පින ඵල දෙන්නේ පස්සෙන් ඇවිල්ලා ය!

Posted on November 18, 2010



පව් විතරක් නොව පින් ඵල දෙනකොටත් දෙන්නේ පස්සෙන් ඇවිල්ලා ය. ඒ සදහා අවශ්‍ය වන්නේ රේඛාවෙන් හරි පැත්තේ හිට ගැනීම ය.

ඇන්ටන් තෙන්නකෝන් හිටපු බස්නායක නිලමේ සමග අපේ තරහක් නැත. උන්දෑ තමන්ගේ හොර අඹුවට වෙඩි තැබීම ගැන ද අපගේ අමනාපයක් නැත. ඒ ගෑණි කාගේ කවුදැයි අප දන්නේ නැත.

නීතිමය ක්‍රියාදාමයකින් පසු උන්නැහේට දඩුවම් නියම වුනේ ය.

රටේ නීතියට උඩින් කාක්කෙකුටවත් පියැඹීය නොහැකි යයි කියූ ජනපති අතින් ලැබූ සමාවකින් උන්නැහේ නිදහස් විය.

එවැනි පින්වත් උත්තමයින් ගැන ඉරිසියා කරන්නට අපට අයිතියක් නැත. (ඒ වුනාට මේ නම් කරන්නේ ඉරිසියා කිරීමක් යැයි කියන්නට සමහරු ඉදිරිපත් වෙන්නට පුලුවන. මුලු කතාව අහන තෙක් එහෙම නිගමනවලට බහින්නට එපා ය.)

මට දැන ගන්නට ඇති එකම ප්‍රශ්නය මේ යැ. මගේ හොර අඹුවන්ගෙන් නිදහස් වෙන්නට මටද වුවමනා ය. මං බස්නායක නිලමේ කෙනෙක් නොවුනාට ජනපතිට වුවමනා නම් ජිවිතය තියෙන පුරා කඹුරන්නට වුව ලෑස්ති ය.

උන්දැලාට කම්බස් වෙන්නට වෙඩි තියන්නට මට අවසර ද?

රජතුමනි, පස්වාන් දහසකට බුදුවන්ඩ, දෙනවා ද මටත් සමාවක් අධිකරණය දඩුවම් කළ දාක? ඔබතුමාගේ කරුණාව මේ පවුකාරයාටත් ලබා දෙනවා නේද?

අපගේ ‍අඩවියට ගොඩ වැදී අපට පලු යන්නට බණින පෙරමුණේ රාලලාට රනාලාට හා තරුලා ඇතුළු පිරිසගෙන් අප ඉල්ලා සිටින්නේ මේ සද්කාර්යය සදහා ඔබතුමාගේ නායකකාරකාදීන්ට කරුණු ඔප්පුකොට අ‍පගේ සාධාරණ වූ ඉල්ලීමට බකප් එකක් ලබා දෙන ලෙස ය. ඇන්ටන්ට පෙන්වූ කරුණාව සංවේදී නායකයා අපට නොපෙන්වා ඉන්න එකක් නැත. අවශ්‍ය ඔබතුමන්ලාගේ සම්බන්ධකම් භාවිතා කොට අප වෙනුවෙන් මැදිහත්වීම ය. අද හෙටම කරගන්නට ලැබුනොත් හොද ය. මේ දුක වින්දා හොදටම ඇති ය.

Posted in: Uncategorized