Browsing All Posts published on »September, 2010«

මඩකලපුවේ පිපිරීම – කර්තෘ කෙනෙකු රහිත නිසාම කර්ම කාරක භාෂාවෙන් ලිවිය යුතු ස්වයං සිද්ධියකි.

September 20, 2010

8

මඩකලපුවේ විශාල පිපිරීමක් සිදුව ඇති අතර එහි පරිමාණය හා ඒ මගින් ඇති කර ඇති කම්පනය බලවත් ය. එය සිදුව ඇත්තේ පොලිස් පරිශ්‍රය තුළ ය. ඒ නිසාම එහි බැරෑරුම්කම අඩුවෙන් තක්සේරු කළ නොහැකි ය. ඒ පිපිරීම සිදුවූ වහාම හමුදා ප්‍රකාශක තැන කීවේ මෙය කඩාකප්පල් කාරී ක්‍රියාවක්වත් දේශපාලන ක්‍රියාකාරිත්වයක්වත් නොවන බව ය. ඒ අනුව ඇත්තටම සිදුව ඇත්තේ […]

දිගින් දිගට කපුටා සුදු යයි කියන්න. ඔබට ඌ සුදු පාට යයි දැනෙනු ඇත්තේ ය.

September 19, 2010

16

18 වෙනි සංශෝධනයෙන් සිදුවුනේ තිබුන ස්වාධීන කොමිසම් සභා අහෝසි කිරීමයි. එහෙත් ඒ වෙනුවට ස්වාධීන පාර්ලිමේන්තු කොමිසම් යෝජිත ය. ස්වාධීන යයි කීවාට ඒවා ස්වාධීන නැත. එහෙත් ස්වාධීන පාර්ලිමේන්තු කොමිසම් සභා යයි දිගින් දිගට කියන විට එය ස්වාධීන බව මිනිසුන්ට දැනෙන්නට පටන් ගනී. දැන් ඇත්තේ දක්ෂිණාංශික ආණ්ඩුවකි. එහෙත් එය වමේ ආණ්ඩුවයක් යයි වාසු සහෝදරයාම කියවන විට එයට […]

මම වෙන කවුරු ළගට යන්න ද දෙවියනේ? – Beyond Frame කතන්දරයක්

September 17, 2010

3

දේව ප්‍රතිමාව ඉදිරියේ දණින් වැටුනු මිනිසාගේ මුවින් පිටවූයේ බලවත් අදෝනාවකි. පුද්ගලයා අදුනාගත නොහැකි තරම් ඈත සිටින කෙනෙකුට වුව ඔහුගේ හැසිරීමෙන් හා නැගෙන අදෝනාවේ ස්ව‍රයෙන් එහි ඇති බරපතල කම හදුනා ගත හැකි වනවා නොඅනුමාන ය. හිස කෙස් කඩා දමමින් ද පපුවට ගසාගනිමින් ද ඔහු සිය කථාව වරෙක වේගවත්ව ද වරෙක නෑසෙන සිහින් ස්වරයකින් ද කියවා ගෙන […]

18ට විරුද්ධ වාසු සටන හයිඩ් පාක් හිදී

September 16, 2010

3

මට වාසු සහෝදරයා මුණ ගැසිණි. විප්ලවවාදී ප්‍රතාපවත් රැවුල තවමත් එහෙමම ය. රැල් බුරුල් ඇර අසන්නට ආ ප්‍රශ්නය කෙලින්ම ඇසුවෙමි. දැන් මේ ඔබතුමන්ලා චන්දය දීලා සම්මත කරගත් ඒත් ඉතා තදින් විරුද්ධත්වය පළ කළ 18 සං‍ශෝධනයට විරුද්ධව අරගලය ආරම්භ කරන්නෙ කවද්ද කොහෙන්ද? මේකයි සහෝදරයා ඔහොම කලබල වේලා විප්ලව කරන්න බෑ. ඔහොම විප්ලවකාරයින්ට ලෙනින් කිව්වෙ ළදරුවලිප්පු කාරයො කියල. […]

දෙවියන් කියන්නේ ඩබල් පගා ගන්නා පගා මරුවෙකි!

