රජුගේ දෙවැනි පදවිප්‍රාප්තිය නොහොත් යුවරාජ සම්ප්‍රාප්තිය

Posted on November 22, 2010



පින්තූර බොහෝ දේ අපට කියන්නේ ය. සමහරු කියන්නට අකමැති දේ පවා පින්තූර නොසගවා අපට කියන්නේ ය.

නිලධාරීන් ගැන ද රජවරු ගැන ද අනාගතේ රජවන්නට අපේක්ෂා කරන අය ගැන ද ඒ එකිනෙකා අතර සම්බන්ධයේ ස්වභාවය ගැන ද රට ගැන ද බොහෝ දේ මේ පින්තූර අපට කියන්නේ ය.

වෙලාව දක්වන්නෝ කවුද යන්නත් වෙලාව බලන්නෝ කවුද යන්නත් එය අපට කියන්නේ ය.

මේ පින්තූරයේ ඉන්නා අය පමණක් නොව මෙහි නැති අය ද අපට තවත් දේ කියන්නේ ය. ජනපති හදිසියේ නැතිවුවහොත් එතැන ගන්නට ඉන්නා අගමැති තුමා මෙහි නැත. එහෙත් අනාගත නායකත්වය බාර ගන්නා තරුණ මන්ත්‍රීවරයෙක් මෙහි ඉන්නේ ය. ඔහු ඉන්නේ තමන්ගේ සෙසු බෑයන් සමග නොව වෙනම ය.

පින්තූරයට කට්ටිය හසුකර ගන්නා අය (ඡයාරූප ශිල්පීන්) ගැන ද පින්තූරය කියා සිටින්නේ ය. කවරෙකු පින්තූරය සදහා වැදගත් ද අවැදගත් ද යන්න ඔහු තම නැණ පමණින් තෝරාගන්නා හෙයිනි.

මෙතරම් හිරිමල් වියේ දී දේශපාලනයට තම දූ දරුවන් හදුන්වා දෙමින් ඔවුන්ගේ දෛවය පාදා දුන් දේශපාලන තාත්තා කෙනෙක් නොමැති බව ඒ අනුව අපට පෙනී යන්නේ ය.

මෙය රජතුමාගේ දෙවැනි පාදප්‍රාප්තිය පමණක් නොවේ. යුවරජතුමන්ගේ පළමු හදුන්වා දීම ද බව ඒ අනුවම අපට පෙනී යන්නේ ය.

දකුණු ආසියාව තවමත් ඉන්නේ පැරණි රාජ පරම්පරාවල පැවැත්ම සහතික කළ වැඩවසම් යුගය තුළ බවත් අපට තවදුරටත් රජවරු පමණක් නොව යුවරජ වරු ද අවශ්‍ය බවත් එයින් කියවෙන්නේ ය.

අපි දෙවැනි වතාවටත් චිරං ජයතු යයි කියමු. ඒ රජතුමාට නොවේ. මේ මිනිසුන් වන්දිභට්ටකම් කරන්නාවූ වැඩවසම් සමාජ සබදතා වලට ය.

එයින් ගැලවීමක් ලබන්නට අප තවමත් සුදුසු නැත.

Posted in: Uncategorized