“සුදු” සරත් ෆොන්සේකා හිරිහැරයකි. “කලු” සරත් ෆොන්සේකා භෞතීස්ම කිරී‍මට ඇති බාධකයකි.

Posted on September 21, 2010



ඇත්තටම ජනතාවට ඕනෑ නැති දේ මතක් කරන සරත් ෆොන්සේකා හිරිහැරයකි. සරත් ෆොන්සේකා ඒ නිසාම බිම දිගේ ඇද ගෙන ගොස් හිරේ දමා හොර උසාවි හරහා වැරදි කාරයෙකු කොට දැන් කලුපාටින් සිත්තම් කිරීමට සියලු කටයුතු යොදා හමාරය.

දැන් සරත් ෆොන්සේකා “කලු” ය.

“සුදු” සරත් ෆොන්සේකා සහිත කටවුට් ඉවත් කර බොහෝ කල් ය.

එහෙත් තවමත් ඔහු යුද හමුදාපති කාලයේ සිටවූ මුල්ගල් තිබේ. ඒවා තුළ සුදු සරත් කලු සරත් පසෙකට තල්ලු කරමින් සිනහවෙයි.

ඒ ඔලොක්කු සිනහව කාලා ඉන්නට බැරි අය විසින් ඔහුගේ නම සහිත සියල්ල හමුදාවෙන් ඉවත් කරනු ලැබ තිබේ. කලු සරත් ඉතිරි කොට සුදු සරත් මරමින් තිබේ.

මුල් ගල් ඉවත් කරන්නේ ඒ සදහා ය. මේ නිමවන නව ඉතිහාසයේ සුදු සරත් කෙනෙක් කවදාවත් ඉද නැත. ඒ වෙනුවට සිට ඇත්තේ උත්පත්තියෙන්ම දේශද්‍රෝහී කලු සරත් කෙනෙකි.

ඔහු හමුදාපති පදවියට පත් කළේ මහින්ද රාජපක්ෂ නොවේ. වෙන ‍කෙනෙකි. මහින්ද නම් සුදු නරපතියා මෙවැනි කලු සෙන්පතියෙකු කිසිදා හමුදාපති කරන්නේ නැත. එහෙම කර ඇත්නම් ඒ වැරදීමකි. ඒ වැරදීම සියලු තරු ඉවත් කොට දැන් නිවැරදි කොට තිබේ. අපේ රට දැන් සුදෝ සුදු වේගන එන්නේ ය.

හෙට පටන් දේශප්‍රේමී අපට “කලු” සරත්ගේ හිරිහැරයෙන් තොරව සැපසේ නිදා ගත හැකි ය.

එවන් නිස්කාංසුවේ සිටිය හැකි අනාගතයක් උදාකරමින් සිටින මහින්ද සුදු නරපතියාටත් එතුමාගේ පරපුරටත් සුභ අනාගතයක් පතමු.

Posted in: Uncategorized