සරත් ෆොන්සේකා කළ යුද්ධයට අපේ පක්ෂපාතිත්වයක් තිබුනේ නැත. වාර්ගික අර්බුදය විසදීමේලා යුද්ධය උත්තරයක් ලෙස මේ මොහොතේ පවා අප පිළිගන්නේ නැත. එල්ටීටීයේ ත්‍රස්තවාදය ඔයතරම් දරුණු යුද්ධයකින් තොරව පරාජය කිරීමේ හැකියාව තිබුනේ ය. ඒ දෙමළ ජනතාවට ගැලපෙන (එල් ටී ටීයේ නායකත්වයේ සම්පූර්ණ සතුටට හේතුවන එකක් නොවුන ද) විසදුමක් ඉදිරිපත් කිරීම හරහා එල්ටීටීය තනිකිරීම තුළිනි. එහෙත් මේ රටේ දේශපාලන නායකත්වයට වුවමනා වුනේ දෙමළාට බිංදුවක් දී මේ යුද්ධය අවසන් කරන්නට ය. එය ඉටු කළේ සරත් ෆොන්සේකා ය.
ඒ නිසා යුද්ධය සම්බන්ධයෙන් ආණ්ඩුව ගැන ප්‍රශ්නයක් තිබූ අපට ඒ මෙහෙයවූ සරත් ෆොන්සේකා පමණක් හොද වෙන්නට හේතුවක් නොවී ය.
ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයා කළ මොහොතේ ද අපි විපක්ෂයේ බංකොලොත්භාවය පෙන්වූ අවස්ථාවක් ලෙස එය හෙළා දැක්කේ එහෙයිනි.
එහෙත් විපක්ෂයේ ඒ තීන්දුවෙන් පසු ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාමාර්ගයට එරෙහිව අපට ඇති ප්‍රබලම විරෝධය පළ කළ හැකිව තිබුනේ ඔහු හරහා පමණක් නිසාත් දේශපාලන සරත් හමුදා සරත්ට වඩා පළල්ව ප්‍රශ්න දෙස බලන හැඩයක් පෙන්නුම් කළ නිසාත් ආණ්ඩුව තිරශ්චීන ලෙස අමු අමුවේ රටේ නීතිය උල්ලංඝනය කරමින් සටනට බට නිසාත් අපි සරත් ෆොන්සේකාගේ දේශපාලන අයිතිය වෙනුවෙන් පෙනී සිටි බව ඇත්ත ය. එහෙත් ඒ ඒ අවස්ථාවේ පැවති බලතුලනය යටතේ කළ හැකිව තිබූ එකම දේ ඒ නිසා ය.
ඒ සටනට සහය දෙන අතරේම ඇතිවන නව ආණ්ඩුව වල් වැදුනොත් එයට එරෙහිව සටන් කරමු යැයි යන හැගීම අප තුළ තිබුනු බව හා අප එය විවෘතවම ප්‍රකාශ කළ බව අපේ අඩවියට එකල ගොඩ වූවන්ට මතක ඇතුවා නිසැක ය. ඒ නිසැකයෙන්ම එය වඩාත් හොදම විකල්පය ලෙස අප නුදුටු නිසා ය.
අද සරත් එදා පොදු අපේක්ෂක සරත්ට ද වඩා වෙනස් ය.
අප සරත් වෙනුවෙන් අද පෙනී සිටින්නේ මර්දනයේ හස්තය යටතේ මිරිකෙන විපක්ෂයේ පොදු ඉරණම ඔහුගෙන් සංකේතවත් වන නිසා ය.
මාදුළුවාවේ සෝභිත අපට වැදගත් වන්නේ ඒ මර්දනයට එරෙහිව මීක් හඩක් නොනගන මහත්හොරුන් මැද එහිමියන් අභිත හඩක් නැගූ නිසා ය. අභීත යයි කිවේ ආණ්ඩුවට විරුද්ධව සුළැගිල්ලක්වත් ඔසවන අයට වෛරයේ සංග්‍රහයන් ලැබෙමින් තිබෙන නිසා ය.
හාමුදුරුවන් දේශපාලනය කතා කිරීම ගැන අපේ විරුද්ධත්වයක් නැත. එහෙත් ඒ දේශපාලනය ආගමික ගැටුම් අවුලන්නක් නොවිය යුතු යැයි අපි උදක්ම විශ්වාස කරමු. ආගමික සංවාදයන් නරක නැත. එහෙත් ආගමකට විරුද්ධව තවත් ආගමක් ජනතාව උස්ගැන්විය යුතු නැතැයි අපි සිතමු. මේ ටික විශේෂයෙන් ලීවේ ඊයේ අප ගැන විවරණයක් ලියූ ටැබූට ය.
(ඇත්තටම මේ සටහන සදහා හේතුපාඨය සපයන්නේ ද ටැබූගේ විවරණයයි. එහෙත් පොදුවේ මේ මොහොතේ සරත් ෆොන්සේකා ගැන අපේ සම්පූර්ණ මතයම පළ කළ යුතු නිසා මෙය පොදු සටහනක් බවට පත් කළෙමු.)
අපට වැදගත් වන්නේ පුද්ගලයින් නොවේ. ඒ නිසා පුද්ගල වන්දනාවකට අප හවුල්වන්නේ නැත. ඒ අර්ථයෙන්ම පුද්ගලයින් හෙළා දැක්මට ද අප හවුල් වන්නේ නැත. අපට වැදගත් වන්නේ පුද්ගලයා ඒ අවස්ථාවේ කරන ක්‍රියාව ය. එය රටට කොතෙක් හිතකර ද අහිතකර ද යන්න ය.