September 15, 2010

13

ඒ පිලත් මේ පිලත් මැතිවරණය දිනා දෙන්නැයි දෙවියන් යදිති. දෙවියෝ දෙපිළෙන්ම සප්පායම් වී ‍මැතිවරණය දා මැරයන්ට චන්දය දාගන්නට දී වෙන අතක් බලති. ඡන්දය දිනූ එකා හිතන්නේ දෙවියන් තමන් දෙස බැලු බව ය. අනෙකා හිත‍න්නේ තමන්ගෙන් වුනු අත්වැරැද්දකට දෙවියන් අහක බලන්නට ඇතැයි කියා ය. ගැහැණු ළමයා තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා පෙම්වතාත් කැපුවත් ඕකාට නම් දෙන්නට […]

9-11 න් ඔබ්බෙහි (Beyond 9/11) Beyond Frame අහුලා ගැනීමක්

September 14, 2010

8

ලෝක වෙළද සංකීර්ණයට කඩා වැදුනු ගුවන්යානයේ සුසාන් රෙතික්ගේ සැමියා ද ගමන් කළේය. ඒ දෛවෝපගත සැප්තැම්බර් 11 දා තම සැමියා මිය ගිය ද සුසාන් ඔහු‍ වෙනුවෙන් සාමයේ සුරත ඇෆ්ගන් ජනතාවට දයාද කරන්නට තීරණය කළාය. ඒ තමන්ගේ ආණ්ඩුව ඇෆ්ගනයට එරෙහිව යුද ප්‍රකාශ කරන පසුබිමක ය. ඇය යුද්ධයෙන් වැන්දඹුවන් බවට පත්වූ ඇෆ්ගන් කාන්තාවන්ට ව්‍යාපාරයන් ආරම්භ කිරීමට අතහිත දුන්නා […]

පිටරට දේ ද (හරියට භාවිතා කළ විට) සිරි සැප‍ දේ ය!

September 13, 2010

24

යෝග ක්‍රම මෙන්ම භාවනාව ද ආසියාවේ නිශ්පාදනයන් ය. කරාටේ ජූඩෝ වැනි සටන් ක්‍රම ද එසේම ය. එහෙත් මේ සියල්ල තමන්ගේ දේට ද වඩා ඉහළින් සළකා එයින් වැඩ ගන්නට බටහිර රටවල බොහෝ දෙනෙක් සමත්ව සිටී. ජපානයේ ක්‍රියාත්මක 5 එස් වැඩ ක්‍රමය ද තත්ත්ව පාලන කව ද බටහිර කළමනාකරණ සාහිත්‍යයට එක්ව තිබේ. මාර්ටින් ලූතර් කිං සිය දේශපාලන […]

ආණ්ඩුවට එරෙහිව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු උසාවි යති

September 12, 2010

2

18 සංශෝධනයේ උණුසුමවත් තවම අවසන් නැත. එහෙත් කැබිනට් මණ්ඩලය විසින් කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහකාර පොලිස් අධිකාරී තනතුරු තුනක් පිරිනැමීම අභියෝගයට ලක් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 33 ක් උසාවි ගොස් තිබේ. කැබිනට් මණ්ඩලය පොලිස්පති ආරක්ෂක ලේකම් හා අගමැති මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. මේ පත්වීම 18 සංශෝධනය ගෙන ඒමට මත්තෙන් සිදු කළ එකක් නිසා එය […]

ගස් බැදලා ඉවර ය. දැන් සැරසෙන්නේ එල්ලන්න ය.

September 11, 2010

4

සමහර මාධ්‍ය හැසිරෙන්නේ ඒ අයටත් සරත් ෆොන්සේකාට කළ දෙය කර ගැනීමට ඇති ආසාවෙන් බව ඊයේ සිය පදවියේ නැවතත් වැඩ බාරගත් මර්වින් සිල්වා ඇමතිතුමා කියා තිබුනේ ය. http://www.dailymirror.lk/index.php/news/6459-merv-warns-media.html#comments තමන්ව එල්ලා මැරිම යුක්ති සහගත වන ආකාරයට මාධ්‍යකාරයින් නොහැසිරිය යුතු බවට ද ඒ සමගම එතුමා සදහනක් කර තිබුනේ ය. මෙයින් අපට බැස ගත හැකි එක් නිගමනයක් වන්නේ පුලුවන් […]

මිස්ටර් බීන්

September 10, 2010

22

මිස්ටර් බීන් මනා නිපුණත්වයකින් හෙබි නළුවෙකු අතින් මැවෙන චරිතයකි. හේ අපට අපටම හිනාවෙන්නට උගන්වයි. අපි හිනාවෙන්නේ බීන්ට යයි අප හිතා හිටිය ද අප හිනාවෙන්නේ අපටම ය. අපේම කුඩුකේඩුකම්වලට ය. අමනකම්වලට ය. නොදැනුවත්කම්වලට ය. ඒත් බොහෝ දෙනෙක් බීන්ට හිනාවෙන්නේ අනුන්ට හිනාවෙනවා යයි හිතා ගෙන ය. අප බොහෝ දෙනෙකු අනෙකාගේ දකින්නේ අපේ නපුරු කමේ පිළිබිඹුව ය. අනෙකාට […]