ජයලත් ජයවර්ධනට අතින් පයින් සංග්‍රහ කර ඇති අතර කරු ජයසූරියට වචනයෙන් හා වෙනත් නෛතික ක්‍රියාවලිවලින් දඩුවම් පැමිණවීමට සියල්ල සූදානම් ය. ඒ හැරුණුවිට සියල්ල සන්සුන් ය. ඒත් මේ ක්රියවලියට හේතු කාරක වූ සැබෑ කාරණා විමසීමට කාටවත් වුවමනාවක් නැත. ඒවා යටපත් කර තිබුනු තරමට ඇගට ගුණ දායක යයි සිතනවා විය හැකි ය. අපේ අරමුණ ඒ අමතක කරන්නට හදන දේම පිළිවිසීමට ය.
නැගෙනහිර නවෝදය ඇරඹුවේ යුද්ධය පවතිද්දීම ය. එය කොතරම් පරිණත ද යත් තවදුරටත් එයට නවෝදයක් යැයි කිව නොහැකි ය. ඒ පැරණි වී පිළුණු වී ඇති නිසා නොවේ. උදය අවසන් කර හිරු පායා මද්දහන ද පසු කර ඇති නිසා ය. උතුරේ වසන්තය ද සුපුෂ්පිත ය. එය කොතරම් ඵලින් බර වී ඇත් ද යත් දැන් ඇත්තටම වසන්තය ඉක්මවී ගිම්හානය ද උදා වී ඇත්තේ ය.
නැගෙනහිරත් උතුරත් දැන් කෙතරම් දියුණු ද යත් කොළඹින් එහි යන බොහෝ ඇත්තන් හිතන්නේ තමන්ගේ කොළඹ දේපළ විකුණා වුව ද මේ දෙදිග් භාගයේ පදිංචි වෙන්නට ඇත්නම් හොදය කියා ය. ඇත්තටම පාලම් බොක්කු ද පාරවල් ද ඒ තරමට නැවුම් ය. මන පිනවන සුළු ය.
මේ දියුණුව යටතේ තවදුරටත් රතු කුරුස සංවිධානය වැනි ආයතනවල අනුග්‍රහය එහි ජනතාවට අවශ්‍ය නැත.
ඒ පළාතෙන් දැන් කොටියෙක් තියා පුස් පැටියෙක් වත් හොයා ගන්නට නැත.
ආණ්ඩුව නිතර මතක් කරමින් ජීවත්වන කෘතවේදී ජනතාව විසින් කරන ලද බලපෑම් නිසාම ආණ්ඩුව සර්ව පාක්ෂික සමුළුව ද අකුලා ගෙන ඇත. ඇත්තටම ඉන්දියාව පවා දැන් වැඩිපුර දේශපාලන විසදුමක් ගැන කතා නොකරන්නේ එය අවශ්‍යව නැති නිසාය. ඔය සූත්තරවලට වඩා රජතුමාගේම බෑයා අතින් වන සංවර්ධනය අගනේ ය. පැරණි රජදවස දී මෙන් යුවරජු යටත් දේශයන් බලන්නේ ය.
රට තුළ මෙවැනි සාධනීය පෙළ ගැස්මක් තිබෙද්දී ඊයේ පෙරේදා මහා බ්‍රිතාන්‍යෙයේ සිදුවූ දේ බොහෝ දෙනෙකු අතරමං කර තිබුනේ ය. ඒ අයගේ කොළොප්පම් වූ මොළ නැවත සකස් කිරීමේ කාර්යය අපට පැවරී තිබේ.
අප මුලින්ම ඔවුන් කැදවා ගෙන යන්නේ ස්වර්ණවාහිනී මෙගාස්ටාර් වැඩ සටහනේ අවසාන රාත්‍රිය වෙත ය. ඒ උනුසුම් අවස්ථා වළක්වමින් කට්ටියක් ශාලාව මැදට පැන කාලගෝට්ටියක් කළා ඔබට මතක ද? ඒ බත්පැකට් දීල ගෙන්වූ කට්ටියකි. ඇත්තටම එංගලන්තයේදීත් වුනේ ඒක ය.
ලංකාවේ කොටි බිම ඇන්නවූ යුද්ධයෙන් පසු එංගලන්තයේ කොටි ද නගුට කපාගෙන නියම ඩයස්පෝරාවක් බවට පත්ව සිටිය හ. උන් පෙළ ගැසී සිටියේ කේපීගෙන් අණ ලද වහාම ලංකාව සංවර්ධනය කරනු පිණිස පෝලිමේ එන්න ය. එහෙම වටපිටාවක උන් කාළගෝට්ටි කරනු ඇතැයි යන උපකල්පනයම වැරදි ය.
