වැරැද්ද කාගේද? – නොදනිමි කාගේ දෝසා?

Posted on October 23, 2010



ෆොන්සේකා හිරේ ගියේ යූ ඇන් පීයේ හා ජේවීපෙයේ වරදින් ය. ඒ සදහා ආණ්ඩුවවත් ෆොන්සේකාවත් වගකිව යුතු නැත. මෙහෙම නොකියනා කෙනෙක් ආණ්ඩු පාක්ෂිකයින් අතර නැත.

පොලීසිය මාධ්‍යවේදීන්ට නෙළුවේ සරසවි ශිෂ්‍යයින්ගේ වරදින් ය. ඒ නැතිව පොලීසියේවත් පොලීසිය බාර ආණ්ඩුවේවත් වරදින් නොවේ ය. ඇත්තටම මෙය කෙතරම් ඇත්ත ද යත් සරසවි සිසුන් දිගින් දිගට මෙහෙම නාඩගම් නැටුවොත් ඉදිරියටත් මාධ්‍යවේදීන් පොලීසියෙන් ගුටිකන්නට පුලුවන. එහෙම කියන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ය.

රාජ්‍ය සේවකයින් අකාර්යක්ෂම වීමට හේතුව උන්ගේ ආකල්ප නිසා ය. නැතුව රාජ්‍ය ‍පාලනයේ ඇති අඩුපාඩු නිසා නොවේ. එහෙම කියන්නේ රජතුමා ය.

වරැද්ද රජයේ සේවකයින්ගේ ය. උන්ව පත් කරන හා උන්ව පාලනය කරන ඇමතිමණ්ඩලයේ නොවේ. එහෙම කිව්වේ ටීවී බලා නිදාගන්නා ජනතාව ය.

සමාව දිය නොහැක්කේ එය අදාළ පුද්ගලයාගේ පවුලේ අය විසින් ඉල්ලා නැති නිසා ය. නැතිව දෙන්න තියෙන අමාරුකමකට නොවේ. එහෙම කියන්නේ රජතුමාගේ සොහොයුරා ය. අමතරව අපේ අගමැති තුමා ය. ඊටත් අමතරව ඇමැති සේනාව ය.

බිත්තිය ඇදට බැදුනේ පස්ස නටව නටවා කොමළ පාමින් එහේ මෙහේ ගිය යුවතියගේ වරදිනි. මා අත වරද නැත. එහෙම කිව්වේ අපේ බාස්සුන්නැහේ ය.

මට ඔලුව කැක්කුමක් තිබේ. ඒකට හේතුව මගේ නියපොත්තක් වැඩිපුර වැවී තිබීම ය. නැතිව වෙනයම් ලෙඩක් නිසා නොවේ. එහෙම හිතුනේ මේවා අහන මට ය.

වැරැද්ද කාගේද? මගේ නම් නොවේ. උඹේ වෙන්නට හොදටම ඉඩ තිබේ. එහෙම කියන්නේ මේ බ්ලොග් අඩවියට ගොඩ වදින සමහර ‍සහෘදයන් ය.

ඇත්තම කියනවා නම් නොදනිමි කාගේ දෝසා!

Posted in: Uncategorized