ලී ක්වාන් යූ දුටු වෙනස – Britan and Singapore – 1950 – සහ අද

Posted on November 8, 2010



දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බි‍්‍රතාන්‍යයේ බලයේ සිටි කම්කරු පාක්ෂික ආණ්ඩුවේ යුක්තිසහගත හා සාධාරණ වැඩ පිළිවෙල මගේ පරම්පරාවේ සිංගප්පූරු හා මලායානු ජාතිකයින් ඇද බැද ගැනීමට සමත්වූයේය.

බි‍්‍රතාන්‍යයේ එවකට පැවති සම්ප‍්‍රදායික ව්‍යාවස්ථා ප්‍රතිපාදන හා අන් මත ඉවසීමේ පරිණත සමාජ ක‍්‍රමය විසින් බලය හා ධනය සාමකාමීව මාරුකිරීමට සළසා තිබූ අවකාශය සම්බන්ධයෙන් අපට ඇතිවූයේ දැඩි උනන්දුවකි.

රටට යනෙන අමුතතන් විශේෂයෙන් සුදු මිනිසුන්ගේ තොරුතුරු හෙළදරව් කිරීම සිය වගකීම ලෙස සැළකූ නොදියුණු මාධ්‍ය සහිත නූගත් මිනසුන්ගෙන් සමන්විත අප රටත් බ්‍රිතාන්‍යයත් අතර වෙනස අපි හදුනාගත්තෙමු.

අපට පෙනුනේ අපගේ පසුගාමිත්වයත් පැවතුණු තත්වයේ පැවති අතිශය බලාපොරොත්තු විරහිත භාවයත් පමණකි.

ලී ක්වාන් යූගේ එම කතාව ඔහුගේම වචනවලින් ද අසන්න.

My generation of Singapore and Manayan students in Britain after World War II were compeletely sold on the fairness and reasonableness of the Labour Governments program. We were enthusiastic about mature British system, under which constitutional tradition and tolerance allowed fundamental shifts of power and wealth to take place peacefully. We compared what we saw in Britain with Singapore and Malaya, with our largely uneducated peoples and a feeble press that ignored all the basic issues but reported the comings and goings of important people, mostly white bosses and the locals who hovered around them. The situation look backward and unpromising.

මේ සැබෑ පරස්පරය දැක ගැනීමට ඔහුට හැකි වූ නිසාම එය ප්‍රසිද්ධියේ පිළිගත් නිසාම ඔහුට සිංගප්පූරුව ආසියාවේ කීර්තිමත් රටක් කිරීමට හැකි විය.

උන්මාදවාදී චින්තනයට නොහැකිව ඇත්තේ මේ යථාව තේරුම් ගැනීමට ය. එය රට ගොඩනගන්නට පෙරම පාරම්බාන්නේ ය. තමන්ගේ දුර්වලකම් අදුනාගැනීමට පුදුම දුර්වලකමක් දක්වන්නේ ය. ඒවා ගැන කතා කරන මිනිසුන් දේශදෙ‍්‍රාහීන් කරන්නේ ය. ආශ්චර්යයක්ම පහළ වුවහොත් මිස මේ රට මේ යන විදිහට නම් ගොඩ නැගිය නොහැකියයි අප කියන්නේ ඒ  නිසා ය.

සිංගප්පූරුවේ එක පුද්ගල දළ ජාතික නිශ්පාදනය ඩොල්ර් 38000 ඉක්මවා ඇත. ඒ අප 2000 ක් වීම ගැන පාරම්බාන අතරතුරය.

ලෝකයේ ආයෝජකයන්හට වඩාත් සුදුසු රටවල් අතර අංක 1 ලෙස සිංගප්පූරුව මේ වසරේ නම් කර තිබුණි. එය දැනටමත් තමන්ට ලගා වෙතැයි නොසිතූ ඉලක්කය ලගා කර ගෙන ඇත. බ්‍රිතාන්‍ය පරදවා ඇත.

1950 ලී ක්වාන් යූ අපේ පොරවල් විදිහට හිතුවානම් උන්ට වෙන්නේද අපට උන සංගෙඩියම ය. වාසනාවකට සිංගප්පූරුවට අපට මෙන් පාරම්බාන්නට අතීතයක් තිබුනේ නැත.

උගන්නට බොහෝ දේ තියෙන බව වැටහෙන්නේ නිහතමානී සිතකට ය. තමන් මුදුනා යයි සිතන්නේ පණ්ඩිතමානී සිත ය.

නිහතමානී සිත තමන්ගේ අඩුව දනියි. එය පිළිගනියි. එය හදා ගැනීමට වෙහෙසෙයි. සිංගප්පූරුවේ සාර්ථකත්වය පිටුපස ඇති රහස නම් එහි නායකයින්ට තමන් ගැන නිසි තක්සේරුවක් තිබීම ය. ඉහත ලී ක්වාන් යූ ගේ වචන ඒ සදහා දිය හැකි හොදම උදාහරණයයි.

Posted in: Uncategorized