ගංජා ව්‍යාපාරයේ අනාගතය සදහා දිවිපුදන වීරවරයන් දැන් ආශ්චර්යමත් ශ්‍රී ලංකාවෙන් මතුවෙන්නට පටන් ගෙන ඇත.
දේශපාලන මතවාදයන් වෙනුවෙන් සිය දිවි නසා ගැනීම ගැන අසා තිබුනත් ගංජා ව්‍යාපාරයේ පැවැත්ම වෙනුවෙන් සිය දිවි නහ ගන්නා මිනිසුන් ගැන අප අසා තිබුනේ නැත. සමහර විට එය අපේ නොදැනුවත්කම වෙන්නට පුලුවන.
දේශපාලනය හා මත්ද්‍රව්‍ය අතර ඇත්තේ ද පුදුම සම්බන්ධයකි. මත්වෙනවා නම් බලයෙන් මොකද ගංජාවලින් මොකද යන කාරණය නිසාම නොවේ. බොහෝ දේශපාලනඥයන් කටින් මොනවා කිව්වත් මත්ද්‍රව්‍යවලට කැමති නිසා ය. පරිහරණය පමණක් නොවේ. ඒවා සම්බන්ධ ව්‍යාපාරයන් ද ගෙනෙන්නේ ආතල් එකකි. අතිමහත් ලාභයකි.
ඒ නිසා මත්ද්‍රව්‍ය පාලනයේ නාමයෙන් තමන්ගේ ව්‍යාපාරය හා තරගකරන්නන් හොදින් නැත්නම් නරකින් ඉවත් කිරීම අවශ්‍ය ය. දේශපාලනඥයින්ට තරම් ඒ අවස්ථාව කාටවත් නැත.
බාර්පර්මිට් ලබා ගන්නා දේශපාලනඥයාට කසිප්පු බිස්නස් එක කරදරයකි. කසිප්පු නිපදවන දේශපාලනඥයාට අල්ලපු වැටේ කසිප්පු වැඩ පොළ හිසරදයකි. ඒ නිසා පාතාලය මර්දනය මේ බිස්නස් එකේ සුපිරි ලාභය තහවුරු කරගැනීමට අත්‍යවශ්‍ය සාධකයකි.
ඒ නිසාම දේශපාලන ව්‍යාපාරයන් වෙනුවෙන් සියදිවි නසා ගැනීමත් ගංජා ව්‍යාපාරය වෙනුවෙන් සියදිවි නසා ගැනීමත් අතර ඇත්තේ සමහරවිට පුංචි වෙනසක් විය හැකි ය.
මේ මරණය පෙන්වන්නේ ඒ වෙනස පවා දියවෙමින් ඇති බව ද? එහෙම නැත්නම් මෙය තවත් ලස්සණ පොලිස් කතාවක් ද?
sinhalamag
December 4, 2010
තණමල්විල එක්තරා ප්‍රසිද්ද දේශපාලකයකුගේ පොට් එකක් තියෙනවා. කොලබට අදින්නේ ඇමතිගේ වාහනෙන් නිසා චෙක් කරන්නේ නෑ.
කඩප්පුලියා
December 4, 2010
ඔය විරවංශ විමල් ගැනද?
ගුස්ති ලාල්
December 5, 2010
දේශයක් ජාතියක් රටක් වගේ ද සෑර් ලෝකයක්. ගංජා කියන්නෙ සෑර් එහෙම ලෝකයක්. රටක් වෙනුවෙන් මැරෙන්න ලෑස්ති වෙනව නම් ලෝකයක් වෙනුවෙන් මැරෙන එකත් කජ්ජක් ද සෑර්.
chamikara
December 5, 2010
hi Sri lankan friends
ඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
lankawe ayata pamanai
http://www.teenlanka.net