Browsing All Posts published on »November, 2010«

දෙවැනි පදවි ප්‍රාප්තියේ ජනපති කතාව ඇස්සවීමට කුඩා දරුවන්ට බල කිරීම

November 20, 2010

19

උතුරු කොරියාවේ කිම් ඉල් සුංගේ තවත් වැඩක් ලංකාවේ දී දැක ගැනීමේ භාග්‍යය ලංකාවේ ජනතාවට ලැබී තිබේ. ඒ දේශපාලන නායකයින්ගේ ඉලව්වලට දරුවන් සම්බන්ධ කර ගැනිම හරහා ය. ඉස්සරත් දරුවන් කලන්තෙ හැදී වැටෙන කම් දේශපාලුවන්ට වන්දිභට්ටකම් කරනු රිසි උන් විසින් අව්වේ සිටවා තිබූ බව ඇත්ත ය. එහෙත් රටේ සියලු ළමුන්ට මෙසේ කතා අසන්නට සැළැස්වීම මුලුමනින්ම අලුත් ලෙඩකි. […]

චිරං ජයතු!

November 19, 2010

3

පරාජික දේශපාලන ව්‍යාපාරවල බොරු තර්ජන හමුවේ නොසැලී පය තැබූ මාවතේ පෙරට යන ලෙස අපි අපේ රජතුමන්ගෙන් ඉල්ලා සිටිමු. සංවර්ධනය හා පඩිපත යන දෙකෙන් එකක් තෝරාගන්නා ලෙස එතුමා තමන්ගේ කදවුරෙන් ඉල්ලා සිටියේ ඊයේ පෙරේදා ය. බොරු තර්ජනයන්ට නොබියව මුහුණදී සංවර්ධන මාවතේම ඉදිරියට යන ලෙස අප ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමා වටේ ඉන්නා අය බැරිවෙලාවත් එසේ නොකර අනිත් […]

පින ඵල දෙන්නේ පස්සෙන් ඇවිල්ලා ය!

November 18, 2010

15

පව් විතරක් නොව පින් ඵල දෙනකොටත් දෙන්නේ පස්සෙන් ඇවිල්ලා ය. ඒ සදහා අවශ්‍ය වන්නේ රේඛාවෙන් හරි පැත්තේ හිට ගැනීම ය. ඇන්ටන් තෙන්නකෝන් හිටපු බස්නායක නිලමේ සමග අපේ තරහක් නැත. උන්දෑ තමන්ගේ හොර අඹුවට වෙඩි තැබීම ගැන ද අපගේ අමනාපයක් නැත. ඒ ගෑණි කාගේ කවුදැයි අප දන්නේ නැත. නීතිමය ක්‍රියාදාමයකින් පසු උන්නැහේට දඩුවම් නියම වුනේ ය. […]

කාකද්වීපයේ සුචරිතවාදය

November 17, 2010

Comments Off on කාකද්වීපයේ සුචරිතවාදය

සූදු කෙළිය මගේ දරුවන්ට මා අනුමත කරන්නේ නැත. එහෙත් සූදු කෙළින්නට කැමති එවුන්ට ඒ අවස්ථාව ලබා දී කීයක් හරි හොයාගැනීම ගැන මට හිරිකිතයක් නැත. ඒ නිසා සූදුව වැනි අපචාර කම්බස් කරන ගමන් ඒවා අල්ලපු වැටේ ඉන්නා එකාට විකිණීමට මට අවස්ථාවක් ඇත. මගේ රටේ අහිංසක ජනතාව මත්පැන් බී ලෙඩ වෙනවාට මා කැමති නැත. එහෙත් මගේ ගෙදරට […]

ලංකා රයිසිං, හම්බන්තොටට නැව් තුනක්ම!

November 16, 2010

22

අප උත්සවවලට කැමති ජාතියක් යැයි මට සිතේ. කක්කුසියක් විවෘත කරන්නත් උත්සවයක් තියන්නේ ඒ නිසා ය. ඇත්තටම මෙය කොතරම් ආශික් ද යත් යමක් එක පාරක් විවෘත කරහම මදි ය. පළමු චූ දැමිල්ල ද පළමු බොග දැමිල්ල ද ආදී වශයෙන් කක්කුස්සියක් පවා විවෘත කිරිමේ දී පියවර කිහිපයකින් එය කළ හැකි නම් අප වඩාත් කැමති ය. මේ ටික […]

තොල් පෙති මත හාදුවලට ද වෙනම වීදියක් – සුද්දන්ට පමණයි!

