ආශ්චර්ය දැන් අතේ දුර ය! ඔය ටිකත් ඔහොමම යං!

Posted on December 6, 2010



එහෙත් හරි වැස්ස මෙහෙත් හෙම වෙන්න. අපොයි හරි වැස්ස වෙලත් උතුරන්න. කාලෙට ගැලපෙන ඒ ගායනයෙන් මතක් වූ තවත් එකකි.

එහෙත් උද්ඝෝෂණ, මෙහෙත් හෙම වෙන්න. අපොයි හරි උද්ඝෝෂණ වෙලත් උතුරන්න.

තකට තක!

කැත්තට ‍පොල්ල!

හරීම උණුසුම්. බත් ටිකක් වුනත් ගෑස් නැතිවම රත් කර ගත්තෑකි. එහෙන් දෙමළ දේශප්‍රේමය උතුරල යන කොට මෙහෙන් සිංහල දේශප්‍රේමය උතුරා ගෙන ගිහිල්ල. ඇත්තටම කියනව නම් වාන් දමල.

එහෙ රාජපක්ෂව කටේ තියල සෙම අරින්න ලෑස්ති වෙන කොට මෙහේ ජයලත් ජයව‍ර්ධනව හක්කෙ තියල සෙම අරිනව.

හරිම ආතල්.

පහුගිය කාලේ මර්විනුත් සිල් අරන් තිබුනු නිසා මුකුත් නැතිව තෝන්තුවෙල වගේ අපි හිටියෙ. පහුගිය දොහේ ආයේ බඩගිනි දැනෙන්න පටන් අරන් තිබුන. දැන් ආයිත් බඩගිනි නැතිවුන.

බඩගිනි දැනෙන කොටම ඔහොම පොඩි එකක් දුන්නනම් මරු!

මට හිතෙන විදිහට ආශ්චර්යට අපි ගොඩක් දුර නෑ. තව ටිකයි. ඔය ටිකත් ඔහොමම යං!

(ජපුර සරසවියේ ගිය සුමානෙ උද්ඝෝෂණය කරල තමන්ගෙ පන්ති විහින් තහනම් කරගත්තු මල්ලිලාට මතක් කරන්න ආයි පුංචි කාරණයක් තියෙනව. උද්ඝෝෂණ ජාති දෙකක් තියෙනව. එකක් දේශප්‍රෙමී උද්ඝෝෂණ අනික දේශද්‍රෝහී උද්ඝෝෂණ. සහභාගි වෙනව නම් උද්ඝෝෂණයකට මීට පස්සේ ආණ්ඩුවෙන් අහල බලල කරන්න, උද්ඝෝෂණය දේශප්‍රේමී ද නැත් ද කියල සහසුද්දෙන් දැන ගෙන. එහෙම කරහම ඔහොම පන්ති තහනම් කරගෙන නෝන්ඩි වෙන්න ඕන නෑ. එහෙම නැතුව උද්ඝෝෂණය කරන්න ඕන නම් එංගලන්තෙට ගිහිල්ල කර ගන්න එකයි තියෙන්නෙ. ජයලත් ජයවර්ධනගෙ උදව් නැතිව කරගන්න පුලුවන් නම් තමයි හොද.)

Posted in: Uncategorized