අප එක්සත් ජාතික පක්ෂය පවතින ආණ්ඩුවට ඇති එකම විකල්පය ලෙස දකින්නේ නැත. ආණ්ඩුවට විකල්පයක ආණ්ඩුව තුළින්ම පහළ වෙනවා නම් අපි වඩාත් කැමති ය. රනිල් ගැන අප ලිව්වේ සුළු වශයෙනි. ඒ ඔහු දුර්වල නායකයෙකු නිසා ය. දුර්වල මිනිසෙකුගෙන් රටට විය හැකි අවැඩ සුළුය. ගැරඩියෙකු වූ රනිල්ට ගල් ගැසීමට කප්පරක් සෙනග සිටිද්දී තවත් එකෙකු ඒ සදහා එක්වීම අවශ්‍ය යැයි අපි කල්පනා නොකෙළෙමු. මේ ගැන අප කලින්ද කීපවතාවක් ලීවෙමු. එහෙත් සමහරුන්ට ඒ සටහන් අහුනොවුනා විය හැකි ය.
අප ජනතා පෙරමුණේ දේශප්‍රේමී දේශපාලනය අනුමත නොකරමු. එහෙත් ජවිපෙ දේශපාලනය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට අපට එය බාධාවක් නොවේ. ඒ ගැන විවේචන ද ඔවුන් විරුද්ධ පක්ෂයට විසිවී ආණ්ඩුවේ මර්දනයට හස්තයට හසූවු පසු අපි සීමා කළෙමු. උන් විවේචනය කිරීමට ආණ්ඩුවත් මාධ්‍ය හොරණෑ රාශියකුත් පැවතුන නිසා ය.
මේ මොහොතේ මේ රට ගැන ඇල්මක් ඇති ඕනෑම කෙනෙකුගේ යුතුකම වන්නේ රාජපක්ෂ පවුල විසින් තමන්ගේ පවුලේ හා පරපුරේ ශුභ සිද්ධිය තකා රටම අදුරට ගෙන යෑමට දරණ උත්සහය හෙළි කිරීම ය. ඊට විරුද්ධවීම ය. ඒ තුළ රටේ ඒකාධිපතිත්වයක් ගොඩ නැගී රට තුළ ප්රජාතන්ත්රවාදය පිළිබද සේයා මාත්‍රයක් හෝ නැතිව යාමේ අනතුර ඇති නිසා ය.
අප විරුද්ධ සරත් ෆොන්සේකා හිරේ යැවීම ගැන නොවේ. බොරු නඩුවක් පටලවා අනීතික ලෙස හිරේ යැවීම ගැන ය.
සරත් ෆොන්සේකා අහිංසක දෙමළ වැසියන්ට මරණය අත්කර දුන්නේ යැයි කියමින් මේ මොහොතේ සරත් ෆොන්සේකා ආණ්ඩුව විසින් හිරේ යැවීම යමෙක් සාධාරණීකරණය කරන්නට තැත් කරන්නේ නම් අපට කියන්නට තිබෙන්නේ එතැන ඇත්තේ ඔල්මාදයක්ම පමණක් බව ය.
ඒ නිසා සරත් ෆොන්සේකාගේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සියලු දේශපාලන බලවේගයන් මේ මොහොතේ අප දකින්නේ අප රටේ වේගයෙන් ස්ථාප්තිත කෙරෙමින් යන ඒකාධිපතිත්වයට එරෙහි ක්‍රියා ලෙස ය. අපි ඒවා ආරක්ෂා කිරීමට කැපවෙමු. ඒ නිසාම ජවිපෙ හා එජාපය මෙන්ම සෝභිත හිමියන් ද වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු. ඒ ඔවුන් ඔලුව උඩ තියාගෙන වන්දනාවට නොවේ. ඔවුන්ගේ මේ ක්‍රියාව වැදීමට ය. ඒ තුළ ප්රජාතන්ත්රවාදයට හුස්ම ගැනීමට පුංචි ඉඩක් හදා ගැනීමට ය.
Clement Peris
October 11, 2010
Gen.SF would have come to politics not after abolishing the Tamils and their sole representative -the LTTE; but just after he has been discharged from the hospital after the suicide attack by the LTTE.That was the moment tht SF should have start of his political life.Now the General is some what too late to reverse the aftermath what he did, just how Beyonn Frame correctly says.If He may gain the public support just like the fiction in’ Gladiator’ (General Maximus) then it will be the end of the Rajapaksha regime. But where is the so called public support?
Clement Peris,
Canada.
මෝඩයා
October 11, 2010
Excellent 😀
beyondframe
October 11, 2010
Canadian Tamils for Fonseka
http://www.dailymirror.lk/index.php/news/7044-canadian-tamils-for-fonseka.html
පද්දා
October 11, 2010
ආයෙත් ටැබුවා බයෙන්ද ප්‍රේමෙට ඇකේ පුරියා නේද?
මළ පෙරේතයා
October 11, 2010
පද්දටත් ඇරගන්න ඕනිද? පොන්සේකා වගෙන් විරුද්ධ වෙයන් එතකොට මදි නොකියන්න ඇර ගන්න පුඵවන්.
Clement Peris
October 12, 2010
If Fonseka could understood what this stuff called politics before entering into the political arena ,he could have become the real hero than that of Prabhakaran.You all have forgotten what Fonseka told to ‘Canadian Post’ in October/2008. Neither Tamil diaspora nor the sporadic movements in (sri)Lanka cannot save Fonseka,because Rajapaksha regime is state and the government in my back home.
Only the anarchist can define the solution to the current problem in (sri)Lanka.
clement peris
calgary.