සරසවි පරිපාල‍නයේ කෙළවරක් නැති අර්බුද දිග හැරෙයි

Posted on September 26, 2010



එක් උපකුලපතිවරයෙක් සරසවි ශිෂ්‍යයින්ට පෙම් කරන්නට තහනම් කළේ ය. අනෙකා උන්ට නාට්‍ය බලන්නට හා නාට්‍ය පෙන්වන්නට තිබෙන අයිතිය නැති කළේ ය.

තොපි අපි කියන විදිහට හිටපියව්. නැත්නම් කරන දේ බලාගනිව්. යන මේ උද්ධච්ඡ අස්ථානය සරසවියක පරිපාලනයකට කෙසේ නම් ගැලපේද?

සරසවියක උපකුලපතිවරු පත් ක‍රන්නේ රටේ ලොක්කා ය. 18 සංශෝධනය හරහා බලතල ගත්තේ තමන්ට වෙන කාටවත් වඩා හොදින් පත් කළ හැකි යයි පෙනුන නිසා විය යුතු ය. එහෙත් ඒ පත්වීම දෙස බැලූවිට සිතෙන්නේ අදෝමැයි කියා ය. (18 සංශෝධනයට පෙර පත් කළ ද උපකුලපතිවරුන් පත්කිරීමේ අවසාන බලය ඊට පෙරද තිබුනේ එතුමාට ය.)

සංවේදී කලාකරුවන් දැන් කුමක් කරත්දැයි අප බලා සිටින්නේ සරසවියක නාට්‍යයක්වත් පෙන්වීමට නොහැකි තත්වයට කලා වාරණයන් පනවන රටක් බවට මෙය පත් කළේ උන්ගේ අනුග්‍රහයෙන් නිසා ය.

දැන් ඉතින් කටේ පිට්ටු නිසා කතා කළ නොහැකි යයි කියනවා ඇර කට ඇර යමක් කියන්නට බැරි ය.

රාජිත දිසානායකගේ නාට්‍ය නොබැලුවාට බලන්නට කැමති අයට දුටුගැමුණුගේ වීදි නාට්‍ය තියෙනවා නේදැයි කෙනෙකුට කිව හැකි ය.

ඇත්තටම මේ කලා කරුවන් බොහෝ දෙනෙක් මට නම් දිස්වන්නේ ලණුවක් අග කරණම් පාන වදුරු මාල්ලන් ලෙස ය. නැන්දම්මා බලන්නට යන හැටි පෙන්වන්නටැයි කීවාම උන් ක‍රේ කෝටුව රදවා ගෙන යන හැටි ලස්සණ ය. ‍කන්න‍ දෙන හාම්පුතා කියන්නක් ඌ කරයි. උල තියාගන්නා හැටි පවා පෙන්වයි.

කොළඹින් ගෙයක් ඉඩමක් ලැබේ නම් උල තියාගන්න හැටි පෙන්වන එකත් කජ්ජක්දැයි සමහරු ප්‍රසිද්ධියේම කියන්නේ ඒ නිසා විය යුතු ය.

Advertisements
Posted in: Uncategorized