හෙද සේවක සේවිකාවන්ට කරුණාවෙනි

Posted on October 29, 2010



රස්සාවක් ලැබුනනම් පඩියකුත් ලැබුනනම් කෑව නම් බිව්ව නම් හොද ළමයි වගේ ගෙදර ගිහින් නිදා ගන්න. නිකම් ගෝරි බෝරි දාගන්නෙ නැතිව.

හොදින් එනව නම් එහෙමයි. නිකම් කචල් එකෙන් ආවොත් නන්දිකඩාල් පාරක් දාන එක අපට සිම්පල්.

ඔය ළමයින්ගේ අම්මල තාත්තලා කලුබෝවිල පැත්තෙ කැරකුනොත් කොදු කඩාගෙන තමයි ගෙදර යන්න වෙන්නෙ. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඒ නිසා දග නොකර හොද බබාලා වගේ රස්සාව කරගෙන ගෙදර යන්න.

කම්මැලි නම් පබා බලල මහින්ද රාජපක්ෂගෙ හරි මහින්ද අබේසුන්දරගෙ හරි කතාවක් අහල නිදා ගන්න. උදේට හඩ්සන්ට සවන් දීල රට හදන්නෙ කොහොම ද කියල දැන කියාගෙන වැඩට එන්න.

හාමුදුරුවරුන්ගෙ ගෑස් බලපු කාලෙ ඉවරයි. ඒ නිසා සභාපති හාමුදුරු කෙනෙක් කියන එක අපිට සයිස් නෑ. කාලයක් තිබුන තමයි ‍ජාතියේ මුර දේවතාවුන් කියල පොඩි එකක්. දැන් ඒ කාලෙ ගියා. පරණ අස්සයා විකුන්නා. ඒ වෙනුවට අලුතෙන් බෙන්ස් කීපයක්ම අරං තියෙන්නෙ.

ඒ නිසා සුදු හාමිනේලා ටික අපට කරදර නොකර මේ තුන්වෙනි වතාවට කියන්නෙ ගෙදර යන්න. දරුවන්ට උගන්නගන්න බලන්න. නැත්නම් අම්මලගෙන් ඉගෙන ගෙන උනුත් ස්ට්‍රයික් කරයි.

අපේ අදහසක් තියෙනව හෙද ඩ්‍රීම්ස්ටාර් තරගයක් තියන්න. ඒකට පොඩි ප්‍රැක්ටිස් පාරක් දාන්න. ඔය නිකම් කෑ ගහ ගහ ඉන්නවට වඩා කොච්චර ලොකු ආතල් එකක් ගන්න පුලුවන් ද? ඔය කෑගහන දේශපාලන ගොල්ලො වුනත් අනිත් ඔක්කොම ඒවා දාල ඕවට එන්නෙ නිකම් ද?

කැමැත්තෙන් ගස් බැදගන්න ලෑස්ති අය ඉන්නවනම් කියන්න. ලණුවක් එවතෑකි මාධ්‍ය කට්ටියක් එක්ක. ආතල් ටිකක් වැඩිපුර ඕන්නම් කැළණියේ ගැමුණුවත් එවන්නම්. මේ දවස්වල නිව්ස්වල පෙනී ඉන්න බැරිව මිනිහත් කහ කහ ඉන්නෙ.

එහෙනම් ඕන් අපි ගියා. සුභ අනාගතයක්!

Posted in: Uncategorized