වරින්වර ලොව උපත ලබන හිට්ලර්ගේ ආත්මය

Posted on November 13, 2010



අවසාන විශ්ලේෂණයේදී ලෝකයේ ඉන්නේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් තුන් දෙනෙකි. ස්ටාලින් මම සහ මුසෝලීනි ඒ තිදෙනා ය. අපේ ශක්තිය රදාපවතින්නේ අපගේ වේගයත් අප දක්වන කෘරත්වයත් මත ය.

ගින්ගීස් කාන් මිලියන ගණනාවක් දරුවන් හා ගැහැණුන් මරණයට දැක්කූයේ ප්‍රීතිමත් හදවතකිනි. ඉතිහාසය ගින්ගීස් කාන් ගැන ලියා ඇත්තේ අතිවිශාල අධිරාජ්‍යයක් නිර්මාණය කළ දැවැන්ත අධිරාජ්‍යයකු ලෙස ය.

බටහිර යුරෝපයේ ඇති බෙලහීන ශිෂ්ඨාචාරය මා ගැන කියන්නේ කුමක්ද යන්න මම නොතකමි. මම නියෝග දී ඇත්තෙමි. ඒ අණට අකීකරු එය විවේචනය කරන කවරෙකු වුව ද වෙඩි උණ්ඩයට ගොදුරු කරවීමට මම පසුබට නොවෙමි.

අපේ යුද්ධයේ අරමුණ දේශසීමා අල්ලා ගැනීම නොවේ. සතුරා සහමුලින් සමූලඝාතනය කිරීම ය. එයට සුදුසු අයුරින් මම මගේ හමුදාව සූදානම් කර ඇත්තෙමි. උන් හදේ ලතෙතක් නැතිවම පෝලන්ත ලේ උරුමක්කාරයින් හා පෝලන්ත භාෂාව හසුරුවන්නන් උන්ගේ ගැහැණුන් හා දරුවන් විනාශ කර දමනු ඇත්තේ ය.”

මේ පෝලන්ත ආක්‍රමණයට පෙර හිට්ලර් තම හමුදාව අමතා කරන ලද කතාවෙන් උපුටා ගනු ලැබූ කොටසකි.

බටහිර යුරෝපය අනුන් මත බලයෙන් පටවන්නට හදන බෙලහීන ශිෂ්ඨාචාරයට විරුද්ධව අද මෙන්ම එදාත් කැරලි ගැසූ ප්‍රතාපවත් රාජ්‍ය නායකයින් සිටි බවට හිට්ලර්ම හොද උදාහරණයකි.

ජර්මන් ජාතිය ලෝකයේ උතුම්ම ජාතිය යයි හිට්ලර් ඇදහූයේ ය. සැබෑ ලෙස විශ්වාස කළේ ය. ඒ අනුව පෝලන්ත ගැහැණුන් හා දරුවන් පවා මරා දැමීම හිට්ලර්ට මහ දෙයක් වූයේ නැත.

අතිවිශාල  ලේ වැගිරීම් සහ මිනිස් ඝාතන සිදුවු යුද්ධයකින් පසු හිට්ලර් පැරදුනේ ය. සිය දිවි නසා ගත්තේ ය. ඒත් හිට්ලර්ලා තවමත් විවිධ රූපකායෙන් යුතුව මේ පොළෝ තලයේ ජනිත වන්නා හ.

එකම වෙනස සමහර හිට්ලර්ලාට ඉක්මණින් ද සමහරුන්ට පරක්කුවී ද ජනතා අධිකරණයට යටත් වන්නට සිදුවන බව ය. දිට්ඨ ධම්ම වේදනීය කරුමය ගෙවන්නට සිදුවන බව ය.

Advertisements
Posted in: Uncategorized