අප රට සංවර්ධනය කරා යනු ඉවසනු බැරිව සිටින අධිරාජ්‍යවාදී එන්ජීඕ නඩය බත් පැකට් හා මුදල් ගෙවා ගෙන් ගත් පිරිසක් ලවා අපේ සර්වතෝභද්‍ර මහරජ්ජුරුවන් ලෝකයා ඉදිරියේ අපහසුතාවයට පත් කරනු පිණිස මෙහෙයවූයේ ඒ නිසා ය. උන් දමිළ ඩයස්පෝරාව යයි පෙන්වීමට වේශ නිර්මාණශීල්පීන්ගේ ද උදව් ගෙන අන්දවා තිබුනා ඔබ දුටුවේ නැත් ද?
දහසක් මාර සෙනග පැරදූ අප මහා බුදුරදුන් සේ ඒ සෙනග පැරදවූ අපේ දෙවැනි ගජබා මිහිදු රජු නැවතත් ශ්‍රී ලංකා ධරණී තලය මතට වැඩියාවූ ඒ මොහොත ඔබ දුටුවේ නම් ඔබේ සියලු සැක සංකා දුරුවනු ඇත්තේ ය.
හිතේ කහටක් තියා ගන්නට ඕනෑ නැත. දෙමළින් පවා ජනතාව ආමන්ත්‍රණය කරන මහා රජතුමාට එරෙහි දෙමළ ජනතාවගේ විරෝධයක් පවතිනවා යැයි ඔප්පු කිරීමට අධිරාජ්‍යවාදීන් දරණ තැත ඉක්මණින් පැරදෙනු ඇත්තේ ය. ඒ හෙට අනිද්දා උතුරේ ජනතාව විසින් රජුට කෙළෙහි ගුණ තකා පවත්වන මහා උත්සවයකිනි.
ඒ රටේ බොහෝ දෙනෙක් හිතන්නට කැමති ආකාරයයි. ඒ සැමට වනක්කම්.
පද්දා
December 9, 2010
අපි හැමදාම කියන්නේ මේ උලවුවම තමයි බොලවු. මේ වගේ ඉතිහාසේ කුණුබක්කියට යන එවුන්ට ගහලා උන්ව පොරත්වය දෙන්න එපා කියල. නොදෝකිං, තොපිට ගහන්න ඕන වුනා නම් අතින් පයින් නොගහ ගූ ගහන්න තිබුණනෙ බොලවු!
පද්දගෙ බාප්ප
December 9, 2010
මූ නම් කවදාවත් හැදෙන්නෙ නැති එකෙක්. මම මූට හැමදාම කියනව ප්‍රේමෙ දාන පෝස්ට්ස් වලට මුලින්ම කමෙන්ට් කරල තව තවත් පදු වෙන්න එපා කියල. කියන දෙයක් අහන්නෙම නෑ නෙ.
මේ සංකීර්ණ දේවල් තේරුම් නගන්න තරමට උඹේ මොළේ තාම වැඩිල නෑ පද්දො.
kkkkkk
December 9, 2010
Mr. padda… please use much civilised language please ……….. the way you express your ideas show us about your birth, the quality of family, school you got your education..ect…please do not insult your own parents and teachers…..
පද්දා
December 9, 2010
@පද්දගෙ බාප්ප – උඹ කොහෙද බොලං මගෙ බාප්ප වෙන්නෙ. උඹ බයෙන්ද ප්රේමයගෙ බාප්පා
@kkkkkk – I am really sorry of your parents, because they have taught you to judge people by language. BTW what that set of Ks stand for? කැත, කොට, කලු, කාලකණ්නි, කලවැදි සහ කැ*
kkkkkk
December 10, 2010
@mr.padda.
you always criticise and devide people according to politics. people who go behind mahinda, and behing Gen: fonseka. but most of EDUCATED and CIVILISED PEOPLE in the contry does not belong to those two. they can see the world clearly. unlike you. they can bear criticism. but you cannot. you get wild when heard any statement criticising your political leader and start to shout with words which not sutable for a a civilised soscity. then other EDUCATED AND CIVILISED people can clearly understand who was your farther.