ප්‍රේමකීර්ති ද අල්විස්ගේ මිනීමරුවන් කවුද?

Posted on November 21, 2010



ඒත් ලංකාවේ පැවති එක් දුර්භාග්‍ය සම්පන්න අදුරු යුගයකි. ඒ ද මිනිසුන් බල්ලන් බළලුන් සේ මරා දමමින් තිබි යුගයකි. ප්‍රේමකීර්ති ද අල්විස් මරා දමනු ලැබුවේ ද ඒ සමයේ ය.

ඒ මිනීමැරුම බැර වුනේ ආණ්ඩුවේ එකවුන්ට් එකට ය. සමහරු එය ජවිපෙ ගිණුමට ද දැමුහ.

එහෙත් එක් බ්ලොග් අඩවියක් ප්‍රේමකීර්තිගේ බිරිදගේ ලියවිල්ලක් ගෙන හැර දක්වමින් කියන්නේ එයට වගකිව යුත්තේ තෙවැනි පාර්ශවයක් බව ය. ඒ පුද්ගලයා තවමත් නිදැල්ලේ රටේ ප්‍රභූවරයෙක් ලෙස පෙනීසිටිමින් ප්‍රේමකිර්තී රගමින් සිටි රගමඩලේම රගමින් සිටින බව ය. මේ අඩවියට පිවිසීමෙන් ඒ ගැන යම් අදහසක් ඔබට දැන ගත හැකි ය.

http://andarademala.blogspot.com/2010/10/blog-post_12.html

අධිකරණයක ඔප්පු කිරීමකින් තොරව මිනිසෙකුට දඩුවම් දීම අප අනුයන මග නොවේ. අයුක්ති සහගත චෝදනාවක්ද එක් ආකාරයක දඩුවමක් වෙයි. ඒ නිසාම අප කියන්නේ මේ මූලාශ්‍රය අනුව යමින් මේ කියන පුද්ගලයා අපගේ මනස තුළ හෝ වැරදි කරුවකු නොකළ යුතු බව ය. මිනීමැරුම විශේෂයෙන් මේ කියන ආකාරයෙන්ම සිදුවුනා නම් අතිශය බරපතළ චෝදනාවක් නිසාම ඊට උරුම නීතිමය මග ගත යුතු බව ය.

චෝදනා බරපතළ නිසාත් එය එලිපිට මෙසේ ඉදිරිපත්වන නිසාත් නීතිය තවදුරටත් පමා නොවී ක්‍රියාත්මක විය යුතුව ඇතැයි අපට හැගේ. එක්කෝ මේ කියන කතාව ඇත්ත නම් ඒ චුදිතයා වරදකරුවෙකු කොට දඩුවම් දිය යුතු ය. නැතිනම් ඔහු නිදොස් කොට ඔහුගේ ගර්හාවට ලක්වූ ප්‍රතිරූපය නගා සිටුවිය යුතු ය. එය තවදුරටත් පමා නොකොට සිදු කොට යුතු ය.

මේ රටේ නීතිය සැමට බලපාන්නේ යයි ද කවුරුවත් නීතියට උඩින් නැතැයි ද යන ජනාධිපතිගේ ප්‍රකාශයේ අවංකබව පෙන්වීමට ජනාධිපතිට මීට වඩා හොද අවස්ථාවක් නැත. ජනාධිපතිගේ ඒ කතාව ඇත්ත යයි ඔප්පු කිරීමට ඔහුගේ ගෝලබාලයන් වූ පොලීසියට හා නීතිපති දෙපාර්තමේන්තුවට මීට වඩා හොද අවස්ථාවක් නැත.

එහෙත් එවැන්නක් වන බවට සළකුනක් වත් නැත. ඒ නිසාම මෙය බ්ලොග්අවකාශය තුළ පමනක් රැදෙන තවත් එක් ශෝචනීය කතන්දරයක් වනු ඇත්තේ ද?

අපට කළ හැක්කේ මෙසේ එය ජනතා අධිකරණයට ඉදිරිපත් කිරීමට පමණකි. ඒ දඩුවම් දීම සදහා නොවේ. රටේ නීතිය බල ගැන්වීමට ජනතා මැදිහත්වීමක් ඉල්ලා ය.

Posted in: Uncategorized