එන්ජීඕ ත්‍රස්තවාදයත් කම්මුතු ය!

Posted on November 26, 2010



ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ උතුරේ කාර්යාලය වසා දැමීමට ආණ්ඩුව ගත් තීරණය එන්ජීඕ ත්‍රස්තවාදය කම්මුතු කිරීමට ගත් නිර්භීත පියවරක් බව දේශප්‍රේමී විචාරකයෝ පවසති.

තමන්ට කැමති අයට ට්‍රැක්ටර් බෙදා හරින්නට උත්සහ ගත් රතු කුරුස සංවිධානයේ වෑයම අපේ දේශප්‍රේමී ඇමතිතුමකු විසින් ව්‍යාර්ථ නොකරන්නට ඒ ට්‍රැක්ටර් ලැබෙන්නේ කොටි හිතවාදීන්ට ය. එය ඉවසා ගත නොහැකිව රතු කුරුස සංවිධානයේ ප්‍රාධානී පැත්තකට වී අඩමින් සිටි බව අප බ්ලොග් සටහනක් ඔස්සේ ඔබට ගෙනා වග ඔබට මතක තියේ යැයි සිතමු.

මින් ඉදිරියට ඔවැනි නාටක නටන්නට රතු කුරුස සංවිධානයට බැරි ය.

එන්ජීඕ ත්‍රස්තවාදයට විරුද්ධව පියවර ගන්නට තිබුනේ පිටි ත්‍රස්තවාදයට විරුද්ධ යුද්ධය ආරම්භ කිරීමටත් පොරොතුව බව කියන දේශප්‍රේමී ජනතාව පමාවී හෝ එයට තීරණාත්මක පහරක් එල්ල කිරීම ගැන රජයට ප්‍රශංසා කරති.

රජය විසින් කරන්නට තිබෙන සහනාධාර වැඩපිළිවෙලට බලෙන් රිංගමින් ජනතාව අතර වැරදි මත වාදයන් ප්‍රකාශ කරන්නට ඒ මගින් මේ සංවිධාන අවස්ථාවක් ලබා ගෙන ඇති බවත් ඒ උපාය මාර්ගික වැඩපිළිවෙල මේ තහනම නිසා අවලංගුව යන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

දැන් ඉතින් උතුරේ ජනතාවට අපේ රජතුමාගේ පිහිට ය.

එතුමාගේ සංවේදී නායකත්වය යටතේ මෙතෙක් එන්ජීඕ විසින් කරගෙන ගිය වැඩපිළිවෙල වෙනුවට ජනතාවට වඩාත් හිතවාදී මානුෂික සංග්‍රහයක් ලැබෙනු ඇතැයි උතුරේ ජනතාව පවා විශ්වාසය පළ කොට තිබේ.

බයෙන් ද ප්‍රේමේලා වැනි ඩොලර් කාක්කන් එන්ජීඕ නැතිවී ගිය දුකට අඩනු ඇති බවත් ඒ කිඹුල් කදුලුවලට ජනතාවට නොරැවටෙන බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශකයෙක් කියා සිටි අතර එන්ජීඕවලින් හා උන්ගේ රටවලින් ආනයනය කරන පිටිවලින් තොර නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් දෙවැනි පදවිප්‍රාප්තියත් සමග මෙසේ උදාවෙන බව ජනතාව දත යුතු බව සර්ව ආගමික නායකකාරකාදීන්ලා පවා ප්‍රකාශකර ඇත.

තෙරුවන් සරණයි. ආමේන්.

Posted in: Uncategorized