November 15, 2010

6

බසයක් එනතුරු බස්නැවතුම් පොළක රැදී සිටියෙමි. ඒ අතරතුර මා අභියසයට ආවේ සුදු හමැති තරුණ ජෝඩුවකි. උන් දෙදෙනාම හිටියේ උන්ට පමණක් උරුම වූ ලොවක කියා හැසිරීමෙන් පෙනෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත. තොල්පෙති මත හාදු වැස්සක් වැස්සේ මගේ අභියසදී ය. රූපවාහිනියේ නම් මේ දර්ශනය කොටු දමා මිසක් පෙන්වන වර්ගයේ එකක් නොවේ. එහෙත් කොටු නැතිවම මා ඉදිරියේ එය […]

සරසවි සිසුන් වැඩිහිටියන් ද ළමයින් ද?

November 14, 2010

11

ඇත්තටම මේ ප්‍රශ්නය තේරුමක් නැති එකකි. මේ රටේ වැඩිපුර ඉන්නේ බබා උක්කුංලා බැවිනි. හරි වැරැද්දක් තේරුම් ගැනීමට බැරි ඒ නිසාම ආණ්ඩු මට්ටු කොට තබා ගත යුතු නිතර බණ කියා සාදා ගත යුතු අද බාලයින් බැවිනි. ඇත්තටම රටේ බොහෝ දෙනා දහ අටට අඩු ය. දහ අටට වැඩි අය ඉන්නවා නම් ඉන්නේ පාලකයින් ලෙස ය. එහෙම තත්වයක […]

වරින්වර ලොව උපත ලබන හිට්ලර්ගේ ආත්මය

November 13, 2010

5

“අවසාන විශ්ලේෂණයේදී ලෝකයේ ඉන්නේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් තුන් දෙනෙකි. ස්ටාලින් මම සහ මුසෝලීනි ඒ තිදෙනා ය. අපේ ශක්තිය රදාපවතින්නේ අපගේ වේගයත් අප දක්වන කෘරත්වයත් මත ය. ගින්ගීස් කාන් මිලියන ගණනාවක් දරුවන් හා ගැහැණුන් මරණයට දැක්කූයේ ප්‍රීතිමත් හදවතකිනි. ඉතිහාසය ගින්ගීස් කාන් ගැන ලියා ඇත්තේ අතිවිශාල අධිරාජ්‍යයක් නිර්මාණය කළ දැවැන්ත අධිරාජ්‍යයකු ලෙස ය. බටහිර යුරෝපයේ ඇති බෙලහීන […]

සූදුව ගැන කතිකාවතක්

November 12, 2010

11

සූදුව යනු මුදලට ඔට්ටු ඇල්ලීම ය. ‍ මැතිවරණය කාලයට අල්ලන ඔට්ටු ද වැටෙන්නේ සූදු ගණයට ය. හැබැයි ඒ කරට කර සටනක් යන විට ය. නැත්නම් එතැන සිදුවන්නේ අනුවණකම හා අන්ධ අනුගාමිකත්වය නුවණක්කාරයෙක් විසින් පහසු ගොදුරක් බවට පත් කර ගැනීම ය. ලොතරැයි ද සූදුවකි. වාසනාව උරගා බලන බො‍හෝ ක්‍රීඩාවල ද ඇත්තේ සූදුවක ලක්ෂණයන් ය. සූදුව නීත්‍යනුකූල […]

සංස්කෘතිය කන්න ද? ඇත්තටම සංස්කෘතිය කියන්නෙ මොකද්ද?

November 10, 2010

26

සංස්කෘතිය කන දෙයක් නම් නොවේ. බොන දෙයකුත් නොවේ. එහෙත් එය අපගේ ජීවිතයට වැදගත් දෙයකි. හරි සහ වැරදි කවරේදැයි අප අනුදැන ගන්නේ එයින් මෙහෙවනු ලැබීමෙනි. එසේ බැලූවිට සංස්කෘතිය යනු අලිඛිත නීති පද්ධතියකි. එහි අඩංගු වන්නේ සමාජයක් තමන්ගේ පැවැත්ම හා වර්ධනය උදෙසා අවශ්‍ය යැයි වටහා ගත් සාර ධර්මයන් ය. ඒවා ප්‍රකාශයට පත්වන්නේ කවි, සංගීතය හෝ වෙනත් එවැනි […]