනහම නම්බුව ඉස්මුරුත්තාවේ යන තරමට ලොකු ය. අප මේ බව දැන ගත්තේ ස්වාධීන රූපවාහිනයට රජතුමාගේ ලන්ඩන් ගමනට පෙර රැයේ සවන් දීමෙන් පසු ය.
ඒත් පස්සේ පස්සේ සියල්ල කොහු වෙන්නට පටන් ගත්තේ ය.
දැන් බැලුවහම එංගලන්තය අසමත් රාජ්‍යයකි. ලන්ඩනය ලොකේ ඉන්නා දරුණුම ත්‍රස්තවාදින්ට රැකවරණ සළසන තිත්පොලකි. ඔක්ස්ෆර්ඩ් සරසවිය කොටින්ගේ බළල් අතකි. ඇත්තටම මේ වගේ තැනකට අපේ රජතුමා කැදවූ අයට රජකාලේ දඩුවම් දුන්නත් සිත් නොවදින තරම් ය.
එංගලන්තයට පැන ගෙන යාමට තිබූ හදිස්සියට වැඩි හදිස්සියක් එංගලන්තේට බැටේ දෙන්නට දැන් තිබෙන්නේ ය. පහුවෙනිදාම තමන්ගේ කණ්ඩායමට වීසා නිකුත් කළ මහකොමසාරිස් කාර්යාලයම වටලන්නට වුනේ ඒක ය.
මේ සියල්ලට හේතුව එංගලන්තය අපේ මාස්ටර් සෑර් වීම ය. අපේ කියන්නේ දේශප්‍රේමී කට්ටියගේ ය. මාස්ටර් සෑර්ලා ට අන්තේවාසිකයින් දක්වන ගෞරවයේ කෙළවරක් ද වෛරයේ කෙළවරක් ද නැත. ඒ එකම හේතුව නිසා ය. එලිපිට නැතත් උන් මාස්ටර් සෑර්ලා ලෙස යටි හිත අදහන නිසා ය.
අපට බැනල කුජීත වූ ආත්මය සනසා ගන්නවා මිස මේ දේශප්‍රේමීන්ට වෙනත් ගැලවීමක් නැත.
rana
December 10, 2010
කොටියා නොමැති දුක මා හට දැනෙන විට
ගලනව කඳුලු බැහැ අනෙ මට ඉවසන්ට
ලන්ඩන්වල සිටින කොටි මුලු දකින විට
කොහොමද ඉන්නේ සඟවාගෙන ඒ සතුට
රටට කෙලවුනත් අනෙ මට කමක් නැත
මට කෙල වුනත් ඒ ගැනනම් වගක් නැත
රටේ බෝම්බ පිපුරුනොතින් මෙන්න හිත
රටේ රජා කෙළවුනොතින් මෙමට ඇත
අහිංසක
December 10, 2010
ඉතින් රනෝ,
බොලාගේ කුජීත වූ ආත්මය සැනසුනා ය?
අහිංසක
December 10, 2010
rana,
රටට කෙලවෙලා ඉවරයි.
ඔයාට තාම ඒක තේරිලා නැතුවා විතරයි.
අපි දැන් යන්නේ පල්ලමේ පහලට
අර සුනිල් එදිරිසිංහ මහත්තයාගේ ගීතයක තියෙන්නේ…
කන්දකින් පහලට මරන්න තල්ලු කල සොර දෙටුවෙක්
පහලට වැටෙන කොට ඇග දැවටෙන හීතල හුලං හරිම සැපයි කියලා හිතුවා ය කියලා.
රනාලා පද්දලා කට්ටියත් අන්න ඒ හොරදෙටුවා වගේ ආතල් එකක් ගන්නේ.
මට දුක උඔලගේ මෝඩකටමට අපිටත් දුක් විදින්න වෙන එක ගැනයි.
ගුස්ති ලාල්
December 10, 2010
පද්දා සෑර් ටිකක් දැන් එකලාසයක් වේගන එනවා. බාප්පා ඊයෙ පෙරේදා දුන්නු අවවාදෙ හිස්මුදුණින්ම පිළිඅරන් තියෙනව. අන්න එහෙමයි සෑර් හැදෙන ළමයි. අනේ වාසනාවන්.
beyondframe
December 11, 2010
ආණ්ඩුවෙ වැරැද්දක් පෙන්වපු ගමන් මැරිච්ච කොටියෙක්ව පෙන්නනව. අනේ ඇත්තට ඔය වැරදි ටික හදා ගන්න කියල තමන්ගෙම නායකයින්ට බල කර හිටින්නට බැරිද? එහෙම කළොත් නම් ආයෙත් යුඇන්පීයට රට යන එක වළක්වා ගන්නට පුලුවන්නෙ. ඔය මැරිච්ච කොටියව දිගටම පෙන්න පෙන්න හිටියොත් නම් බඩුම තමා රනෝ. ඔන්න ආන්ඩුවත් බේරගෙන යූඇන්පියෙන් රටත් බේරගන්න අගනා උපාය මාර්ගයක් කියල දුන්න. රනා අද ඉදන් වැඩ පටන් ගම්මුද?