සභයට අයින්ස්ටයින් කැදවීමි

Posted on October 30, 2010



අයින්ස්ටයින් ඊනියා දේශප්‍රේමය ශිෂ්ඨාචාරය විනාශ කරන්නට ආ වසංගතයක් ලෙස බැහැර කළේ ‍මෙසේ කියමිනි.

This topic brings me to that worst outcrop of herd life, the military system, which I abhor… This plague-spot of civilization ought to be abolished with all possible speed. Heroism on command, senseless violence, and all the loathsome nonsense that goes by the name of patriotism — how passionately I hate them!

රංචුවල ජීවිතයෙන් ලැබෙන නරකම ප්‍රතිඵලය වූ මා පිළිකෙව් කරන්නාවූ මිලිටරි ආධිපත්‍යය අභියසට මේ මාතෘකාව මා ගෙනියන්නේ ය. ශිෂ්ඨාචාරය තුළ වසංගතයක ලකුණු පෙන්වන මේ ක්‍රමය හැකි ඉක්මණින් අහෝසි කර දැමිය යුතු ය. අණ යටතේ ප්‍රදර්ශණය කරනු ලබන වීරත්වය අර්ථ විරහිත හිංසනය සහ වෙනත් දේශප්‍රේමය හා බැදෙන විකාර සියල්ල මම පිළිකුලෙන් යුතුව බැහැර කරමි.

අයින්ස්ටයින් සිය දේශපාලන දර්ශනය විග්‍රහ කරමින් දරුණු ආධිපත්‍යයකට යටත් කරනු ලැබූ ජනතාවකට කළ හැකි දේ සීමිත යයි කියයි.

“My political ideal is democracy. Let every man be respected as an individual and no man idolized. It is an irony of fate that I myself have been the recipient of excessive admiration and reverence from my fellow-beings, through no fault, and no merit, of my own. The cause of this may well be the desire, unattainable for many, to understand the few ideas to which I have with my feeble powers attained through ceaseless struggle. I am quite aware that for any organization to reach its goals, one man must do the thinking and directing and generally bear the responsibility. But the led must not be coerced, they must be able to choose their leader. In my opinion, an autocratic system of coercion soon degenerates; force attracts men of low morality… The really valuable thing in the pageant of human life seems to me not the political state, but the creative, sentient individual, the personality; it alone creates the noble and the sublime, while the herd as such remains dull in thought and dull in feeling.

මගේ දේශපාලන දර්ශනය ප්‍රජාතන්ත්‍රවාදයයි. සෑම තනි පුද්ගලයෙකුටම නිසි ගෞරවය දීමත් කිසිදු මිනිසෙකු පරමාදර්ශයක් ලෙස ඉහලින් නොතැබීමත් ඊට අයිති ය. මගේම යහගුණයක් හෝ මගේ වැරැද්දක් නැතිවම මගේම මිනිස් සගයින් විසින් මා අනවශ්‍ය ලෙස පුම්බා අගය කිරීම දෛවය මට කළ සරදමක් වැන්න. මෙයට හේතුව වන්නට ඇත්තේ මට අයත්ව තිබූ සීමාසහිත බලය යොදාගනිමින් මා විසින් කරන ලද අතිශය වෙහෙසකර අරගලය හේතුවෙන් මා විසින් අවබෝධ කරගන්නට යෙදුණු වෙනත් අයට නොහැකි වූ අදහස් සමූහයක් ය. යම් ආයතනයකට සිය අරමුණු සාක්ෂාත් කරගැනීමට නම් එක් තැනැත්තෙක් සිතිය යුතු අතර ඒ සිතුවිලිවලට අනුව අනෙක් අය මෙහෙයවමින් එම සමස්ථ මැදිහත්වීමේ වගකීම ද දැරිය යුතු බව මම දනිමි. එහෙත් එසේ මෙහෙයවන මිනිසුන් බලාහාත්කාරයට නතු කර නොගත යුතු අතර ඔවුන්ට තමන්ට කැමති නායකයෙකු තෝරාගැනීමේ ඉඩකඩ තිබිය යුතු ය. මට හිතෙනා ආකාරයට එසේ බලය යොදා නතු කර ගන්නා ප්‍රජාවක් ඉක්මණින් විනාශ වී යයි. බලය ආකර්ෂණය කරගන්නේ අයහපත් මනසකින් යුතු මිනිසුන්ව ය. ඒ නිසාම මා කල්පනා කරන්නේ ලෝකයට වැදගත් වන්නේ දේශපාලන රජයක් නොව නිර්මාණාත්මක නිදහස් මිනිසුන් බව ය. ඊට ප්‍රතිපක්ෂව බලය යොදා ගාල්කරනු ලැබූ ප්‍රජාවකට කළ හැක්කේ නීරස දේ නිර්මාණය පමණකි.

අපට මුනිදාස කුමාරතුංගලාගෙන් තාගොර්ලාගෙන් ගාන්ධිලාගෙන් පමණක් නොව බර්ට්‍රන්ඩ් රසල්ලාගෙන් අයින්ස්ටයින්ලාගෙන් ද ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ.

අප දන්නා එකම‍ දේ බලය යොදා ප්‍රතිවාදින් යටපත් කර ගැනීම නම් එසේ යටපත් කරගන්නා ප්‍රතිවාදීන් බලය යොදා ගනිමින් දිගින් දිගට පාලනය කිරීම නම් ඒ සදහා අප යොදාගන්නේ කුමන ගාම්බීර වචනයක් වුව ද දේශප්‍රේමය වැනි කෙතරම් නම්බුකාර වචනයක් වුව ද ඉන් අත් කර ගත හැකි ප්‍රතිඵලය අල්ප බව අයින්ස්ටයින් එසේ අපට කියන්නේ ය.

නිදහස් මිනිසුන් තම නිර්මාණශීලිත්වය මුදාහරිමින් ඉතා අරුම දේ නිපදවනු ඇත්තේ පුද්ගල නිදහස හා මානව අයිතිවාසිකම් ද ප්‍රජා අයිතිවාසිකම් ද රජයන සමාජයන්හි බවද ඔහු අපට කියා සිටින්නේ ය.

(අයින්සටයින් යනු අපේ යුගයේ පහළවුනු ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා පමණක් නොවේ. ඔහු අප රටේ බහුතරයක් අදහන බුදු දහම පිළිබදවද යම් ප්‍රසාදයකින් පසු වූ බටහිර ප්‍රාඥයෙකි)

Posted in: Uncategorized