Browsing All Posts published on »October, 2010«

පෝය දින පොලිස් පරීක්ෂාව

October 24, 2010

4

පෝය දින උදේ පාන්දර 3 සිට ගෙවල්වල වැසියන් කූද්දමින් පානදුරේ සිට ගල්කිස්ස දක්වා කරන්නට යෙදුනු පොලිස් පරීක්ෂාව ගැන සමහරු නිස්කාරණේ මැසිවිලි නගති. රට දියුණු කරන්නට පොලීසියත් ආණ්ඩුව සමග එක්ව නිදිමරාගෙන මහන්සිවන අල්ල පනල්ලේ මහ රෑ තමන්ගේ නින්ද කැඩීම නිසා උරණව මේ දෙපාර්ශවයට දොස්කීම වැරදි ය. සමහරු දොස් කියන්නේ මෙසේ පාන්දර ගෙවල්වලට පොලීසිය පැමිණීමෙන් දෙන සම්ප්‍රදාය […]

වැරැද්ද කාගේද? – නොදනිමි කාගේ දෝසා?

October 23, 2010

1

ෆොන්සේකා හිරේ ගියේ යූ ඇන් පීයේ හා ජේවීපෙයේ වරදින් ය. ඒ සදහා ආණ්ඩුවවත් ෆොන්සේකාවත් වගකිව යුතු නැත. මෙහෙම නොකියනා කෙනෙක් ආණ්ඩු පාක්ෂිකයින් අතර නැත. පොලීසිය මාධ්‍යවේදීන්ට නෙළුවේ සරසවි ශිෂ්‍යයින්ගේ වරදින් ය. ඒ නැතිව පොලීසියේවත් පොලීසිය බාර ආණ්ඩුවේවත් වරදින් නොවේ ය. ඇත්තටම මෙය කෙතරම් ඇත්ත ද යත් සරසවි සිසුන් දිගින් දිගට මෙහෙම නාඩගම් නැටුවොත් ඉදිරියටත් මාධ්‍යවේදීන් […]

විදේශීය දේට 10% ක් දේශීය දේ එකතු කර දේශීය ආර්ථිකයක් ගොඩ නැගීම

October 22, 2010

5

පාන්පිටි ත්‍රස්තවාදයට එරෙහිව හාල් පිටි මෙහෙයුමක් දියත් කරමින් විදේශ බලවේග පරාජය කරමින් දේශීය ආර්ථිකයක් ගොඩ නගා ගැනීම සදහා ආණ්ඩුව දක්වන උත්සහයට අපත් යමක් කළයුතු යැයි අපට සිතුනේ ය. ඒ විදින දුක ගැන හටගත් අනුකම්පාවත් අරමුණ ගැන ඇති වූ ශ්‍රද්ධාවත් නිසා ය. පාන් අධිරාජ්‍යවාදී ‍වන තරමටත් වඩා ක්‍රිකට් අධිරාජ්‍යවාදී ය. පාන් අත්අරින්නට අමාරු නිසා 10% ක් […]

සරසවි සිසුන් හූ නොකියා ඉදීවි ද?

October 21, 2010

5

අලුතින් පාට කරන ලද පරණ නේවාසිකාගාරයක් හා වසර 10ට උඩදී ආරම්භ කරන ලද පරිගනක මධ්‍යස්ථානයක් විවෘත කිරිමට පැමිණි එස් බී දිසානායක ඇමතිතුමා සරසවි සිසුන්ගේ හූ පාරට ලක්ව තිබේ. මේ නම් හූ කියන්නට වටින වැඩකි. මෙහෙම දෙයක් කරලාවත් හූ නොකිව්වොත් උන් කොල්ලන් නොවෙති. ඒත් උන්ට සමාවක් ලැබුනේ නැත. ඒ වෙනුවට උන් කුදලාගෙන පොලීසියට දක්වා ඉනුත් නොනැවතී […]

Beyond Frame හෙලිකරන ඇමරිකාවේ නිරුවත!

October 20, 2010

8

ඇමරිකාව ද දුප්පත් යයි කිව්වහම අපිට හරි ආතල් ය. මක්නිසා ද යත් එතකොට අපට තවදුරටත් දුප්පත්ව සිටීමට හයියක් ලැබෙන නිසා ය. ඒ නිසා අපේ බ්ලොග් සහෘදයෙක් (telradio) ඇමරිකාවේ දුප්පත් කම ගැන සටහනක් ලීවේ ය. ඒ ඇමරිකාවේ නිරුවත නමිනි. ඇමරිකාවේ දුප්පත්කම ගැන විකිපීඩියා ගෙන හැර දක්වන කාරණා කියවීම අපට ඇත්ත පින්තූරයක් ඇද ගැනීමට උදව් වෙනු ඇත්තේ […]

ඊනියා හාස්කම් හෙවත් සත්‍ය මිත්‍යාවන් උපත ලබන හැටි කියන කතාවක්

October 19, 2010

1

මේ කතාව මා උපුටාගන්නේ ශාන්ත්‍රම් (Shanthram) නැමැති නවකතාවෙනි. ඒක නවකතාවක් කිව්වාට නවකතාවක්ම නොවේ. ඊට වැඩි යමකි. ස්වයං චරිතාපදානයකි. ජාත්‍යන්තර වැඩිම විකුණුමක් ඇති පොත් ගොඩට එකතුවෙතත් එය ලියා ඇත්තේ අපරාධකාරයෙකු විසිනි. ඕස්ට්‍රේලියාවේ උපත ලැබ මත්ද්‍රව්‍යවලට පුරුදුව ඒ සදහා මංකොල්ල කෑමේ යෙදුනු අපරාධකාරයෙකු විසිනි. පසුව හිරගත වෙන ඔහු ඔස්ට්‍රේලියාවේ දී හිරෙන් ද පනියි. ඊට පසු මොහු නවසීලන්තය […]

පොලීසිය ගැන රජුගේ උදහස සාධාරණ ද?

October 18, 2010

3

සමහර පොලීසි තිබුනාට අවුරුද්දටම අල්ලා ඇත්තේ සුරුට්ටුවක් පමණකැයි රජතුමා සෝපාහාසයෙන් කිව්වේ දකුණු පළාත් සභා ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ය. තමන්ට සළකන ආයතතනයකට ඔහොම කියන එක කළ ගුණ දත් නායකයෙකුට තරම් නොවන්නේ ය. පොලීසියට තියෙන රාජකාරී දන්නේ පොලීසියේ වැඩ කරන අය පමණකි. ආණ්ඩු විරෝධී පෝස්ටර් ගහන ඒවා අල්ලන්නට ඕනෑ ය. ආණ්ඩු විරෝධීන්ට නඩු ගොනු කරන්නට ඕනෑ […]