සංවර්ධනයේ හැඩ රුව

Posted on November 3, 2010



ලංකාවේ ඇති පාරවල් සමූහයක් ගුවන් පාලම් දෙක තුනක් වරායක් හා ජල විදුලි බලාගාර කීපයක් පෙන්වා සංවර්ධනය නම් මේ යැයි ආණ්ඩුව ද උන්ගේ අනුගාමික‍යෝ ද කියති. මේ ප්‍රමාණයෙන් ක්ෂුද්‍ර වැඩ කීපය මහා විශාල ලෙස දැනෙන්නේ චන්ද්‍රිකාගේ ඇල්මැරුණු වසර 12 ක කාලය නිසා ය.

එහෙත් ලෝකයේ බොහෝ අගනගරයන් සමග සන්සන්ද‍නයේ දී මේ සාක්ෂාත් කර ගත් දේ නොවැදගත් ය.

සමහර පාලම් හා පාරවල් සුනාමි ආධාරවලින් හදා පසුව විවෘත කරන ලද ‍ඒවා ය. ඒවාත් බැර කර ගෙන ඇත්තේ ආණ්ඩුවේම ගිනුමට ය.

මේ සංවර්ධනයේ හැබෑ හැඩ රුව දැක ගත හැක්කේ දෙහිවල පාලමේ වැඩ කිඩ වැනි කීපයක් හදිසියේ වසා ඇති කඩතුරා ඉරා දමමින් එලියට වඩින විට ය. ඒ අධීවේගී මාර්ගයේ කඩා වැටුනු පාලම්වලට අතිරේඛ වශයෙනි. මේ ඡයාරූපයෙන් පෙන්වන්නේ දෙහිවල ගුවන් පාලම කියා මහත් උජාරුවෙන් ජාතියට ප්‍රධානය කර ඇත්තේ බර වාහනයක් ගියොත් කඩා වැටෙන අට්ටාලයක් බව ය.

ඉරාකයේ තිබී ගලවා දමන ලදැයි කියන මේ පාලමේ දිග නිසා මෙය සවිකර හැකිව තිබූ එකම ස්ථානය දෙහිවල මංසන්දියයි. දුම්රිය පොලට යන වාහන ඇරුණු කොට වෙනත් වාහන ඉතා අඩුවෙන් භාවිතාකරන පාරක් හරස් කර අපට ගුවන් පාලමක් ලැබෙන්නේ ඒ නිසා ය. මේ නිර්මාණයේ අඩුපාඩු කොතෙක් ද යත් මෙය අනතුරු ඇතිකරන මාරක ස්ථානයක් බවට ද පත්ව තිබේ.

ඒත් බිල්බෝඩ් එකකට මෙය අපූරු දර්ශනයකි. බිල්බෝඩ් දේශපාලනයට ද හයිය ජැක් එකකි. අත්හදා බලමින් යන ගරිල්ලා මාකටින් එකට නියමම ප්‍රස්තූතයකි.

(මෙය යයි කීවේ ඉහත රූපයේ පෙනෙන පාලම කිට්ටුවෙන් ගසා ඇති බිල්බෝඩ් එක ගැන නොවේ. පාලමේ අසිරිය පෙන්වන ඡයාරෑප රැගත් රට හැම තැන ප්‍රදර්ශනය කරන හා කළ බිල්බොඩ් ගැන ය).

අප ගෙවන යුගය කෙතරම් මුලාවන් සහිත දැයි දැන ගන්නා විට කෝච්චිය ගිහින් ඉවර වෙන්නට ඉඩ තිබේ.

Posted in: Uncategorized